නිසි ප්‍රමිතියෙන් යුත් “ත්‍රීපෝෂ” දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. විවිධ හේතු මත “ත්‍රීපෝෂ” නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුවහොත් දරුවන්ගේ සහ ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය මන්දගාමී වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා. දේශපාලන අර්බුදය පැවැති දින 53 තුල ඖෂධ නිසි පරිදි […]
ශ්‍රී ලංකාවේ මෙතෙක් කලක් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත්ව තිබුනේ නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත්ව තිබෙනවා. නමුත් මේ වනවිට පාසල් විෂය නිර්දේශය සදහා නීති අධ්‍යාපනය ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසා සිටියේ පාසල් වයසේ සිටම දරුවන්ට […]
පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවිම සඳහා වරයා අද(07) මෝල්ටාව බලා පිටත්වුණා. මහා බ්‍රිතාන්‍යයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සමඟ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පුළුල් අනුග්‍රහයක් ලබා දෙන වෙස්ට්මිනිස්ටර් පදනම සමඟ 2019 වැඩසටහන පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා කථානායකවරයා එක්වීමට නියමිතව තිබෙනවා. කථානායකවරයාගේ ඉල්ලීම පරිදි පසුගිය තුන් වසර තුළ පොදු ව්‍යාපාර කාරක සභාවේ කෝප් […]
පෙම්වතා හරි පෙම්වතිය හරි දාලා ගියහම නහයෙන් අඬන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. ගිය ආදරේ මත්තෙම නැහිලා සිය දිවි හානි කරගන්නත් සමහරු පුරුදු වෙලා තියෙනවා.ඒත් එහෙම අහිමි වුණ පෙම්වතියට වස්කවියක් කියන පෙම්වතෙක්ගෙ සිංදුවක් අපිට හම්බ වුණා. සමන් ලෙනින් තමයි මේ ගීතය ගායනා කරන්නෙ. දිල්ශාන් පතිරත්න තමයි පද රචනය කරලා තියෙන්නෙ.
උතුර, සබරගමුව සහ ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කර තිබෙනවා. පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මේ අනුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන් මහතා ද, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් […]
විරාත් කෝලි ප්රමුඛ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (07) නව කි‍්‍රකට් වාර්තාවක් බිහි කළා. ඒ, ඉතිහාසයේ පළමුවරට ඕස්ටේ්රලියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරමින්. දෙරට අතර පැවැති තරග 04 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉන්දියාව අද ජය ගත්තේ 2 ට 1ක් ලෙසයි. ඒ, සිව්වන සහ අවසන් ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි. මෙම තරගයේදී ඕස්ටේ්රලියාවට පිට පිට […]
මෙම වසරේ අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැති කැබිනට් රැස්වීමේදීයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ මාර්තු මස 05 වැනිදා අයවැය ඉදිරිපත් කරන බවයි.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොවක් ගරු කරන ලංකාවෙ අපිත් ජාති භේදයකින් තොරව ආදරය කරන චරිතයක් ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන බව සියත 24 අපට අභ්‍යන්තර දේශපාලන ආරංචි මඟින් දැනගන්නට ලැබුණා. ඒ නුවරඑළියේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්. මේ වන විට නුවරඑළියේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල චරිත දෙකක් වන්නේ තොණ්ඩමන් මන්ත්‍රීවරයා සහ දිගම්බරන් ඇමතිවරයායි. නමුත් ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වෙමින් මේ […]
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව මෙතෙක් එක් මැතිවරණ කොට්ඨාසයක සංවර්ධන කටයුතු වෙනුවෙන් ගම්පෙරළිය යටතේ වෙන් කෙරුණු රුපියල් මිලියන 200 වෙනුවට 2019 වසරේ සිට රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් මෙම වසර තුළ රුපියල් මිලියන 48,000ක් වෙන් කෙරේ. […]
බත්තරමුල්ලේ පවතින ස්වාධීන රූපවාහිනී සේවා පරිශ්‍රයේ උණුසුම්කාරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා..එය පාලනය කිරීම සඳහා පොලීසියද එම පරිශ්‍රය තුළට කැඳවා ඇති බව වාර්තා වෙනවා.
ලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව වර්තමාන ජීවත් වූ අලි රංචුවේ සංඛ්‍යාව අද වන විට තුන් දෙනෙක් දක්වා පහත වැටී ඇති අතර අදට දැක ගැනීමට හැකියාව ඇත්තේ පිරිමි අලි දෙදෙනෙකු පමයි. තුන් වැනි අලියාට සිදු වූ දෙය අදටත් අභිරහසක්. ගම්වාසීන්ගෙන් දැන ගැනීමට හැකි වූයේ වෙඩි පහරකට ලක්වූ අලියාගේ ලේ තැවරුණු තැන් කිහිපයක් පමණක් අවසන් වරට දැක ගැනීමට […]
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා එක්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඔහු එක්වූ පළමු අවස්ථාව මෙය වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එම සභා රැස්වීමට එක් වුණා. මෙහිදී උපරිමාධිකරණවල පුරප්පාඩුවී පවතින විනිසුරු ධූර හතරක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ නම් සඳහා අනුමැතිය ලැබිණා.