පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ නාමයන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යළිත් හිමිව තිබෙනවා. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ජනාධිපති විසින් යොමු කරන ලද නාමය සඳහාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවි තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක […]
ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් තක්ෂිලා ලක්මාලි නැමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කරනු ලැබුවා. කිසිදු ආකාරයක නිසි කරුණු හෝ නීතිමය පදනමකින් තොරව මෙම පෙත්සම ගොනු කර තිබෙන බැවින් එම පෙත්සම ගොනු කළ පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක මුදලක් නඩු ගාස්තු ලෙසට රජයට ගෙවන […]
හෙට දින (08) පැවැත්වෙන 03 වන එක්දින තරගයේදී ශ්‍රි ලංකා සහ නවසීලන්ත කණ්ඩායම්වල වෙනස්කම් කිහිපයක්ම සිදු වනු ඇතැයි කී‍්‍රඩා මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායමට දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර එක්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ඒ, අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්න වෙනුවටයි. එමෙන්ම හෙට දින තරගය කුසල් මෙන්ඩිස්ට ද ලකුණු අතරට පැමිණිය […]
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම අද (07) දිනයේ පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන්නේ සෑම සතියකම අගහරුවාදා දිනයේයි. නමුත්, හෙට (08) දිනයට නියමිත විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙන් අද දිනයේ කැබිනට් රැස්වීම පවත්වන බව අමාත්‍ය දයා ගමගේ ප්‍රකාශ කළා. ඉදිරි මැතිවරණ පැවැත්වීමේ සූදානම පිළිබඳව ද මෙහිදී විමසීමක් කළා. එහිදී ” ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අද […]
ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්කම් දක්වා තිබෙනවා.කොළඹ කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් සැරසන් කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කඩුලු 10 ම ලකුණු 37කට දවා ගැනීමට මලින්ද සමත්විය. නව පන්දුවෙන් පන්දු […]
මැලේසියාවේ 05වන සුල්තාන් මුහම්මද් රජු සිය කිරුළ අත්හැර තිබෙනවා. මැලේසියානු රජෙකු සිය කිරුළ අතහැරි පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වෙනවා.මීට වසර 60කට පමණ පෙර මැලේසියාව, බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ අතර මේ වනතෙක් එරට කිසිඳු රජෙකු මෙලෙස සිය කිරුළ අතහැර නැහැ. කෙසේවෙතත් මැලේසියාවේ රාජකීය මාලිගය මෙතෙක් රජුගේ ඉල්ලා අස්වීමට හේතු සඳහන් කර නැතත් මුහම්මද් රජුගේ පෞද්ගලික […]
මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ යන කලාකරු දෙපලගේ 35 වැනි විවාහ සංවත්සරය නිමිත්තෙන් ඔවුන් යළි විවාහ ඇඳුමින් සැරසී වීඩියෝවක් මාධ්‍ය වෙත පල කර තිබෙනවා. එම වීඩියෝව පහතින් දැකගත හැකියි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිතව තිබෙනවා. එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි මාධ්/ය වෙත කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අයවැයේදී ආණ්ඩුවට සහය […]
කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඊයේ(06දා) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරා. එසේම ඉදිරියේදී එන ජනපතිවරණයටත් එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ඔහු පිළිබඳව ඉඟියකුත් මෙහිදී මන්ත්‍රිවරයා ලබාදුන්නේය. “ලබන සැරේත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. මේ සම්බන්ධව සොයා බැලීම සඳහාා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වී තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන් දෙදෙනාගේ බිරින්ඳෑවරුන් අතර මුලින්ම මෙම මත ගැටුම ආරම්භ විය.
තමන් යළි කිසිදිනෙක අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (06දා) පැවති මාධ්‍යය හමුවකදී ප්‍රකාශ කරා. තමන් ඉගෙන ගත් නිදහස් අධ්‍යාපන ක්‍රමයට, පාසල්වලට හෝ විශ්වවිද්‍යාලවලට අගෞරවයක් වීමටඉඩ නොතබන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. රජයේ පාසල්වල විභාග ප්‍රතිඵල සමග ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල ඒකාබද්ධ කිරීමෙන් […]
මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අවුරුදු 10ක් ගතවි තිබුණත් එහි වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපොහොසත් වී තිබෙන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා ප්‍රකාශ කරනවා. එසේම මේ පිළිබඳව කරන විමර්ශන වලට අදාළව වගකිව යුත්තන්ට වහාම පියවරක් ගන්නා ලෙස තමන් සඳහන් කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා. සිය ට්විටර් ගිණුමට අදහස් […]