News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

නුවර ගින්න ගිනි තැබීමක්ද…? ගින්නට මැදි වූ රාමරාජ් හෙළිකල සම්පූර්ණ විස්තරය

Generic placeholder image

ඊයේ නුවර නගර මධ්‍යයේ සිදුවූ ගිනිගැනීමේ සිද්දිය හිතාමතා සිදු කර සිදුවිමක්දයි සැකයක් මතුව තිබෙනවා. ගින්නෙන් සිය දරුවන්ගේ සහ බිරිදගේ ජිවිත බේරාගත් අභීත පිය සිදුකල සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්..


Jan
9

රජයේ සේවකයින්ගේ පඩි වැඩි කිරීමට සැරසෙයි

Generic placeholder image

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වැටුප් වැඩිවිම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.රජයේ පහළම ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහළ යෑමට නියමිත අතර ඉහළම ශ්‍රේණියේ සේවකයාගේ වැටුප රුපියල් 10000කින් ඉහළ යෑමට නියමිතය. මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ 2015 ජනවාරි මාසයේ සිට […]


Jan
9

කාලිංග ඉන්දතිස්ස නීතිඥ සංගම් නිලවරණයට

Generic placeholder image

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගම් නිලවරණයේදි සභාපති තනතුරට තරග කිරිමට තීරණය කර තිබෙනවා. නීතිඥ සංගම් නිලවරණය පෙබරවාරි මාසයේදි පැවැත්විමට නියමිතව තිබෙනවා. ඉන්දතිස්ස මහතා ඉදිරියේදි සිය නාමයෝජනා ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.


Jan
9

දඩ කාලා නෙතු හොයාගත්ත පොලිස් පෙම්වතා

Generic placeholder image

නෙතු මේ දවස්වල අලුත් වෙනසකට ලැහැස්ති වෙනවා නේද? ඔව්. සාමාන්‍ය විදියට කලා කටයුතුත් කරගෙන යන අතරේ ජීවිතේ සිද්ධ වෙන්න යන වෙනසටත් ලැස්ති වෙනවා. ජීවිතේ වෙනස් වෙන්නත් ඕනෙනේ. ජනවාරි මාසේ මගේ විවාහ උත්සවය නිසා ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල මහන්සි වෙන්නේ. නෙතුගේ හිත ගත්ත ඒ කෙනා කවුද? එයාගේ නම නුවන් ජීවන්ත. මගේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි එයා. […]


Jan
9

විදෙස් රටකදී හිතගත්ත කෙනා එක්ක ශානිකා දීග යන්න යයි

Generic placeholder image

කොහොමද ඉතින් ජීවිතේ වරදක් නෑ. සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඊට අමතරව මේ මාසේ අලුත් ගීතයක් රසිකයන් අතරට ගේන්න වැඩ කටයුතු කරගෙන යනවා. කාලයකට පස්සේ නේද ශානිකාගේ ගීතයක් රසිකයන් අතරට ගේන්න සූදානම් වෙන්නේ? ඔව්. මම මගේම සින්දුවක් නොකර හිටියේ මම කලින් කරපු ගොඩක් ගීත එක දිගට රිලීස් වුණා. සමහර ගීත කාලයකට කලින් කරපු ගීත. ඒ ගීත […]


Jan
8

බලයක් නැති ‌‌ගොළුබෙල්ලන් විකුණන අයට නීතිය ඕන

Generic placeholder image

සැපසම්පත් ලැබෙන බවට බොරු ප්‍රකාශ කරමින් කිසිම බලයක් නොමැති ගොළුබෙල්ලන් විකුණන පුද්ගලයින් පිළිබඳව තවදුරටත් නීතිය ක්‍රියාක්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරා. එසේම ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින් මෙවැනි බොරු සමාජ ගතකිරීමට කටයුතු කරන කලු මාධ්‍ය වලල්ලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසුයේ අද දින (08දා) පාර්ලිමේන්තුවේදීය. වාලම්පුරි බව පවසමින් […]


Jan
8

එජාප මන්ත්‍රීන්ගේ ගැටලු විසඳන්න කමිටුවක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීමට කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කොට තිබෙනවා. අද (09දා) පැවති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත. එහි සෙසු සාමාජිකයන් ලෙස පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රංජිත් මද්දුම බණ්ඩාර, නවීන් දිසානායක යන මහත්වරුන් පත් කර තිබෙනවා.


Jan
8

වෛද්‍ය නරේන්ද්‍ර පින්තු මහතා ”සාර්ක් කලාපයේ ශල්‍ය ග්‍රන්ථය” සම්මානයෙන් පිදුම් ලබයි

Generic placeholder image

සාර්ක් කලාපයේ ශල්‍ය ග්‍රන්ථ සම්මානය ඉන්දියාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේදී , එම්.බී.බී.එස්. එම් එස් (ශ්‍රී ලංකා) FCSSL ගෞරව  FRCS(Eng) , FCPS Edin(adham) , FCPSP (ගරු පකිස්ථාන)  , FCSI (ගරු ඉන්දියාව) යන ගෞරව උපාධි ලත් , නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හිටපු ජේෂ්ඨ විකලාංක සහ හදිසි අනතුරු ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්තු […]


Jan
8

වැලිකඩ සිද්ධියට හිටපු බන්ධනාගාර අධිකාරී ළමාහේවා යළි රිමාන්ඞ්

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා අද දින (08) යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. සැකකරු ලබන 22 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා.


Jan
8

විපක්‍ෂ නායක ධුරය ගැන කතානායකගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට

Generic placeholder image

විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතාගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරියි. එහිදී ප‍්‍රකාශ කෙරුණේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවයි.


Jan
8

ධීවරයින්ට සහ නාවිකයින්ට අනතුරු ඇඟවීමක්

Generic placeholder image

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ද සුළගේ වේගය වැඩිවිය හැකි බවටයි මෙමගින් අනතුරු අඟවා තිබෙන්නේ. මෙම මුහුදු ප‍්‍රදේශවල සුළෙගේ වේගය පැයට කිලෝමීටර් 50ක් […]


Jan
8

පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදීම විවාද

Generic placeholder image

2019 නව වසර සඳහා පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනය වන අද (08) තානාපති වරප‍්‍රසාද පිළිබඳ විවාදයක් පැවැත්වීමට නියමිතයි. කල් තැබීමේ විවාදය ලෙස වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමද අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්කරනු ලැබ ඇත්තේ […]


News Articles
Latest Videos
Most Popular Post