රට තුල පවතින දේශපාලන අර්බුදය දින 7 කින් අවසන් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මීට සුලු මොහොතකට පෙර මේ බව ප්‍රකාශ කළේ තීරණය රට වෙනුවන් තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින්.
අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත. අද පෙරවරුවේ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ජනපතිවරයා මෙම […]
ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. මෙම දුම්රිය එංජිමද ඉන්දියාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා තිබේ. මීට පෙර ඉන්දියාවේ නිශ්පාදය කළ S13 බලවේග කට්ටල දුම්රියද පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වීය.
මේ වන විට රටේ ඇතිව තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා දැන්වත් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමසදාස මහතා පවසනවා. අද පෙරවරුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ආසන්නයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා. ” මේ දඟලන්නේ නීතිය ඉහළට ගේන්නද? මේ දඟලන්නේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය රකින්නද? දේශපාලකයන් මේ රටේ තාවකාලික භාරකරුවන් පමණයි. දේශපාලඥයන් […]
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළැයි විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුව දිනපතා විභාග කිරීමට එම අධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව ලබන වසරේ ජනවාරි 22 දා සිට අදාළ නඩුව දිනපතා විභාග කිරිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් අද සිට විභාගයට ගැනෙනවා. ඒ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ. මෙය ලබන 06 වනදා දක්වා විභාගයට ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් විසිනුයි මෙම පෙත්සම් ගොනු කර තිබුණේ. මීට […]
වව්නතිව් පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු හිටපු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. සැකකරු වයස අවුරුදු 40ක් වන කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් යන කරයාකන්තිව් කන්නන්කුඩා ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.මේ අනුව මෙම සිද්ධියට අදාළව මොහු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට […]
ඊයේ දිනයේ මහින්ද රාජපක්ෂගේ අගමැති ධූරය සහ ආණ්ඩුවේ ඇමති ධූර වලට එරෙහිව ලබා දුන් උසවි නියෝගයේ පණිවුඩය එක්සත් ජාතික පෙරමුණු ගාල්ල ජන රැලිය අවස්ථාවේදී ලැබෙන චම්පික රණවක එය පක්ෂිකයන්ට කියමින් ජය සමරන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාල තුල හුවමාරු වෙමින් පවතිනවා. ඔබ පහතින් දකින්නේ එම වීඩියෝවයි.
රනිල් වික්‍රමසිංහගේ රජයේ හිටපු සියලු ඇමතිවරු හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරන බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම සහ පසුගියදා පත්කළ කැබිනට් මණ්ඩලය තහනම් කරමින් අධිකරණයෙන් තීන්දුවක්දී තිබෙන බවත් පෙර තිබූ ඇමතිධූර රජය එලෙසම පවත්වාගෙන යන බවත් රාජිත සේනාරත්න ඊයේ ගාල්ලේදී පැවසුවා. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කර තිබූ යුක්තියේ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුවක් අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ තීරණය රට වෙනුවෙන් යන තේමාව මුල්කරගනිමින්. එහිදී ජනාධිපතිතුමන් විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. මේ විශේෂ සමුළුව අද දහවල් 1ට ආරම්භවීමට නියමිතයි.
“අපි කලබල වෙන්න ඕන නැහැ මහින්ද මහත්යාගේ කේන්දරේ තවමත් හරිම බලවත් . එතුමාට රාජ යෝගය මැරෙන කල් නළලේ කොටල තියෙනවා. මගේ කොටල තියන්නේ සිකුරු යෝගයයි . පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම බදුල්ල නිව්ටුවරිස්ට් හෝටලයේදී ඊයේ පැවැති පොහොට්ටුවේ පාක්ෂික හමුවකදි මේ බව පැවසුවා. එහිදි වෙල්ගම මෙසේද කියා සිටියේය. “හම්බන්තෝට වරාය ,චීනුන්ට විකුණනවාට අපි විරුද්ධ උනාම එදා ඒ […]
කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවත් ඒ වෙනුවෙන් අද (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලා.මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ නිවේදනයේ මෙසේද සඳහන්වේ., කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා […]