පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් සිටින බවත් තේරීම් කාරක සභාවට නියෝජිතයන් 12ක් අතුළත් හෙයින් අවම වශයෙන් එක් පක්ෂයකට තේරීම් කාරක සභාවේ ආසනයක් ලබා ගැනිමට අවම වශයෙන් මන්ත්‍රීවරු 19ක් සිටය යුතු බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයට තේරීම් කාරක සභාවේ ආසනයක් හිමිවිය නොහැකි බවද ඔහු සඳහන් කළා. […]
ඊයෙ එළියට ආපු ලස්සනම ලස්සනම සිංදුවක් තමයි යශෝරාවි කියලා කියන්නෙ. ගොඩක් අය මේ සිංදුව ගැන කතා වුණා. ඒ කාලෙකින් ආපු හදවතට දැනෙන සිංදුවක් කියලා. සිංදුව ගායනා කරන්නෙ වගේම මේ සිංදුව ලියලා තිබ්බෙ නිලුපුල් චාමිකර. මෙලඩි එක රූප් කුමාර්ගෙ. ඒ වගේම මේ සිංදුවේ මියුසික් කරලා තිබුණෙ දිලුම් නුරාධ (D.Nuradha) ඒ සිංදුව ඔයාට පහතින් දැකගන්න පුළුවන්. https://www.youtube.com/watch?v=v_ysc7LNwWg
මාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර සිසුවා මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙන බව සියත 24 අප වෙත වාර්තා වුණා.
පොලිස්පතිවරයා ප‍්‍රමුඛ පොලිස් ප‍්‍රධානීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ දහවල් 12.00ට මෙම රැස්වීම ආරම්භ වෙන බවයි. රට තුළ නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වනවා.
මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) රුපියල් 181 සීමාව ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 181.54ක් ලෙසත් ගැනුම් මිල 177.59ක් ලෙසත් දැක්විණි
මෙරට ව්‍යාපාරිකයන් විසින් විදේශයන්හි රඳවා තිබෙන මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධන බදු විමුක්ති පැකේජය නමින් සහන පැකේජයක් හඳුන්වාදෙන බව ආයෝජන ප‍්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) ප්‍රකාශ කළා. එම මුදල්, මුදල් අමාත්‍යංශය විසින් අනුමත කරන ව්‍යාපති සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව සළසා දෙන බවත් අමාත්‍යවරයා කීය. එලෙස ආයෝජනය කරනු ලබන […]
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 122 ක් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ අනුව මෙම පෙත්සම සළකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල […]
හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. එසේම බැඳුම්කර වංචාව අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. කොළඹදී අද දින පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා ‘ගෙදර […]
එදිනෙදා දුම්රියේ ගමන් කරන මගීන් 65000 කට අධික පිරිසකගෙන් සමන්විත දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය දේපල සහ දුම්රිය සේවය පිළිබදව මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කරමින් දුම්රිය ස්ථාන අවට හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරීම අරමුණ කොටගෙන පවත්වනු ලබන ” Green Island” වැඩසටහනේ තවත් අදියරක් පසුගිය 22 දින උතුරු කළුතර දුම්රිය ස්ථානයේදී සාර්ථකව පැවැත්විණ. […]
මාතර ඇල්වේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී පසුගිය 24 වැනිදා උසස් පෙළ සිසුවෙකුව තවත් සිසුන් පිරිසක් විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. අපරාධය සඳහා යොදාගත් මෙම යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන […]
නීති විරෝධී ලෙස ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් සමග හතර දෙනෙකු අද යාපනයේ වැල්වෙට්ටිතුරේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා සහ තවත් තුන් දෙනෙකු කේක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් වැල්වෙට්ටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට […]
ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගමක් මඟින් නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට යෑවු බවට හිටපු ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකුට චෝදනා එල්ල වී තිබෙන බවට පළවූ මාධ්‍ය වාර්තා සනත් ජයසූරිය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිටපු ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබුණේ තමන් පුවක් හා […]