නව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ වන්නේ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරනු ඇති බවට වර්තාව වන තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සිය […]
ඉඳුනිල් අන්දරමාන තමන්ගෙ උපන්දින සාදය සමරලා තිබුණෙ මේ විදිහටයි.
කොට්ටාව අධිවේගී පිවිසුම්මෙහි පිටවීම් මංතිරුවේ විශාල වාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට කොට්ටාව පිටවීම මගහැර අතුරුගිරිය සහ කඩුවෙල පිටවීම් භාවිතාකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
ලොව ප්‍රථම වතුර යට සුපිරි හෝටර් සංකීර්ණය මාලදිවයිනේ ඉදි කර තිබෙනවා. මේ එහි ඡායාරූපයයි.
ලබන 14 වැනිදාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමෙන් පසු මීළඟ අර්බුදය හට ගන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බව, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අද පවත්වන රැළියෙන් පසු තම ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු එකතුවන බවයි.
කතානායක කරූ ජයසූරිය මහතා පක්ෂග්රාහීව කටයුතු කරන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා චෝදනා කරනවා, ඔහු මේ බව සදහන් කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම කොල්ලුපිටිය පොලිසියට භාර වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. එලෙස භාරවීමෙන් පසු ඔවුන් දෙදෙනාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමත් සමග අද නොසන්සුන්තාවයක් හට ගත්තා. ඔවුන් දෙදෙනා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් තේරීපත් වූවන්.එම මන්ත්‍රී දෙපළ විපක්ෂයේ අසුන්ගැනීමත් සමඟ සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සභාව විනාඩි 15කට කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතා තීරණය කර තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සුපිරි වැටුපක් ලබා ගත්තද මාස කිහිපයකින්ම සේවයට වාර්තා නොකල පුහුණුකරුවෙක් ගැන ආර්.ප්‍රේමදාස පිටියේ මැක්ස් පුහුණු පාසලෙන් ආරංචි වෙනවා. සේවයට වාර්තා නොකලත් පසුගිය දවසක ක්‍රිකට් ආයතනයෙන් සිදුකල වැටුප් වැඩිවීමද මේ පුහුණුකරුට හිමිවී තිබිම විශේෂත්වයක්. මේ පුහුණුකරු ශ්‍රී ලංකා අන්තර්ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග කිහිපයකටද සහභාගී වී ඇති ක්‍රීඩයෙක් බවයි වැඩිදුරටත් ලැබෙන ආරංචි […]
රටේ මේ වන විට පවතින දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් කථානායකවරයා මාධ්‍ය නිවේදනයක් එල්ල කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැකගත හැක. අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්රජාතන්ත්රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව […]
ඉදිරි දින දෙක ඇතුළතදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකිරීම සඳහා එක්වීමට ඇති ඉඩකඩ තිබෙන බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වූ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පෙරේදා 3 දා පවසා තිබෙනවා. තමන් මුලින්ම කවරකුටවත් සහාය නොදක්වා සිටීමට සූදානමින් සිටියත් පළාතේ ජනතාවගේ ඉල්ලීමත් පළාත් සංවර්ධනය කිරීමටත් අවස්ථාවක් […]
ඊයේ වන විට පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂ වලට බලය ලැබී තිබුනේ පහත ආකාරයෙන්. ආණ්ඩු පක්ෂය -105 එක්සත් ජාතික පෙරමුණ – 98 දෙමළ ජාතික සන්ධානය – 15 ජනතා විමුක්ති පෙරමුණ – 06