News Line| Off Air
Generic placeholder image

Oct
27

කතානායකවරයාගේ විශේෂ නිල නිවේදනය මෙන්න – Update

Generic placeholder image

කතානායකවරයාගේ විශේෂ නිල නිවේදනය පහතින් දැක්වේ.


Oct
27

පාරමී කෙන්යාවට

Generic placeholder image

ආර්ජටිනාවේ ප්වති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකර ගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කෙන්යාවේ මාස 3 ක පුහුණුවක් ලබාදීමට සූදානම්. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ඇය කෙන්යාව බලා පුහුණුවට යාමට සූදානම්


Oct
27

රවුෆ් හකීම් සහ රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් – Update

Generic placeholder image

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වේ.


Oct
27

ඒකාබද්ධය තව සුළු මොහොතකින් රැස්වෙයි – Update

Generic placeholder image

ඒකාබද්ධය තව සුළු මොහොතකින් රැස්වීමට නියමිතයි.


Oct
27

අවුරුදු ගාණක් පරණ මිනිස්සු නැවත ඉපදිලා – PHOTO

Generic placeholder image

මේ ලෝකෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවනෙ. අපිට වුණත් අහම්බෙන් ඒ වගේ එක මුහුණුවර තියෙන අය දකින්නට ලැබෙනවා. ඒත් එහෙම එකවගේ කියන අයගෙ මූණු හරියටම ඒ විදිහටම පිහිටන්නෙ කලාතුරකින්. නිවුන් සහෝදරයො වුණත් ඒ අයගෙ යම් යම් වෙනස් කම් තියෙනවා. ඒත් මේ මුහුණුවර නම් අනිත් ඒවට සාපේක්ෂව එකවගේ කියලා කියන්න පුළුවන්.


Oct
27

නිවාඩු සියල්ල අවලංගුයි – විශේෂ නියෝගයක්

Generic placeholder image

වහාමා ක්‍රියාත්මක වන පරිදි සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. මේ බව් සඳහන් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතායි.


Oct
27

මහින්දගේ දිවුරුම් දීමේ සැමරීම – VIDEO සහිතයි

Generic placeholder image

රටේ දේශපාලන උණුසුම දෙගුණ තෙගුණ කරමින් ඊයේ මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දුන්නා. මේ ඒ මහතාගේ තම දිවුරුම් දීම සමරූ අයුරු දැක්වෙන වීඩියෝ පටයක්.   https://youtu.be/rOXhnw7uyh0


Oct
26

රජයේ මාධ්‍ය ආයතන තුලට මැරයින් කඩා පනියි – ජනමාධ්‍ය ඇමති

Generic placeholder image

ජාතික රුපවාහිනිය සහ ලේක් හවුස් ආයතනය තුලට මැරයින් කඩා පැන එහි සේවකයින්ට තම රාජකාරී සිදුකරගෙන යාමට ඉඩ නොදෙන තත්ත්වයක් මේ වන විට උද්ගතවී ඇති බව ජනමාධ්‍ය හා මුදල් ඇමති මංගල සමරවීර ප්‍රකාශ කර සිටියා. ” අපි මේ මොහොතේදී විශ්වාස කරනවා පොලිසිය සහ යුධ හමුදාව අවශ්‍ය පියවර ගනු ඇතැයි කියලා” ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියා. මේ […]


Oct
26

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහින්ද පිලට – තවත් එජාපෙ 30කට ආසන්න පිරිසක් එනවලු…?

Generic placeholder image

නියෝජ්‍ය කතානායක, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරනවා. එසේම ඉදිරියේදී තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙන බවට ඔහු කියා සිටියා. ඒ පිරිස ආසන්න වශයෙන් 30කට කිට්ටුවෙනු ඇති බවයි නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ.


Oct
26

තාමත් බහුතරය මා ගාව – රනිල් වික්‍රමසිංහ මාධ්‍ය අමතමින් කියයි

Generic placeholder image

තමන් තවමත් අගමැති බව රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ සිට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියා. “ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බැහැ. මාව ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ මට එරෙහිව විශ්වාස භංගයක් ගෙන්න ඕනේ. නැත්නම් මම ඉල්ලා අස්වෙන්න ඕනේ ඒ විදිහටයි මාව අගමැතිධුරයෙන් ඉවත් කරන්න ඕනේ මම පාර්ලිමේන්තු විශ්වාසභංගය පරාජය කළා. වෙන කාට හරි පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා […]


Oct
26

ජනපති මෛත්‍රී රනිල් වික්‍රමසිංහට යැවූ ලිපිය මෙන්න

Generic placeholder image

තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම් මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.


News Articles
Latest Videos
Most Popular Post