ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දරුණු ලෙස පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා රුපියල අද දිනයෙත් තවදුරටත් අවප්‍රමාණය වෙලා තිබුණා. ඒ අනුව මහ බැංකුව නිකුත් කරපු විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 173.38ක් ලෙසයි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේදී ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය ලෙස වාර්තා වෙනවා. මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල 169.49ක් ලෙස […]
ebay ක‍්‍රමවේදය හරහා විදේශයන් හී සිටින පාරිභෝගිකයින් සඳහා භාණ්ඩ අපනයනය කිරීමට ශ‍්‍රී ලංකික ව්‍යාපාරිකයින්ට අවස්ථාව හිමිවී තිබෙනවා මෙතෙක් කලක් මෙම ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදය හරහා ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ඍජුවම භාණ්ඩ ශ‍්‍රී ලංකාව වෙත ආනයනය කිරීමේ හැකියාව පැවතුනද භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාවක් පැවතුනේ නැහැ මෙම නව ක‍්‍රමවේදය හරහා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව ව්‍යාපාරිකයින් සඳහා භාණ්ඩ අපනයනය […]
සුසන්තිකා ජයසිංහ මව්බිමට අභිමානයක් ගෙන දුන් ක්‍රීඩිකාවක් කියන එකේ සැකයක් නෑ. ආසියාවේ කළු වෙළබ වුණ සුසන්තිකාට ලාංකික ජනතාවගෙන් ලැබුණෙ ලොකු ආදරයක්. ඒත් පහුගිය දවස් වල නම් සුසන්තිකා සම්බන්ධයෙන් ප්‍රචාරය වුණ කතා බස් නම් ඒ තරම් හොඳ නැහැ. ලංකාවට තවත් කීර්තියක් ගෙන ආපු පාරමී සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයක් නිසා සුසන්තිකා විවිධ අයගේ චෝදනා වලට ලක් වුණා. සමහර […]
එංගලන්තයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට 27 වෙනි සෙනසුරාදා පැවැත්වීමට සියල්ල සූදානම්. තරඟාවලිය පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. තරඟාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය මෙසේයි. කණ්ඩායම් නායක – තිසර පෙරේරා දිනේෂ් චන්දිමාල් නිරෝශන් දික්වැල්ල කුසල් ජනිත් පෙරේරා කුසල් මෙන්ඩිස් ධනංජය ද සිල්වා දසුන් ශානක කමිඳු මෙන්ඩිස් ඉසුරු උදාන ලසිත් මාලිංග දුෂ්මන්ත චමීර අකිල ධනංජය කසුන් […]
ඊයේ දවසේ සියත අපි වාර්තා කරපු පුවත් අතර තිබ්බ පුවතක් තමයි ඉන්දියාවේ සිද්ද වෙච්ච දුසේරා අනතුර. ඒ අනතුරෙන් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මියගියා. මේ දුසේරා කියන නමින් ඉන්දියානුවන් හදුන්වන්නේ රාවණ රජතුමාගේ පිළිරුවක් ගිනිතබා විනාශ කිරීමයි. මේක වාර්ෂිකව ඉන්දියාවේ පවත්වන උත්සවයක්. කොහොම හරි මේ විදිහට ඊයේ දවසේදීත් පැවැත්වුණ දුසේරා උත්සවයකදි මේ පුද්ගලයින් මියගියේ දුම්රියක ගැටීමෙන්. මේ […]
කන්තාවකට අමානුෂික විදිහට පහරදුන් තමිල්නාඩු ප්‍රන්තයේ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. මේ මන්ත්‍රීවරයා රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් ඇතුලෙදි කාන්තාවකට පහර දෙන දර්ශන මේ දවස් වල ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරනවා. පහර කෑමට ලක් වෙලා තියෙන්නෙ මේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයෙ අයිතිකාරියටයි. ඇය මේ මන්ත්‍රීවරයාගේ දිගු කාලීන මිතුරියක්ලු. මුදල් ලබාදීමේ ප්‍රමාදයක් මත මේ පහර දීම සිදු […]
කුසල් මෙන්ඩිස් කියන්නෙ මේ වෙනකොට ක්‍රිකට් පිටියෙ ටිකක් පසුබෑමකට ලක් වෙලා ඉන්න ක්‍රීඩකයෙක්. කුසල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් ඕනි කියලා තමන් හිතන බව හිටපු නායක මහේල ජයවර්ධන කියනවා. කුසල් දිගින් දිගටම අසාර්ථක වීම සම්බන්ධයෙන් තමයි මහේල තමන්ගෙ ටුවිටර් ගිණුමෙ මේ බව සඳහන් කරලා තිබුණෙ. කුසල් දක්ෂ ක්‍රීඩකයෙක් බවත් හැම ක්‍රීඩකයෙක්ම මුහුණ දෙන අමාරු කාලෙ කුසල් […]
මහත්වරුන්ගේ ක්‍රීඩාව විදිහට හඳුන්වන ක්‍රිකට් බුකිකරුවන්ගේ අතට පත් වෙලා තියෙන බව දිගින් දිගටම මාධ්‍යයෙන් විවේචන එල්ල කරනවා. ක්‍රිකට් පාලයන වෙන්නෙ ඉන්දීය බුකිකරුවන්ට ඕනි විදිහට කියලත් කතා පැතිරෙනවා. ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් වෙන මහේන්ද්‍ර සිං දෝනි , සුරේෂ් රයිනා කියන ක්‍රීඩකයින්ටත් තරඟ පාවා දීමේ චෝදනා එල්ල වුණත් ඒ පරීක්ෂණ යට ගැසූ බවට කතාවක් පවතිනවා. තරඟ පාවා දීමේ […]
තුර්කි කාර්යාලයට ඇතුළු වීමෙන් අනතුරුව සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක් වූ බව පිළිගෙන තිබෙනවා. සෞදි අරාබිය පවසන ආකාරයට ජමාල්ගේ ඝාතනය තමන්ගෙ අතින් සිදු වුණ බරපතල වරදක්. සෞදි ඔටුන්න හිමි කුමරු ම සම්බන්ධව කිසිවක් නොදන්නවා කියලයි සෞදි විදේශ අමාත්‍ය ඇඩෙල් ජුබියර් අවධාරණය කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කලේ කෂෝගි ඝාතනය වූ අයුරු හෝ සිරුර තිබෙන ස්ථානයක් […]
දැනට ලංකාවෙ වාහන අලෙවිකරුවන්ගෙ ගබඩා අංගනවල වසර පහකට විතර සෑහෙන්න වාහන තොගයක් ගාල් කරලා තියෙනවා කියලා රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා. ලංකාවේ ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් වාහන වෙළෙඳපොළ ගැන කරපු අධ්‍යනයකින් මේ තත්ත්වය අනාවරණය වෙලා තියෙනවා. මේ රටට අවුරුද්දකට ඕනි කරන වාහන අවශ්‍යතාවය 45,000 ක් වගේ වෙනවා. මේ වෙනකොට රටට ආනයනය […]
කලින් දැනුම් දීමක් නැතුවම ඇඹිලිපිටිය සිට කොළඹ වෙනකන් යන පෞද්ගලික බස් සේවකයින් අද (22) වැඩ වර්ජනයක් පටන් අරගෙන තියෙනවා. මේ වැඩ වර්ජනයට ලංගම බස් සේවකයින්ද එකතු වෙලා තියෙනවා. කොළඹ සිට මොනරාගල බලා යන බස් රථ සේවකයෙකුට කොළඹ – ඇඹිලිපිටිය බස් රථ රියදුරෙක්ට පහරදීමේ සිද්ධියකට විරෝධය පල කරලා තමයි මේ වැඩ වර්ජනය පටන් අරගෙන තියෙන්නෙ. මේ […]