News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

වසර 4ක සිර දඬුවම ගැන යළි සළකා බලන්නැයි රන්ජන් රාමනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. ඒ, තමාට නියම කළ වසර 4ක සිර දඬුවම නැවත සළකා බලන්නැයි ඉල්ලමින්. විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතා වරදකරු බවට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් නියම කළේ ඉකුත් මස 12 වැනිදායි.


Feb
1

තවත් කොවිඩ් මරණ 7ක් – මෙරට මරණ ගණන 323 දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 323 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට මුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 7ක් පිළිබඳ තොරතුරු තහවුරු කිරීමත් සමගයි. එම මරණ වාර්තා වන්නේ වත්තල, නුගේගොඩ, කොළඹ 2, උඩුගම්පොළ, පොළොන්නරුව, මඩවල සහ ගෙලිඔය යන ප්‍රදේශවලින්. කාන්තාවන් […]


Feb
1

දෛනික ආසාදිතයින් 816ක්

Generic placeholder image

අද දිනයේ මේ දක්වා කොවිඩ් 19 වෛසරය ආසාදනය වූ රෝගීන් 816 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරුවේ රෝගීන් 348 දෙනෙකු හඳුනාගත් අතර රාත්‍රියේ හඳුනාගෙන ඇති රෝගීන් ගණන 468ක්. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් […]


Feb
1

අද 36,396 දෙනෙකුට කොරෝනා එන්නත ලබා දෙයි

Generic placeholder image

අද දිනයේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් 36,396 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මේ වනවිට 95,550 දෙනෙකුට අදාළ එන්නත ලබා දී අවසන් බවයි. එන්නත් ලබා දීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා එය ලබා ගත් පිරිස පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය […]


Feb
1

නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වෙයි

Generic placeholder image

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට ගත් තීරණයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තහවුරු කළ අතර ඔහු පැවසුවේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව එම තීරණයට එළැඹි බවයි.


Feb
1

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

Generic placeholder image

දිස්ත්‍රික් කඩයිම් ලකුණ එකකින් හෝ දෙකකින් අඩුකර, 6 වන ශ්‍රේණියට ඇතුළත්කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සළකා බලන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ලකුණක් අඩු කිරීම තුළ වැඩි වන සිසුන් ගණන වෙනුවෙන් ඇතැම් විට දැනට පවතිව පන්ති සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට පවා සිදුවිය හැකි බවයි. 2020 වර්ෂයේ […]


Feb
1

අවදානම් තත්ත්වයේ පාසල් කිහිපයක් හැර බස්නාහිර සෙසු පාසල් 15 වැනිදා විවෘත කිරීමේ තීරණයක්

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය ඇතිව බස්නාහිර පළාතේ පාසල් මේ මස 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු පැවසුවේ සිසුන් විශාල වශයෙන් සිටින පාසල් සහ අවදානම් තත්ත්වයේ පවතින පාසල් කිහිපයක් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 15 වැනිදා විවෘත කිරීමට කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්ව තීරණයකර ඇති […]


Feb
1

නව ආසාදිතයින් 348ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිත තවත් 348 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,505 දක්වා ඉහළ ගියා.


Feb
1

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරියට කොවිඩ් ආසාදනය වෙයි

Generic placeholder image

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව ද පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණා. කෙසේ වෙතත් අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.


Feb
1

කොවිඩ් වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 58,000 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 58,000 ඉක්මවා ගියා. ඒ, අද දහවල් තවත් පුද්ගලයින් 916 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 58,075ක් ලෙසයි.


Feb
1

“2019 එකඟතාවට අනුව නැගෙනහිර ජැටිය සංවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කරනවා” – ඉන්දියාව

Generic placeholder image

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 වර්ෂයේදී එළැඹුණු ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සියයට සියයක් වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එසේ පවසා තිබෙනවා. එම කාර්යාලය පවසා ඇත්තේ ශ්‍රී ලංකාව, […]


Feb
1

නැගෙනහිර ජැටිය වරාය අධිකාරියට – අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයෙන් වෘත්තීය සමිති හෙට සිට ඉවතට

Generic placeholder image

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොකරන බවත්, එය සියයට සියයක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විෂයය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එකී […]


News Articles
Latest Videos
Most Popular Post