News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

රන්ජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

Generic placeholder image

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමකර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රාමනායක මහතාව වරදකරු කරමින්. සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු […]


Jan
12

කුලීයට වාහන රැගෙන ඒවාට ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක් වටලයි

Generic placeholder image

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකදී කුලියට වාහන ගෙන එම වාහන වලට ව්‍යාජ ලියකිවිලි සකස් කර අලෙවි කල ස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වාහන 17ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන කුලියට ගෙන එම වාහන වල එන්ජින් අංක වෙනස් කර විකුණ ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. සිද්ධිය පිලිබදව පොලිසිය වැඩි දුර […]


Jan
12

රන්ජන්ට එරෙහි නඩුවක තීන්දුව අද

Generic placeholder image

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවතින නඩුවේ තීන්දුව අද ලබා දීමට නියමිතව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව තව සුළු මොහොතකින් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Jan
12

ගත වූ සතිය තුල මුහුණු ආවරණ නොපැලඳව සිට අත් අඩංගුවට පත් පුද්ගලයින් 46කට කොරෝනා

Generic placeholder image

ගත වූ සතියක කාලය තුල බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳව සිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2334 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ දිනයේත් පුද්ගලයින් 121 දෙනකු pcr පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා. එම ප්‍රතිපල වාර්තා ලැබීමට නියමිත අතර මේ දක්වා සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ තුලින් පුද්ගලයින් 46 දෙනකු කොරෝනා ආසාදිතන් බව හදුනා ගෙන […]


Jan
12

අමානුෂික ලෙස නැන්දණියට පහර දුන් ලේලිය අත්අඩංගුවට

Generic placeholder image

සිය නැන්දණියට අමානුෂික ලෙස පහර දුන් ගම්පොළ, වල්ලහගොඩ ප්‍රදේශයේ කාන්තාවත් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව සිය නැන්දණියට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතිනවා. සිය නැන්දණියට පිහියකින් පහර දෙන එම කාන්තාව ඇයව තල්ලුකර දමන ආකාරයත් පසුව පහර කෑමට ලක් වූ කාන්තාව බිම ඇද වැටෙන ආකාරයත් අදාළ වීඩියෝවේ […]


Jan
12

චීනයෙන් අසල්වැසි රටකට උදව්වක්

Generic placeholder image

කොරෝනා වසංගතය හමුවේ එය යම් දුරකට පාලනය කිරීම සදහා චීනය විසින් තම අසල්වාසි රටක් වන මියන්මාරය වෙත කොරෝනා එන්නත ලබා දීමටකටයුතු කරන බව චීන විදේශ ආමාතය වැන්ග්‍ යී මහතා සදහන් කරනවා. අග්නිදිග ආසියානු සංචාරය ආරම්භ කරමින් චීන විදේශ අමාත්‍යවරයා මියන්මාරය වෙත පැමිණි අතර එහිදී මියන්මාර ජනපති හා කතිකා කිරීමෙන් අනතුරුව මෙලෙස කොරෝනා එන්නත් ලබා දෙන […]


Jan
12

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණ සඳහා යොමු වන්නැයි දැනුම් දෙයි

Generic placeholder image

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු වන්නැයි දැනුම් දී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු කියා සිටියේ හෙට සහ ලබන සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පරීක්ෂණ පැවැත්වීමට අදාළ කටයුතු සූදානම්කර ඇති බවයි. අදාළ දිනවල මන්ත්‍රීවරුන් මෙන්ම කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා සහභාගී විය හැකි බව ද වේත්‍රධාරීවරයා […]


Jan
12

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගණන කළුතරින් වාර්තා වෙයි

Generic placeholder image

පසුගිය පැය 24 තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වූවන් 569 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඉන් ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගැනුණේ දේශීයව වන අතර සෙසු ආසාදිතයා විදෙස් රටක සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්. මේ අතර ගත වූ පැය 24 තුළ හදුනාගත් ආසාදිතයින් අතරින් 110 දෙනෙකු වාර්තා වුණේ, කළුතර දිස්ත්‍රික්කයෙන්. […]


Jan
12

විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මා දෙපළට දියණියක්

Generic placeholder image

සුපිරි ක්‍රීඩක විරාත් කෝලි හා ප්‍රවීන නිළි අනුෂ්කා ශර්මා ඊයේ දිනයේ දී මව්පියන් බවට පත් වුවා. ඒ අනුව ඔවුන් දෙපළට සිගිති බිළිදියක් උපත ලද බව විදෙස් වාර්තා සදහන් කරනවා.


Jan
12

ඊයේ රාත්‍රී කොවිඩ් මරණ 8ක්

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී මියගිය තවත් 8 දෙනෙකු පිළිබද තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් සහ රාජගිරිය, මට්ටක්කුලිය, කොළඹ 12, කොළඹ 14, බණ්ඩාරගම, දකුණු කළුතර හා කාත්තන්කුඩි යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. වයස අවුරුදු 36ක කාන්තාවකුත් ඔවුන් අතර වීම විශේෂත්වයක්. ඉකුත් 6 වැනිදා සිට ඊයේ […]


Jan
12

තව දුරටත් දිවයින පුරා මි.මී. 100 ට වැඩි තද වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. තවද මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි […]


Jan
11

තාවකාලිකව අවලංගුකර තිබූ දුම්රිය ගමන්වාර 36ක් නැවත ධාවනයට

Generic placeholder image

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබූ දුම්රිය ගමන්වාර 36ක් නැවත ධාවනය සඳහා එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා. ඒ අනුව හෙට සිට අදාළ දුම්රිය ධාවනයට එක් කෙරෙන අතර එලෙස ධාවනයට එක්වන දුම්රිය පහතින් : ප්‍රධාන මාර්ගයේ 1133 – කොළඹ කොටුව සිට මීරිගම1140 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ1146 – කොළඹ කොටුව සිට මීරිගම1147 – කොළඹ […]


News Articles
Latest Videos
Most Popular Post