News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 627ක්

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් 627 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වුණා. අද රාත්‍රී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 277ක් වන අතර පස්වරුවේ 350 දෙනෙකු හඳුනා ගැනුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. එම මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව එම […]


Dec
3

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළොන්නාව, කොළඹ 12, කොළඹ 10 සහ කොළඹ 2 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Dec
3

බුරවි නිසා දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින්ට පීඩා – තවදුරටත් මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

Generic placeholder image

ඊයේ රාත්‍රී දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 44,848 දෙනෙකු ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා. එම මධ්‍යස්ථානය පැවසුවේ, මේ හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි. එමෙන්ම නිවාස 50කට පූර්ණ හානි සිදු වී ඇති අතර තවත් නිවාස 2,148ට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. මේ අතර බුරවි සුළි කුණාටුව […]


Dec
3

මානසික රෝග ඖෂධ ගැනීමෙන් කලහකාරී හැසිරීමක් ඇති නොවන බව මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

Generic placeholder image

මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ ගැනීම මගින් කලහකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, මහර රැඳවියන්ගේ කලහකාරී හැසිරීමට එම ඖෂධ භාවිත කරේ යැයි පැවසෙන ප්‍රකාශය වැරදි සහගත බවයි. එවැනි ප්‍රකාශයක් කිරීම මගින් මානසික රෝග සහ ඒ සඳහා ගන්නා ඖෂධ පිළිඳ වැරදි මතයක් ජනතාව […]


Dec
3

කොරෝනා ආසාදිතයින් 728ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 728 දෙනෙක් අද දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 19,032 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Dec
3

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් ඇරෙයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කදුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා මහවැලි ගගේ ජල මට්ටම ඉහල යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මහවැලි ගගේ ජල මට්ටම ඉහලයෑම නිසා පහත් බිම් වෙසෙ ජනතාව අවදානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරනවා.


Dec
3

ස්වාමිපුරුෂයෙකු විසින් බිරිදගේ ගෙල කපා ඝාතනය කර ඔහුද ගෙල වැළලාගෙන මිය යයි

Generic placeholder image

මිනුවන්ගොඩ – ඕපාත ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිදගේ ගෙල කපා ඝාතනය කර ඇති බවත් ඉන් පසුව ඔහුද ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි. මිට පෙර එම බිරිද සිය දරුවන් දෙදෙනා ද සමග නිවසින් පිටව […]


Dec
3

විමර්ශන කමිටුව මහර බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කරගනී

Generic placeholder image

මහර බන්ධනාගාර ගැටුම පිලිබදව සොයා බැලීම සදහා පත් කල පංච පුද්ගල විමර්ශන කමිටුව මේ වන විට බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා. මෙම කමිටුව අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කල අතර අදාල සිද්ධිය හේතු වූ කරුණු සොයා බලා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව ද අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස උපදෙස් ලබා දී […]


Dec
3

සා. පෙළ ලබන මාර්තු මාසයේදී ?

Generic placeholder image

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කරනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.


Dec
3

බුරවි ලංකාවෙන් ඉවතට යමින් දකුණු ඉන්දියාවට ළඟාවෙයි

Generic placeholder image

“බුරවි” සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ළඟාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ අනුව අද රාත්‍රී කාලය තුල හෝ හෙට උදැසන කාලයේ මෙම සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ඇතුළු වන බවට එරට කාලගුණයෙන් අනාවැකි පල කර තිබෙනවා. මේ අනුව තමිල්නාඩු ප්‍රාන්ත ඇතුළු දකුණු ඉන්දියානු ජනතාව විශේෂ අවදානයකින් පසු වන ලෙසට දැනුම් දී තිබෙනවා. ධීවර කටයුතු තහනම් […]


Dec
3

මාතලේ නගරාධිපති ධූරයෙන් ඉවත් කරයි

Generic placeholder image

මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාව එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ නගරාධිපතිවරයාට තිබු චෝදනා පිලිබදව සිදුකළ විමර්ශනයේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෙත ලබා දී තිබු අතර එම වාර්තාවට අනුව නගරාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කරන විට මහනගර සභා ආඥාපනතේ ඇතැම් වගනතිවල සදහන් වැරදි සිදු කර තිබීම නිසා ඒ අනුව එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු […]


Dec
3

රෝහලෙන් පළාගිය රැඳවියා අල්ලයි

Generic placeholder image

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා. අදාල රැඳවියා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post