News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

අග්‍රාමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආර්ථික සමුළුව අමතයි (ඡායාරූප)

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ඇමතුවා. අද එය පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය භාර ගන්නා බවත් තීරණාත්මක ඉදිරි වසර කිහිපයේ ආර්ථිකය ශක්තිමත්කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව අභියෝග කළමනාකරණයකර ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ආර්ථික සමුළුව […]


Dec
2

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ට සඳුදාට පෙර නඩු පවරා එම කටයුතු අවසන් කරන්නැයි උපදෙස්

Generic placeholder image

මත්ද්‍රව්‍ය භාවිතයට අදාළව බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ට සඳුදාට පෙර නඩු පවරා එම කටයුතු අවසන් කරන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ, බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. පොලිස් මූලස්ථානයේදී අද පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අදාළ උපදෙස් දුන් බව […]


Dec
2

​සුළි කුණාටුවෙන් සිදු වන ආපදාවලින් ජනතාව මුදා ගැනීමට ත්‍රිවිද හමුදාව ඇතුළු සියලු අංශ සීරුවෙන්

Generic placeholder image

සුළි කුණාටුවත් සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ත්‍රිවිද හමුදාව, රාජ්‍ය නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඇතුළු සියලු අංශ සූදානම් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ගුවන් හමුදාව පැවසුවේ, ඕනෑම ආපදා අවස්ථාවකදී ඉන් ජනතාව මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා සහ සහන සේවා කණ්ඩායම් සූදානම්කර ඇති බවයි. එමෙන්ම සුළි කුණාටුවෙන් […]


Dec
2

බුරවි ඉදිරි පැය 4 තුළ රට තුළට – අවධානයෙන් පසු වන්නැයි උපදෙස්

Generic placeholder image

බුරවි සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝ මීටර 110ක් දුරින් ස්ථානගතව ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අද රාත්‍රී 7ත් 10ත් අතර කාලය තුළ ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ඊසානදිග වෙරළෙන් දිවයිනට ඇතුළු වන බව අද දහවල් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සුළි කුණාටුව හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ත් 90ත් දක්වා […]


Dec
2

අධික වැස්සෙන් මන්නාරමට සහ කිළිනොච්චියට දැඩි බලපෑම්

Generic placeholder image

සුළි කුණාටුවේ බලපෑමත් සමග ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම ඊයේ රාත්‍රී කිළිනොච්චිය හරහා හමා ගිය තද සුළඟින් කිළිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදු වී ඇති අතර ගස් රැසක් ද කඩා වැටී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. පවතින සුළි කුණාටු තත්ත්වය හමුවේ උතුරු පළාතට […]


Dec
2

“බුරවි” නිසා පුත්තලමේ පාසල් වැසේ

Generic placeholder image

පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තබන බව වයඹ පළාත්ආ ණ්ඩුකාරවරයා පවසනවා. ඔහු පැවසුවේ, බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.


Dec
2

තවත් ආසාදිතයින් 350ක්

Generic placeholder image

නව කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එම මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,882ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම වෛරසය වැළඳී මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 18,000 ඉක්මවා ගිය අතර එම ගණන […]


Dec
2

අවදානම් ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත

Generic placeholder image

බුරවි සුළි කුණාටුව හේතුවෙන් අවදානමට ලක්විය හැකි උතුරු – නැගෙනහිර ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 75,000ක් මධ්‍යස්ථාන 237ක් වෙත ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා. එලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැළසීමට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී […]


Dec
2

“බුරවි” දිවයින ආසන්නයේ

Generic placeholder image

“බුරවි” සුළි කුණාටුව අද උදෑසන 11.30 වනවිට ත්‍රිකුණාමලයට කිලෝ මීටර 140ක් නැගෙනහිරට බරව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, එම පද්ධතිය අද රාත්‍රී 7ත් 10ත් අතර ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ඊසානදිග වෙරළෙන් දිවයිනට ඇතුළු විය හැකි බවට බලාපොරොත්තු වන බවයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නව නිවේදනය පහතින් […]


Dec
2

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ පිරිස 18000 පනියි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පිරිස 18 ,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද සුවය ලැබූ 487 දෙනාත් සමගයි. ඒ අනුව මෙරට මේ වන විට සුවය ලැබූ සමස්ත ගණන 18,304ක්.


Dec
2

අල්ලස් ගත් විදුහල්පතිනියට වැඩ වරදී

Generic placeholder image

පළමු ශ්‍රේණියට ළමයෙක් ඇතුලත් කර ගැනීම සදහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේදී විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිසමට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස මෙම වැටලීම සිදු කර තිබෙනවා.


Dec
2

අයහපත් කාලගුණ හේතුවෙන් නුවරඑළිය වලපනේ – පදියපැලැල්ල මාර්ගයත් අද පස්වරුවේ වැසෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාව හරහා ගමන් කරන බුරවී සුළි කුණාටුවෙන් ඇති විය හැකි ආපදා තත්වය සැලකිල්ලට ගෙන නුවරඑළිය වලපනේ – පදියපැලැල්ල මාර්ගයත් මලපට්ටාව ප්‍රදේශයෙන් අද පස්වරු 6.00 සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post