News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

ආනයනය කළ සත්ත්ව මාංශ වර්ග කිහිපයක කොරෝනා වෛරසය ඇතැයි හෙළිකර ගත් බව චීනය කියයි

Generic placeholder image

බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවලින් ආනයනය කළ ගව මස්වල සහ එම ඇසුරුම්වල කොරෝනා වෛරසය සොයා ගෙන ඇති බව චීනය පවසනවා. චීන මාධ්‍ය උපුටා දක්වමින් මේ බව වාර්තාකර තිබුණේ රොයිටර්ස් පුවත් සේවයයි. එවැනි තත්ත්වයක් තුළ ශීත කළ ආහාර පිළිබඳ කෙරෙන පරීක්ෂාවන් තවදුරටත් ඉහළ දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අතර ආජන්ටිනාවෙන් ආනයනය කරන ලද […]


Nov
18

මාළුවල කොරෝනා නැති බව පෙන්වන්න මන්ත්‍රී දිලිප් අමු මාළු කයි – මාළු අමුවෙන් කෑම රෝග ගණනාවකට මඟ පාදන බව වෛද්‍ය පාදෙණිය කියයි

Generic placeholder image

මත්ස්‍යයින්ගේ කොරෝනා වෛරසය නොමැති බවත්, මත්ස්‍යයින් ආරක්ෂිත බවත් පවසමින් විපක්ෂ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඊයේ මාධ්‍යය ඉදිරියේ මාළු අමුවෙන් ආහාරයට ගත්තා. ඔහු පැවසුවේ, මත්ස්‍යය කර්මාන්තය බිඳ වැටී ඇති මෙවැනි අවස්ථාවක එය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහජනතාව මත්ස්‍යයින් ආහාරයට ගත යුතු බවයි. කෙසේ වෙතත් අමු මාළු ආහාරයට ගැනීම මිනිස් ශරීරයට අහිතකර බව වෛද්‍යවරුන් පෙන්වා […]


Nov
18

හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

Generic placeholder image

අත්‍යාවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලටයි. හෙට රාත්‍රී 9 සිට පැය 10 කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.


Nov
18

“වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධුරයෙන් ඉවත් වුණේ කැමැත්තෙන්” – සෞඛ්‍ය අමාත්‍යවරිය

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තනේ එම ධුරයෙන් අස් වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව පැවසුවේ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. වෛද්‍ය ජයරුවන් මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස අමාත්‍යවරිය ඉල්ලීමක් කර ඇති බවට සමාජ […]


Nov
18

රිදීගම සෆාරි උද්‍යානයේදී සිංහ පැටවුන් තිදෙනෙක් උපත ලබයි

Generic placeholder image

හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේදී ඊයේ සිංහ පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබෙනවා. ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.45ට පමණ මෙම පැටවුන්ගේ උපත සිදු වූ බවයි. එම පැටවුන්ගේ මව වයස අවුරුදු 8ක් වන ෂීනා නමැති ජර්මනියේ සිංහ ධේනුවක් වන අතර පියා වයස අවුරුදු 7ක් වන චීනයට අයත් සිංහයෙක් බව ද හේමන්ත […]


Nov
18

සාර්ථක කොවිඩ් එන්නත් නිපදවා ඇති රටවල් අතරට චීනයත් එක් වෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් ගණනාවක් ඒ සදහා එන්නත් නිපදවීමට පෙරමුණ ගෙන ක්‍රියා කරනවා. ඒ අතර චීනය ,ඇමෙරිකාව,රුසියාව ,ජර්මනිය වැනි රටවල් ප්‍රධාන වෙයි. ඒ අතර මේ වන විට චීනයේ නිෂ්පාදනය කර ඇති සිනොවැක් බයෝටෙක් නම් එන්නත ද සාර්ථක ලෙස කොරෝනා වෛරසයට එරහිව ක්‍රියා කරන බවයි පර්යේෂකයින් සදහන් කරන්නේ.


Nov
18

නාපානේ පේමසිරි මහා නාහිමිගේ ආදාහන පූජෝත්සවය 22 වැනිදා

Generic placeholder image

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය අද උදෑසන මහජන ගෞරවය සඳහා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කෙරුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික අධ්‍යාපනපති පුජ්‍ය හූරීකඩුවේ පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ, ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එළැඹෙන 22 […]


Nov
18

අනිල් ජාසිංහ කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායට යළි කැදවයි

Generic placeholder image

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායේ කටයුතු සදහා කැදවීමට තීරණය කර තිබෙනවා. මේ වන විට ඒ මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන අතර එම කටයුතු අතරතුර දීම ඔහු කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායේ කටයුතු සදහා කැදවීමටයි රජය තීරණය කර ඇත්තේ.


Nov
18

බෝගම්බර බන්ධනාගාරයෙන් පළා ගිය රැඳවියා අත්අඩංගුවට

Generic placeholder image

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් අද උදෑසන පළා ගිය රැඳවියා මහනුවර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමු කළ බවයි. බන්ධනාගාරය තුළ ඔහු ඇතුළුව නිරෝධායනයට යොමු කර සිටි තවත් රැඳවියන් 5 දෙනෙකු අද උදෑසන ඉන් පළා යාමට තැත්කර තිබුණා. ඉන් තිදෙනෙක් අල්ලාගත් අතර එක් අයෙකු මියගිය බවයි […]


Nov
18

තවත් 377 දෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 377 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12,587ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම තවදුරටත් ආසාදිත රෝගීන් 5422ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දෛනික කොරෝනා වාර්තාවේ දැක්වෙනවා.


Nov
18

වසරක් සපුරන කොරෝනා වෛරසය

Generic placeholder image

නව කොරෝනා වෛරසය ලොව පුරා මිනිස් ජීවිත බිලි ගැනීම ආරම්භකර ඊයේ දිනයට වසරක් සපිරෙනවා. නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ ප්‍රථම වරට තොරතුරු වාර්තා වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන්. ඒ, පසුගිය වසරේ නොවැම්බර් මස 17 වැනිදායි. නව කොරෝනා වෛරසය මිනිසෙකුගේ ශරීරයට මුලින්ම ඇතුළු වන්නේ සත්ත්වයෙක් මගින් බව ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය කණ්ඩායම් පෙන්වා දෙනවා. 2003 […]


Nov
18

වැලිකඩ රැඳවියන් පිරිසක් විරෝධතාවයක නිරත වෙයි

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අධිකරණ විවෘතකර නඩු කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලමින්. රැඳවියන් 10 දෙනෙකු පමණ බන්ධනාගාර වහලය මතට නැග මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ


News Articles
Latest Videos
Most Popular Post