එළඹෙන සතියේ සිට මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාරයය බලකාය යෙදවීමට ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ව පවසනවා. පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නිති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළුව බන්ධානාගාරවලට ආරාක්ෂාව සැපයීම මෙහි අරමුණ වනවා. මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නිතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර තුළට විසිකිරිමේ […]
දිවයින පුරා මේ වන විට විදුලි බිඳවැටීමක් සිදුව තිබෙන අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුව තිබෙනවා. කෙරවරපිටිය බලාගාරයේ හටගත් තාක්ෂණය දෝෂයක් හේතුවෙන් මෙසේ සිදුව ඇති අතර, පැය දෙකක පමණ කාලයක් තුළ විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බව සඳහන් කළා. එමෙන්ම විදුලිය ඇනහිටීමෙන් සිදු වූ […]
ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු දේශපාලනඥයෙකු වන චෙතන් චව්හාන් කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගොස් තිබෙනවා.මියයන විට චෙතන් චව්හාන් 73 හැවිරිදි වියෙහි පසුවුවා.
සරුංගල් ආරක්ෂිතව පියාසර කරවීම සදහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. ඒ සරුංගල් විදුලි රැහැන් වල පැටලීම හේතුවෙන් සිදුවන විදුලිය බිද වැටීම් හා ජිවිත අනතුරු වලක්වාගැනීමේ අරමුණින්ය. එම උපදෙස් පහත සදහන් වේ • විදුලි රැහැන් හා විදුලි බලය සැපයීමට සවිකර ඇති උපකරණ නොමැති විවෘත ප්‍රදේශයක ඔබේ සරුංගල් පියාසර කරවන්න.• ඔබේ සරුංගලය සුළඟට […]
ශ්‍රී ලංකවේ 09 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන 20වනදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම පැවතෙන කොරෝනා වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් සදහා නව සෞඛ්‍ය රීති මාලාවක් පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව ඉන් පළමු එක නම් සෑම මන්ත්‍රීවරයෙක්ම මුහුණු ආවරණයක් පැළදිය යුතුය යන්නයි. එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගමන් කිරීමේදී […]
එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානයේ ඇති නෞකාවේ උඩු රැවුලකින් යුත් නයිට්වරයකු නිරූපණය කරයි. නයිට්වරයාගේ දෑස් තුළ දුර බැල්මක් ඇත. මෙම ලී ප්‍රතිමාව නම් ලෝකයේ ඈත කෙළවරට ගමන් කිරීම, සමුද්‍ර විද්‍යාව නැවත සකස් කිරීම, සියලු ආකාරයේ දිය යට සිදුවීම් සොයා ගැනීම සහ සාගර සමඟ සම්බන්ධතාවය පිලිබඳ අධ්‍යනයන් වෙනස් කල යාත්‍රාව වන එච්. එම්. […]
ඉතිහාසය හා ප්‍රේමවෘතාන්තය එකට බද්ධ කරමින් තිස්ස අබේසේකරයන්ගේ තිර රචනයෙන් හා සුනිල් ආරියරත්නයන්ගේ හා එච් ඩී ප්‍රේමසිරි මහතාගේ නිෂ්පාදන දායකත්වයෙන් ඩබ්ලිව් ඒ සිල්වා මහතා අතින් රචිත නව කතාවක් වන විජයබා කොල්ලය නම් සිනමා සිත්තම මෙරට පළමු ත්‍රිමාණ තාක්ෂනය උපයෝගී කරගත් සිනමා නිර්මාණයයි. මෙහි ප්‍රධාන චරිතයන් සදහා රංගන දායකත්වය ලබා දී තිබෙන්නේ හේමාල් රණසිංහ, අෂාන් ඩයස් […]
මේ වන විට ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ සිටින බොහෝ දෙනා කායිකව මෙන්ම මානසිකව ද සෞඛ්‍ය අතින් පිරිහීමට ලක්ව තිබෙනවා. මේ අතර මෙම තත්වය වැඩියෙන්ම තිබෙන රට වන අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමාගේ බිරිද වන මිචෙල් ඔබාමා ද යම් මානසික ගැටලුවක මේ වන විට ලක්ව තිබෙන බව එරටින් වාර්තා වෙනවා. හිටපු ජනපති […]
දකුණු කොරියාවේ නව කොරෝනා ආසාදිතයන් 197ක් ගෙවී ගිය දිනයේ වාර්තා වී ඇති අතර එය සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගත් රෝගීන් වනවා. කොරියාවේ රෝග පාලන වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව මෙම නව කොවිඩ් 19 ආසාදිතයන් සමඟ රටේ සමස්ථ ආසාදිතයන් සංඛයාව 15,515ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර එරට මරණ සංඛයාව 305ක් ලෙස වාර්තා වී තිබෙනවා.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ අතුරුගිරියේදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා. ඔහු මාතර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර සැකකරු සමඟ තිබී 18g ක මත්කුඩු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමාත්‍යංශය දියුණු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් පිලිබදව සති තුනක් ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා. එමෙන්ම සියලුම අමාත්‍යංශයවල ප්‍රගතිය පිලිබදව මාස හයකට පසුව වාර්තාවක් කැදවීමට ජනපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. එපමණක් නොව අමාත්‍යාංශවලට දී ඇති ඉලක්ක සපුරාලීමට කැබිනට් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා අසමත්ව ඇත්නම් […]
අපේ ජන බල පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු ආසන සඳහා මන්ත්‍රීවරුන් ලබන 20වෙනිදාට පෙර නම් කල යුතු බව පාර්ලිමේන්තු මහ ලේඛම් දම්මික දසනායක මහතා පවසනවා. එසේ ලබා දීමට නොහැකි වුවහොත් එම පක්ෂ වලට අයත් ආසන හිස්ව තැබීමට ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ අතර මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් […]