News Line| Off Air
Generic placeholder image

Aug
14

කොරෝනා නිසා සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ආලෝක උපහාරය ඇණහිටී

Generic placeholder image

2001 සැප්තැම්බර් 11 ඇමෙරික එක්සත් ජනපදයේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය සිහිපත් කරමින් සහ එහිදී මියගිය අයට ගෞරව දැක්වීම අරමුණු කරගනිමින් නිව්යෝක් නගරයේ පැවැත්වෙන ආලෝක උපහාරය මෙවර සිදු කිරීමට නොහැකි බව බලධාරීන් සදහන් කරනවා . ඒ එරට පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙනයි. මෙම ආලෝක කදම්බ නිකුත් කිරීම සදහා ඒ සදහා වන වැඩ කටයුතු සිදු […]


Aug
14

වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නලුවා ශ්‍යාම්

Generic placeholder image

පළමුවැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමිවුණා. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කල ” One Blood ” කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන චරිතයකට ලබා දුන් රංගනය හේතුවෙන්. රටවල් 1000කට අධික තරඟකාරී කෙටි චිත්‍රපට 1000කට අසන්න ප්‍රමාණයක් අතුරින් වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නලුවාට හිමි සම්මානය ශ්‍යාම් ප්‍රනාන්දු හිමිකරගනු […]


Aug
14

ජීවන් තොන්ඩමන් සිය අමාත්‍යධුරයේ වැඩ අරඹයි

Generic placeholder image

වතු නිවාස හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අද සිය ධුරයේ වැඩ ආරම්භ කළා. ඒ කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යංශයෙදී .


Aug
14

ශිතකළ ආහාර ද්‍රව්‍ය මත කොරෝනා වෛරසය පවතීද ?

Generic placeholder image

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය පිලිබදව ඉදිරිපත් කරන ලද කරුණු දෙස අවදානය යොමු කිරීමේදී ඔවුන් දිගින් දිගටම කියා සිටින්නේ ශීතකළ ආහාර මතින් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත නොවන බවයි. මෙසේ ප්‍රකාශ කර ඇති පසුබිමක ඉකුත්දා චීනයේ නගර දෙකක් වෙත ආනයනය කරන ලද ශිතකළ ආහාර ද්‍රව්‍ය මත තිබී නව කොරෝනා වෛරසය හමුවූ බව චීනයෙන් ප්‍රකාශ කර තිබෙනවා. […]


Aug
14

නව වන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අගෝස්තු 20 වනදා

Generic placeholder image

නව වන පාර්ලිමේන්තුවේ මංගල සභා කැදවීම අදාල ගැසට් නිවේදනය ජනපතිවරයාගේ නියෝගය පරිදි නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන 20 වන දා උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වෙන බවයි එම ඇති විශේෂ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.


Aug
14

තහනම් කරන ලද රූපලාවණ්‍ය ආලේපන තොගයක් රත්නපුර නගරයෙන් අල්ලයි

Generic placeholder image

රත්නපුර දිස්ත්‍රික් ප්‍රධානි ඇතුළු රත්නපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදි රත්නපුර නගරයේ අලෙවි කිරීම තහනම් කරන ලද රූපලාවණ්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ආලේපන වල අඩංගු අධික රසදිය නිසා සමට අහිතකර බව මෙන්ම ඒවා පිළිකාකාරක ලෙසද පරීක්ෂණ මඟින් සනාථ වී ඇති පසුබිමක වෙළෙඳපොල තුළ අලෙවි කරන බව අනාවරණය වී තිබෙන්නේ. පිට පළාත්වලින් […]


Aug
14

එජාප නායකත්වය පිළිබද අවසන් තීරණය අද

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිලිබදව අවසන් තීරණය අද පැවැත්වෙන එම පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ගැනීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මේ අනුව පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු කිරීමටද මෙහිදී කතිකා කරන බවයි වාර්තා වන්නේ.


Aug
14

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමනපැ.කි.මි.50 දක්වා තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.


Aug
13

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන

Generic placeholder image

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලට මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබූ සීමා දැන් අවසන් බැවින් ඔවුන්ට අදාල සහන සැලසීම ඉක්මනින් සිදු කිරීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මින් පෙර සංචාරක මාර්ගෝපදේශකයන්ට රු. 20000ක දීමනාවක් හා සංචාරක රියදුරන්ට රු. 15000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර […]


Aug
13

මාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් මත්තලට

Generic placeholder image

මාලදිවයිනයෙහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (13) මෙරටට ගෙන්වාගෙන තිබෙනවා. මෙසේ පැමිණි අය අතර වැඩි පිරිසක් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටි පුද්ගලයන් වනවා. මොවුන් මත්තල ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කර තිබෙනවා.


Aug
13

පාසල් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කෙරේ

Generic placeholder image

කොවිඩ් 19 හේතුවෙන් සිසුන් 200කට වැඩි පාසල් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය 10 වන දා දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර සිසුන් 200ට වැඩි පාසල්වල එක් එක් ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල වෙත කැඳවිය යුතු දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණා. වෛරස ව්‍යාප්තියේ මේ වන විට පවතින […]


Aug
13

ඇපල් වොච් වලට තරගයක් දෙන්න චීනයෙන් එන ෂියෝමි මී වොච්

Generic placeholder image

ස්මාර්ට් වොච් අතර ඇපල් වොච් වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එවැනිම උපාංගයක් චිනයේ ෂියෝමි සමාගමෙන් නිපදවා දැන් විකිණීම ආරම්භ කර තිබෙනවා. ලොව ප්‍රකට ඇපල් වොච් හි තිබෙන ලක්ෂණ වලට සමාන පෙනුමකින් හා තාක්ෂණයකින් යුත් මේ ෂියෝමි මී වොච් චීනුන්ට සැලසුම් කර දෙන ලද අතර එහි බලසම්පන්න කම පෙන්වන ඇප්ස් තොගයක්ද මෙහි අනතර්ගතයි. මේ අතර නිරෝගී දිවි […]


News Articles
Latest Videos
Most Popular Post