News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ඉන්දියානු සිනමාවේ සුපිරි නිළි ප්‍රීටි සින්තා වගා කටයුතු වලට බහි

Generic placeholder image

මේ දිනවල ඉන්දියානු සිනමාවේ සුපිරි නිළියක් වන ප්‍රීටි සින්තා ඇතුළු පවුලේ පිරිස ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ජිවත් වන අතර කොරෝනා හේතුවෙන් එම අගනුවර වසා දමා තිබෙන වකවානුවක මේ හේතුවෙන් ප්‍රීටි සින්තා ඇතුළු පවුලේ සියලු දෙනා වගා කටයුතු සිදු කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා දක්නට ලැබෙනවා.


Aug
10

ට්විටර් – ටික්ටොක් ගැටගැසීමක් ගැන මතවාදයක්

Generic placeholder image

ටික්ටොක් හි චීන හිමිකරු බයිට් ඩෑන්ස් ට්විටර් සිය එක්සත් ජනපද මෙහෙයුම් මිලදී ගැනීමට උනන්දුවක් දැක්වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරනවා. ඉකුත් සති කිහිපයේදී ට්විටර් – ටික්ටොක් වීඩියෝ බෙදා ගැනීම පිලිබදව මෙම කතිකාව ගොඩනැගී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ආරක්ෂක හේතූන් මත දින 45 ක් ඇතුළත ටික්ටොක් සමඟ ව්‍යාපාර කටයුතු නතර කරන […]


Aug
10

යෝධ මුහුදු ඌරෙක් මන්නාරම වෙරළට ගොඩ ගසයි

Generic placeholder image

මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයට යාබදව ආදම් පාලම ප්‍රදේශයේ යෝධ මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබී හමුව ඇති බව වාර්තා වෙනවා. එම යෝධ මුහුදු ඌරා කිලෝග්‍රෑම් 700 ක් පමණ ප්‍රමානයකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ.


Aug
10

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Generic placeholder image

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිඳු කළ වැටලීමකදී මත්කුඩු සහ මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අතර හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 122 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී මත්පැන් සමඟ 94දෙනෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟද සැක කරුවන් 9 දෙනෙකු වනවා.


Aug
10

කන්දකාඩු ආසාදිතයින් ගණන 183 ට බහි

Generic placeholder image

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 183 ක් දක්වා පහල බැස තිබෙනවා. එම නිරෝධායන මධ්‍යස්ථානයේ සමස්ත ආසාදිතයින් ගණන 606 ක් වන අතර එයින් 423 ක් මේ වන විට සුවය ලබා තිබෙන බව වාර්තා වෙනවා.


Aug
10

නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක්

Generic placeholder image

අගමැති නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක් මගින් වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල් වෙත ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන ලෙස ඉන්දියානු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. මෙසේ ඉල්ලීමට හේතුව වී ඇත්තේ කොවිඩ් – 19 වෛරසයට ගොදුරු වීම නිසා වෛද්‍යවරුන් 196 දෙනෙකු මේ වන විට මිය යාමයි.


Aug
10

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය කාට හිමිවෙයිද? තීරණය අද

Generic placeholder image

මෙවර ජාතික ජන බල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය කාට හිමිවේද යන්න පිලිබදව අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා සදහන් කරනවා. එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජනතා විමුක්ති පෙරමුණට හිමිවන බවටද මත පල වෙනවා.


Aug
10

ශ්‍රී ලාංකිකයන් 176ක් දිවයිනට ගෙන්වා ගැනේ

Generic placeholder image

විදේශ රටවල් දෙකක සිටි ශ්‍රී ලාංකිකයන් 176 දෙනෙක් රැගෙන අද අලුයම (10) ගුවන් යානා දෙකක් කටුණායක ගුවන් තොටුපළට පැමිණ තිබුණා. ඒ කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු සහ ජපානයේ රැදී සිටි 148 දෙනෙකු රැගෙනයි. මෙම පිරිස කටුණායක ගුවන් තොටුපළේදී පී. සී. ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණා.


Aug
10

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටි දෙක පනියි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී සිටින ලොව පුරා පුද්ගලයින් ගණන කෝටි දෙක ඉක්මවන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම ගණන සටහන් වන්නේ 20,023,019 ක් ලෙසයි. වාර්තා වන මරණ ගණන 733,976 ක්. අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 50 ඉක්මවා තිබෙනවා.


Aug
10

මිල්ලනිය ප්‍රදේශයේ Facebook සාදයක් වටලයි – 17 හැවිරිදි ගැබිනියකුත් ඒ අතර

Generic placeholder image

මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් පොලීසිය වටලා තිබෙනවා. එහිදී තරුණ පිරිස් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර 17 හැවිරිදි ගැබිණි කාන්තාවක්ද සිටි බවට වාර්තා වෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 465ක්, ගංජා ග්‍රෑම් 13ක් සහ මත්පෙති වගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය පිළිබදවද වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.


Aug
10

ලොව මිල අධිකම මුඛ ආවරණය මෙන්න

Generic placeholder image

ලොව මිල අධිකම මුඛ ආවරණය ඊශ්‍රයලයේ ස්වර්ණාභරණ සමාගමක් විසින් නිර්මාණය කර තිබෙන බව වාර්තා වෙනවා. සුදු රත්තරන් වලින් නිර්මාණය කර තිබෙන මෙම මුහුණු ආවරණය දියමන්ති වලින් වැඩ දමා තිබෙන අතර එහි මිල රුපියල් කෝටි 28 ක් පමණ වන බවයි සමාගම් වාර්තා සදහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම මුහුණු ආවරණය සැදීම සදහා වන ඇණවුම ලබා දුන් ගැනුම්කරු […]


Aug
10

ඉන්දියාවේ කොවිඩ් රෝහලක ගින්නක්

Generic placeholder image

ඉන්දියාවේ විජයවාඩා හි පිහිටි කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝහලක ගින්නක් ඇති වී තිබෙනවා. මේ අනුව එම ගින්නෙන් රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බවත් තුවාල ලැබූ ඇති පිරිස සහ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ පිරිස කඩිනමින් වෙනත් රෝහලක් වෙත මාරු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post