සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමිනි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටි අතර එය තවමත් නිමා කර නැත. පසුගිය 19 වැනි දා සිට ඩෙංගු, බරවා, මී උණ ඇතුළු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ඔවුන් ඉවත් වූ අතර සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, සිය වෘත්තිය සමිති […]
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවයෙන් සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරනවා. ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙක්, මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට මෙලෙස ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.
මෙවර මහා මැතිවරණයට සමගාමී තැපැල් ඡන්ද විමසීම අදින් අවසන් වනවා. ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ පුද්ගලයින්ට අද දිනයේ තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය 13 වන අදින ඇරඹි අතර එය දින 7 තිස්සේ ප්‍රකාශ කිරීමට සිදු වුවා. එමෙන්ම රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමු අතර ඒ […]
වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොරෝනා ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. එනම් වාර්තාව සිටි සියලුම නාවික හමුදා සාමාජිකයින් සුවය ලබා ඇත. සම්පුර්ණ නාවික හමුදා ආසාදිතයින් ගණන වුයේ 906 කි.
අද දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50 වැඩි තරමක […]
අද දින මෙරටින් වාර්තා වන කොරෝන ආසාදිතයින් සංඛ්‍යාව 6 කි. සෞදි අරාබියේ සිට පැමිණි 3 ක් සහ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු ආශ්රිතයෙකුද ඒ අතර වනවා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබේ.පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වන දින පැවැත් වේ.
ඓතිහාසික ස්ථානයන් සංරක්ෂණය කිරීම රැකගැනීම අනාගත පරපුරේ පරම යුතුකමක් ලෙස සැලකෙනවා. එසේ නමුදු අද වන විට එම ස්ථානයන් පිලිබදව සොයා බැලීමට ඒ ගැන කතා කිරීමට වත්මන් පරපුර යොමුවන්නේ ඉතා ස්වල්ප වශයෙනි. විශේෂයෙන්ම එම ඓතිහාසික ස්ථානයන් රැකගැනීම උදෙසා බලධාරීන් ක්‍රියා කරන්නේ ද වගකීම් විරහිත ස්වරූපයකිනි. ඒ අනුව හැම දෙනාම කතා කල යුතු සොයා බැලිය යුතු එවන් […]
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පනාගොඩ දෙසට ගමන් කරමින් තිබු යුධ හමුදා කැබ් රථයකි. අනතුරින් එක හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයක් තවත් බස් රථයක් පසු කර යාමට උත්සහ කිරීමේදීය.
මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2724 ක් දක්වා ඉහල දමමින් ඊයේ දිනය තුලදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු සොයා ගෙන තිබෙනවා. ඉන් 9 දෙනෙකු සවුදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිට ඇති අතර කහතුඩුව කන්දකාඩු ආසාදිතයින්ගේ අශ්‍රිතයින් තිදෙනෙකුද මේ අතරට එක් වනවා. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි 2 ක්, කටාර් සිට පැමිණි 3 ක් සහ එක්සත් අරාබි […]
අද දින බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක් […]
අද අලුයම පන්නල සිට ගිරිඋල්ල දෙසට නොනවත්වා ධාවනය වූ මෝටර් රථයකට යකාබැදි ප්‍රදේශයේදී මෙසේ වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසා සිටියේ. සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති අතර එම අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් යැයි පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ කැම්බල් පාක්හි වාහන කුලියට දෙන මධ්‍යස්ථානයකින් රියැදුරු සමග මෝටර් රථයක් […]