News Line| Off Air
Generic placeholder image

Jul
6

බස් රථ මගීන්ට ස්මාර්ට් වාසියක්

Generic placeholder image

බස් රථ මගී ජනතාවට සිය බස්රථය පැමිණෙන වේලාව පහසුවෙන් දැනගැනීමට හැකි නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile Passenger App) හදුන්වා දීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම ජංගම දුරකථන යෙදවුම හෙට එළිදැක්වීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ. මෙම උපකරණය තුලින් බස්රථයේ ආරම්භක ස්ථානය, ගමනාන්තය හා බස්රථයට ගොඩවන ස්ථනයේ සිට ගමනාන්තයට අය කරන මුදල […]


Jul
6

කුසල් මෙන්ඩිස්ට ඇප

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද නියෝග කළා. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ. ඊයේ දිනයේ පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු කුසල් මෙන්ඩිස් සිය රථයේ හප්පා මරණයට පත් කිරීමේ සිද්ධිය අදාලව ඔහු පොලිසියට භාරවීමෙන් පසු අද […]


Jul
6

කොරෝනා ඕස්ට්‍රලියාවේ නගර 02 ක මිනිසුන් හුදකලා කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රලියාවේ නගර 02 ක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙලෙස මායිම් වසා දැමීමට තීරණය කර ඇත්තේ ඕස්ට්‍රලියාවේ වික්ටෝරියා සහ නිව් සව්ත් වේල්ස් යන ප්‍රාන්ත දෙකයි. අත්‍යවශ්‍ය සේවා පමණක් නගරයන් තුල ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.


Jul
6

මැතිවරණ නීති උල්ලංඝනයට අදාළ පැමිණිලි දහස ඉක්මවයි

Generic placeholder image

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 1255ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබේ.


Jul
6

කොරෝනා නිසා ටජ්මහල තව දුරටත් වැසෙයි

Generic placeholder image

අද සිට යලි විවෘත කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන තවදුරටත් කල් දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ටජ් මහල පිහිටි අග්‍රා නුවර ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සිටින ප්‍රදේශයක් ලෙස සැළකේ.


Jul
6

මහර බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරීමක්

Generic placeholder image

මහර බන්ධනාගාරයේ කරන ලද හදිසි සෝදිසි කිරීමකදී සිර මැදිරියක තිබි ක්‍රියා විරහිත කරන ලද ජංගම දුරකතනයක් අත් අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය සදහන් කරනවා. මෙම සෝදිසි මෙහෙයුම සදහා නියුතු ජේලර්වරුන් හා නියාමක නිළධාරින් ඇතුළු නිළධාරින් 100 දෙනෙකු යොදවා ගත් බවයි වාර්තා වන්නේ.


Jul
6

කොරෝනා ගැන නවතම අනාවරණය මෙන්න

Generic placeholder image

කොරෝනා වෛරසය වාතයේ කුඩා අංශු වල අන්තර්ගත බව නවතම පරික්ෂනයකින් හෙළිව තිබෙන බව විදෙස් වාර්තා උපුටා දක්වනවා. රටවල් 32 ක විද්‍යාඥයන් 200 කට අධික පිරිසක් මෙම පරීක්ෂණය අධ්‍යනය කර තහවුරු කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව නව නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.


Jul
6

කුසල් මෙන්ඩිස් අද අධිකරණයට

Generic placeholder image

අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(06) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින බවය. කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(05) අලුයම ඔහු අත්අඩංගුවට ගැනුණ අතර පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් […]


Jul
6

5 11 13 ශ්‍රේණි සදහා අද පාසල් ආරම්භ වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් වසා දැමුණු රජයේ පාසල් 5 11 13 ශ්‍රේණි සදහා අද විවෘත කෙරුනා. ඒ සංශෝධිත කාල සටහන් යටතේ යටතේය. ඒ අනුව 13 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වාත්, 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වාත් පාසල් වල අධ්‍යන කටයුතු සිදු […]


Jul
6

ලොව වැඩිම කොවිඩ් ආසාදිත වාර්තා අතරින් තෙවන තැන ඉන්දියාවට

Generic placeholder image

ලොව පුරා කොරෝනා ආසධිතයින් වැඩිම රටවල් අතර තෙවන තැන ඉන්දියාව හිමිකම් කියනවා. ඒ රුසියාව අභිබවා ගොසින්ය. මේ අනුව ඊයේ දින පමණක් වාර්තා වන කොරෝනා අසාධිතයින් ගණන 24000 කට ආසන්න බවයි වාර්තා වන්නේ. මේ අනුවසමස්ත ආසාධිත ගණන හත් ලක්ෂයකට ආසන්නයි. මෙම වෛරසය හේතුවෙන් ඉන්දියාව තුල මිය ගිය පිරිස 19,700ක් වනවා.


Jul
6

සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 885ක් දක්වා ඉහලට

Generic placeholder image

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වී රෝහල් වලින් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් ගණන 885 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව නාවික හමුදාව සදහන් කරනවා.


Jul
6

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද පළාත් වලත් සුළඟේ වේගය විටින් පැ.කි.මී. 40 ක් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post