කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලික වසා දැමුණු ලෝක ප්‍රකට ඉන්දියවේ ටජ්මහල යළි විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව ටජ්මහල නරඹන්නන් 5000 කට පැමිණිය හැකි ලෙස සිමා කර තිබෙන අතර රජය සහ සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව ක්‍රියා කල යුතු බව වැඩි දුරටත් සදහන් වන්නේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන පොළොන්නරුව දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වී තිබුණ අතර මෙම ජන රැලිය සංවිධනය කර තිබුනේ පොදු ජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක රොෂාන් රණසිංහ මහතා විසින්ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැල්වැටිතුරේ ප්‍රදේශයේදීය.
කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ් අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 883කි.
දෙවන පාසල් වාරය හෙට ආරම්භ වනවා. ඒ අනුව 5, 11, සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පමණක් ඇරඹෙනු ඇති. හෙට දින සියලු ගුරුවරුන් පාසලට පැමිණීම අනිවාර්ය වන අතර විෂය නිර්දේශයට ප්‍රමුඛතාවයදී කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. 5 ශ්‍රේණි සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් පැවැත්වෙන්නේ උදෑසන 7.30 සිට 1.30 දක්වා පමණි. […]
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2074 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය. එම ආසාදිතයින් පස්දෙනාම නිරෝධායනය මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඔවුන් අතර අමෙරිකා, මැඩගස්කර්, බංග්ලාදේශ යන රටවලින් එක් පුද්ගලයකු බැගින් සිටින අතර කටාර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ඒ අතර සිටි. […]
අනතුරක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. අද (05) උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයක පුද්ගලයෙකු ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අද බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය […]
තවත් කොවිඩ් අසාධිතයෙක් හදුනාගැනීමත් සමග මෙරට හදුනාගත් කොරෝනා ආසධිතයින් ගණන 2070 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ග්‍රහලෝකාගාරය ලබන 07 වනදා සිට යලී විවෘත කිරිමට රජය තීරණය කර තිබෙනවා.රජය සහ සෞඛ්‍ය අංශ න්හි උපදෙස් අනුව මෙලෙස විවෘත කෙරෙන බවයි පැවසෙන්නේ.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ එකොළොස් ලක්ෂයක් ලෙසයි. වාර්තා වී ඇති මරණ ගණන පන්ලක්ෂ විසි අටදහසට අධිකයි. මේ අතර ලොව වැඩිම අසාදිතයින් ගණනක් වාර්තා අතර තවමත් පෙරමුණ ගෙන තිබෙන්නේ ඇමෙරිකාවයි.
දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා, උතුරු, උතුරු-මැද පළාත් වලත්සුළගේ වේගය පැ.කි.මී. 40 ඉක්මවා යා හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ලෙස […]