News Line| Off Air
Generic placeholder image

Jun
27

අද කාලගුණය

Generic placeholder image

අද (27) බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගු‍ණ විද‍්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද […]


Jun
26

අසම්පූර්ණ නඩු ගොනු 40ක් යළි වැඩබලන පොලිස්පතිට හරවා යවයි

Generic placeholder image

නීතිපතිවරයා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අසම්පූර්ණ නඩු ගොනු 40 වැඩබලන පොලිස්පතිවරයා වෙත යළි ඉදිරිපත් කර තිබෙනවා. ඒ, විමර්ශන නිසි ලෙස අවසන් කර දෙන ලෙස දන්වමිනි.


Jun
26

උපකාරක පන්ති ලබන සඳුදා සිට ආරම්භ කෙරේ

Generic placeholder image

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව නවතා දැමූ උපකාරක පන්ති මෙම මස 29 වැනිදා සිට යළි ආරම්භ කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය අංශයන්හි උපදෙස් අනුව උපකාරක පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන බවයි එම සංගමය සදහන් කරන්නේ.


Jun
26

දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම පහලට

Generic placeholder image

දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කළ ද මගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම මිලියන 17 සිට මිලියන 7 දක්වා අඩුවී ඇති බවයි. දිවා කාලයේ මගීන්ගේ විශාල අඩුවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් ඇතැම් […]


Jun
26

ඉන්දියාවේ දුම්රිය ධාවනය අගෝස්තු 12 දක්වා නවතී

Generic placeholder image

ඉන්දියාවේ කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ දුම්රිය ධාවනය අගෝස්තු 12 දක්වා අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව සාමාන්‍ය මගී දුම්රිය සේවා, නගාරාන්තර දුම්රිය සේවා සහ රාත්‍රී තැපැල් දුම්රිය සේවා මෙලෙස අවලංගු කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය රජය මගින් හදුන්වා දුන් ෂ්‍රාමික් දුම්රිය සේවය පවතින තත්වය මත වුවද මගී අපහසුතාවය අවම […]


Jun
26

කළුතර නගරාධිපති ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

කළුතර නගරාධිපති අමීර් නසීර් මහතා කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. කළුතර ප්‍රදේශයේ වසා තිබු ක්‍රීඩාංගනයක අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් කළුතර නගරාධිපති සහ කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු පිරිසක් මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරනවා.


Jun
26

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. හෙට (27) රාත්‍රී 10.00 සිට අනිද්දා (28) පස්වරු 04.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන අතර කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන […]


Jun
26

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටියකට ආසන්නයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වූ ලොව පුරා ආසාදිතයින් ගණන ලක්ෂ 97 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 9,714,805 දෙනෙකු ලෙසයි. එමෙන්ම මෙම වෛරසයට ගොදුරු වීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන හාර ලක්ෂ අනූ එක් දහසකට අධිකයි.


Jun
26

සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළ සිද්ධියේ සැකකරුවන්ට වරෙන්තු

Generic placeholder image

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා. අදාළ සැකකරුවන් අද (26) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මෙලෙස […]


Jun
26

සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 820ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 820 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත […]


Jun
26

ඉන්දු – චීන ගැටුම තවත් උග්‍ර වන ලකුණු

Generic placeholder image

වසර 45 කට පසු ඉන්දු – චීන දේශ සිමාවේ ඉන්දියාව හා චීනය අතර ඇති වූ ගැටුමෙන් දෙරට අතර පැවැති රාජතාන්ත්‍රික සබදතා යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. එම ගැටුම පිලිබදව දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් සිටින පසුබිමක චීනය ගැටුමට මුල් වූ ගල්වාන් නිම්නය ආශ්‍රිතව යම් ඉදිකිරීමක් සිදු කරමින් පවතින බව චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වී තිබෙනවා. අභ්‍යවකාශ […]


Jun
26

එක් දිනක් තුල ඉන්දියාවේ අකුණුසැර වැදීමෙන් 107 දෙනෙක් මරුට

Generic placeholder image

අකුණුසැර වැදීමෙන් ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල එක් දිනක් තුළදී සාමාන්‍ය වැසියන් 107 දෙනෙක් මියගොස් තිබෙනවා. මේ අතර බිහාර් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කරන්නේ ප්‍රාන්තය තුළ මියගොස් ඇති අයගේ සෑම පවුලකට ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් වන්දි මුදලක් බෙදාදීමට තීරණය කල බවයි.


News Articles
Latest Videos
Most Popular Post