කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (27) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.අද රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි. කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 11 සහ 12 […]
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 4 සිව් දෙනෙකු වාර්තාවීමත් සමගයි. එම අසාදිතයින් පකිස්ථානයේ සිට පැමිණ අය වන අතර ඉන් තිදෙනෙක් මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ අනෙක් ආසාදිතයා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන තිබේ. මේ අතර කොරෝනා අසාදිතයින් 17 දෙනෙකු ඊයේ සුවය ලැබීී ය. ඒ අනුව සුවය […]
අද (27) බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද […]
නීතිපතිවරයා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අසම්පූර්ණ නඩු ගොනු 40 වැඩබලන පොලිස්පතිවරයා වෙත යළි ඉදිරිපත් කර තිබෙනවා. ඒ, විමර්ශන නිසි ලෙස අවසන් කර දෙන ලෙස දන්වමිනි.
කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව නවතා දැමූ උපකාරක පන්ති මෙම මස 29 වැනිදා සිට යළි ආරම්භ කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය අංශයන්හි උපදෙස් අනුව උපකාරක පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන බවයි එම සංගමය සදහන් කරන්නේ.
දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කළ ද මගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම මිලියන 17 සිට මිලියන 7 දක්වා අඩුවී ඇති බවයි. දිවා කාලයේ මගීන්ගේ විශාල අඩුවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් ඇතැම් […]
ඉන්දියාවේ කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ දුම්රිය ධාවනය අගෝස්තු 12 දක්වා අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව සාමාන්‍ය මගී දුම්රිය සේවා, නගාරාන්තර දුම්රිය සේවා සහ රාත්‍රී තැපැල් දුම්රිය සේවා මෙලෙස අවලංගු කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය රජය මගින් හදුන්වා දුන් ෂ්‍රාමික් දුම්රිය සේවය පවතින තත්වය මත වුවද මගී අපහසුතාවය අවම […]
කළුතර නගරාධිපති අමීර් නසීර් මහතා කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. කළුතර ප්‍රදේශයේ වසා තිබු ක්‍රීඩාංගනයක අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් කළුතර නගරාධිපති සහ කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු පිරිසක් මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. හෙට (27) රාත්‍රී 10.00 සිට අනිද්දා (28) පස්වරු 04.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන අතර කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන […]
මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වූ ලොව පුරා ආසාදිතයින් ගණන ලක්ෂ 97 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 9,714,805 දෙනෙකු ලෙසයි. එමෙන්ම මෙම වෛරසයට ගොදුරු වීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන හාර ලක්ෂ අනූ එක් දහසකට අධිකයි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා. අදාළ සැකකරුවන් අද (26) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මෙලෙස […]
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 820 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත […]