මාතලේ, ලග්ගල, සේර ඇල්ල ආශ්‍රිතව (Pre-Shoot) කිරීමක් අතරතුරදී එම විවාහ අපේක්ෂිත යුවල ඇල්ලට වැටි තිබෙනවා. එහිදී තරුණයා අතුරුදන් වී තිබෙන අතර එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමක්(Pre-Shoot) අතරතුරදී මෙම අනතුර මුහුණ පා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ […]
විදෙස්ගතව පැමිණි කොස්ගොඩ හෝටලයක යුධ හමුදාව යටතේ නිරෝධායන වෙමින් සිටි 225 දෙනෙකු අතරින් 05 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා. කටුනායක ගුවන් තොටුපලේදී කරන ලද පී. සී. ආර් පරීක්ෂණය අනුව මෙම පුද්ගලයින් හදුනාගත් බවයි වාර්තා වන්නේ. එම අසාදිත පුද්ගලයින් 05 දෙනා මේ වන විට අයි.ඩී.එච් රෝහලවෙත මාරු කර […]
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට කරන ලද නඩු පැවරීම අදාලව එතුමා විසින් ජනපති කොමිසමට ඉදිරිපත් කල පැමිණිල්ලට අනුව ඊට අදාළව සාක්ෂි ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපතිවරයා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මාරාන්තික කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි පිඩාවට පත්ව තිබෙන රටක් ලෙස අසල්වැසි ඉන්දියාවද සදහන් කරන්න පුළුවන්. කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණනක් දිනෙන් දින වාර්තා වන ඉන්දියාවේ දිල්ලි අගනුවරට තවත් අනතරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ දිල්ලි අගනුවරට සමීප නගරයක් වන ගුරුග්‍රමි ප්‍රදේශයේ මේ වන විට දරුණු පළගැටි උවදුරකට […]
බස් ප‍්‍රමුඛතා මංතීරු තෙවන අදියර අද සිට ආරම්භ කෙරුණා. ඒ ග‍්‍රෑන්ඞ්පාස් ඉගුරුකඬේ හංදියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, පංචිකාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වායි. රථවාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහන අද පෙරවරු 06 සිට පෙරවරු 9 දක්වාත් පස්වරු 04 සිට රාතී‍්‍ර 07 දක්වා ද ක්‍රියාත්මක බව පොලිසිය වැඩි දුරටත් සදහන් […]
මාරාන්තික කොරෝනා වෛරසයට ලොව පුරා ගොදුරු වූ ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. මෙම වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂ 05 කට අධික වන බවයි වාර්තා වන්නේ. වැඩිම කොරෝනා ආසාදිතයින් හමු වූ රටවල් අතර ඇමෙරිකාව බ්‍රසීලය, ඉන්දියාව වාර්තා අතරට එක්ව තිබෙනවා.
කොරෝනා පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මිට මාස තුනකට පෙර වසා දැමුණු දිවයිනේ සියලු පාසල් අද පළමු අදියර යටතේ විවෘත කෙරුණා. ඒ අනුව අද දිනයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් මෙලෙස අද දිනයේ විවෘත කළා. ජුලි මස 6 වන දින සිට සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කිරීමට නියමිතව තිබෙන අතර එහි පළමු අදියර යටතේ 5, […]
දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමව, දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු , උතුරු මැද, නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්ව ඇති අතර ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඒ මහතාට හිමිවේ.
ජනපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් පැන වූ ඇදිරි නිතිය අද සිට සම්පුර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කරන් බවයි. එම නිවේදනය පහතින් දැක්වේ,
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් ලංකාවේ කොරෝනා පාලනය පිලිබදව ප්‍රශංසා සිදු කල බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ පකිස්ථාන අගමැති හා පැවැති දුරකථන සංවාදයක් අතරතුරයි. ජනපතිවරයා එහිදී සිය ස්තුතිය පල කල බවත් දෙපාර්ශවය අතර තිබෙන ද්විපාර්ශවිය සබදතා වර්ධනය කර ගැනීම සදහා මෙහිදී වැඩි දුරටත් කතිකා කල බවයි […]
මාරාන්තික කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක් වූ ලොව පුරා රටවල් අතරින් තව දුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 25 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන මරණ ගණන 125, 000 ඉක්මවා ගොස් ඇති බවයි එරටින් වාර්තා වන්නේ. පවතින තත්වය අනුව ලිහිල් කල සිමාවන් නැවත පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන […]