කොරෝනා පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මිට මාස තුනකට පෙර වසා දැමුණු දිවයිනේ සියලු පාසල් අද පළමු අදියර යටතේ විවෘත කෙරුණා. ඒ අනුව අද දිනයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් මෙලෙස අද දිනයේ විවෘත කළා. ජුලි මස 6 වන දින සිට සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කිරීමට නියමිතව තිබෙන අතර එහි පළමු අදියර යටතේ 5, […]
දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමව, දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු , උතුරු මැද, නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්ව ඇති අතර ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඒ මහතාට හිමිවේ.
ජනපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් පැන වූ ඇදිරි නිතිය අද සිට සම්පුර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කරන් බවයි. එම නිවේදනය පහතින් දැක්වේ,
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් ලංකාවේ කොරෝනා පාලනය පිලිබදව ප්‍රශංසා සිදු කල බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ පකිස්ථාන අගමැති හා පැවැති දුරකථන සංවාදයක් අතරතුරයි. ජනපතිවරයා එහිදී සිය ස්තුතිය පල කල බවත් දෙපාර්ශවය අතර තිබෙන ද්විපාර්ශවිය සබදතා වර්ධනය කර ගැනීම සදහා මෙහිදී වැඩි දුරටත් කතිකා කල බවයි […]
මාරාන්තික කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක් වූ ලොව පුරා රටවල් අතරින් තව දුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 25 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන මරණ ගණන 125, 000 ඉක්මවා ගොස් ඇති බවයි එරටින් වාර්තා වන්නේ. පවතින තත්වය අනුව ලිහිල් කල සිමාවන් නැවත පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන […]
අයර්ලන්තය පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමකදී මිචෙල් මාටින් මහතා නව අගමැතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. එම ජන්ද විමසීමේදී ඔහුට පක්ෂව ව ජන්ද 93 ක් හිමි වූ අතර විපක්ෂව ලැබී ඇත්තේ ජන්ද 63ක් පමණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා යළි තේරී පත්වී තිබෙනවා. ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වු බවයි එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී තිබෙන අතර මීට පෙර ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක […]
කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් හෙට (29) සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පාසල් යළි විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළ අතර ඉන් පළමු අදියර ලෙස හෙට සිට විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට තීරණය […]
මුව ආවරණ නොපළඳින පුද්ගලයින් ඇතුළු නිරෝධායන නීති කඩ කරන්නන් සොයා අද සිට දීපව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසනවා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග පැන වූ නිරෝධායන නීති ඇතැම් පුද්ගලයින් නිසි ලෙස පිළිනොපදින බවය. ඒ හේතුවෙන් යළි ත් මෙරට කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම ඉහළ යන බව ද […]
අද (28) බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වෙනවා.
COVID-19 අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු පිළිපදින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, සෞඛ්‍ය පුරුදුවලට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.