News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
26

ඉන්දු – චීන ගැටුම තවත් උග්‍ර වන ලකුණු

Generic placeholder image

වසර 45 කට පසු ඉන්දු – චීන දේශ සිමාවේ ඉන්දියාව හා චීනය අතර ඇති වූ ගැටුමෙන් දෙරට අතර පැවැති රාජතාන්ත්‍රික සබදතා යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. එම ගැටුම පිලිබදව දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් සිටින පසුබිමක චීනය ගැටුමට මුල් වූ ගල්වාන් නිම්නය ආශ්‍රිතව යම් ඉදිකිරීමක් සිදු කරමින් පවතින බව චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වී තිබෙනවා. අභ්‍යවකාශ […]


Jun
26

එක් දිනක් තුල ඉන්දියාවේ අකුණුසැර වැදීමෙන් 107 දෙනෙක් මරුට

Generic placeholder image

අකුණුසැර වැදීමෙන් ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල එක් දිනක් තුළදී සාමාන්‍ය වැසියන් 107 දෙනෙක් මියගොස් තිබෙනවා. මේ අතර බිහාර් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කරන්නේ ප්‍රාන්තය තුළ මියගොස් ඇති අයගේ සෑම පවුලකට ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් වන්දි මුදලක් බෙදාදීමට තීරණය කල බවයි.


Jun
26

කොරෝනා අසාදිතයින් ගණන 2010 ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ තවත් අසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙරට අසාදිතයින් 2010 දෙනාගෙන් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අසාදිතයින් 397 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.


Jun
26

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර […]


Jun
25

කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්

Generic placeholder image

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය ඇතුළු අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළා. වසන්ත කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු මෙම අතුරු නියෝගය බලපැවෙත්වෙන බවට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල […]


Jun
25

කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

අද (25) සවස 2.00 වන විට කොරෝනා ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද උදෑසන කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1602 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන […]


Jun
25

කොරෝනා මැඩලීමට බ්‍රිතාන්‍යයෙන් නව එන්නතක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා ලන්ඩනයේ ඉම්පීරියල් පර්යේෂණ විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කණ්ඩායමක් විසින් එන්නතක් නිපදවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව මෙම එන්නත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් කිහිපදෙනෙකු සදහා අත්හදා බලා තිබෙන අතර ඉදිරියේදී තවත් 300 දෙනෙකුට එන්නත අත්හදා බැලීමට නියමිතව තිබෙන බවයි එම සරසවියේ විශේෂඥයින් වැඩි දුරටත් සදහන් කරන්නේ.


Jun
25

පෙට්‍රල් හා ඩීසල් මත පැනවූ ඉන්ධන අධිභාරය ඉවත් කෙරේ

Generic placeholder image

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාම හේතු කොටගෙන එහි වාසිය මහජනතාවට ලබා දීම අරමුණ කර ගනිමින් රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය ඉවත් කරන ලද බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මේ පිලිබදව අදහස් දක්වෛන් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ මිට පෙර ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල තාවකාලිකව පහල බැස […]


Jun
25

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර ගොඩනැංවීමට මහ බැංකුවෙන් ණය යෝජනා ක්‍රමයක්

Generic placeholder image

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර 13, 861 ක් ගොඩනැංවීම සඳහා රුපියල් බිලියන 27.9 ක මුදලක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ, 4% ක පොලී අනුපාතිකයක් යටතේ ය. ඒ අනුව දිවයින පුරා ව්‍යාපාර 7274 ක් සඳහා බැංකු පද්ධතිය මගින් ඊයේ මුදාහැර ඇති මුදල රුපියල් බිලියන 14.8 කි. අදාළ ණය යෝජනා ක්‍රමය 4% ක […]


Jun
25

කරුණා අම්මාන් CIDයට පැමිණෙයි

Generic placeholder image

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.


Jun
25

උතුරු කොරියාව හිටි හැටියේ වෙනස් වෙයි – දකුණු කොරියාවට එරෙහි යුධ සැලසුම අත්හරින ලකුණු ?

Generic placeholder image

උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට එරහිව දියත් කිරීමට සැලසුම් කර තිබු යුධමය ක්‍රියාමාර්ගය හිටි හැටියේ නවතා දැමීමට තීරණය කර තිබෙන බව උතුරු කොරියානු KCNA රාජ්‍ය පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. කොරියානු දේශ සිමා අර්බුදය ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් සිටි පසුබිමක උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය දකුණු කොරියවටද සිතා ගත නොහැකි බවයි එරට පුවත් සේවා […]


Jun
25

දකුණේ පාසල් විෂබීජහරණයට සදහා මිලියන 100ක්

Generic placeholder image

කොරෝනා වසංගතයෙන් පසු නැවත පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති පසුබිමකදී දකුණේ පාසල් ආරම්භ කිරීමේදී වැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කල යුතු බවයි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සදහන් සදහන් කරන්නේ. මේ සදහා දකුණු පළාතේ පළාත් පාලන ආයතන රුපියල් මිලියන 100ක් ලබා දීම කටයුතු කරන බවද ආණ්ඩුකාර වරයා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post