News Line| Off Air
Generic placeholder image

Jun
17

දිස්ත්‍රික්ක 14 ක ජන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන්

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 14 ක ජන්ද පත්‍රිකා මේ වන විට සම්පුර්ණයෙන්ම මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය සදහන් කරනවා. එමෙන්ම අනුරාධපුරය , මාතලේ , යාපනය , කිලිනොච්චිය , පොලොන්නරුව , මාතර , රත්නපුරය , යන දිස්ත්‍රික්ක වල ජන්ද පත්‍රිකා මේ වන විටත් ආදාල දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාල වෙත භාරදී තිබෙනවා.


Jun
17

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට

Generic placeholder image

ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය විසින් අද එම පක්ෂයේ මහ ලේකම් ධුරය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමීමට ඒකමතිකව අද (17) දින තීරණය කර තිබෙනවා. මේ අනුව එම මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරය පිරිනමා තිබෙන අතර ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් […]


Jun
17

ඊයේ දිනය තුල ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

Generic placeholder image

ගත වූ පැය 24 තුල ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ අනුව එම මරණ සංඛ්‍යාව 2006ක්. එමෙන්ම ඊයේ දිනය තුල පමණක් එරට කොරෝනා ආසාදිතයින් 11,135ක් වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000ට අධිකයි. මේ වන විට ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන ආකාරයට එරට රෝහල්වල දැඩි තදබදයක් පවතින හෙයින් එරට […]


Jun
17

චීනය නැවතත් වෛරස් අවදානමේ – බීජිං නුවර සියලු පාසල් වසා දමයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් මේ වන විට චීනයේ බීජිං නුවර ආශ්‍රිත ප්‍රදේශ ගණනවක ආරම්භ වී තිබෙනවා. වෛරස් රෝගීන්ගේ වැඩිවීම අඛණ්ඩව සිදුවන බැවින් බීජිං හි මිලියන සංඛ්‍යාත ජනතාවක් නව සීමාවන් යටතේ නැවතත් ජිවත් වීමට සිදුව තිබෙනවා. මෙම වෛරසය යලි හිස ඔසවා තිබෙන්නේ නගරයේ මස් හා එළවළු වලින් 80% ක් සපයන දැවැන්ත ෂින්ෆන්ඩි ආහාර වෙළඳපොලේදී බව වාර්තා […]


Jun
17

සුව වූ රෝගීන්ට නැවත වෛරසය අසාදනය වුවත් පැතිරෙන්නේ නෑ – අනිල් ජාසිංහ

Generic placeholder image

කොරෝනා වෛරසය අසාදනය වී ප්‍රතිකාර ලබා නිවෙස් වෙත යන ඇතැම් රෝගීන් යලි වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වුවත් ඒ අසදිතයින්ගෙන් වෛරසය ව්‍යප්ත නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා. රෝගියෙකු සුව වූ පසු ඔහු හෝ ඇය pcr පරීක්ෂණ දෙකකට භාජනය කොට සුව වූ බව තහවුරු කරගන්නා අතර එවැනි පුද්ගලයෙකුට යලි […]


Jun
17

දශක ගණනාවකට පසු ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ මාරාන්තික ගැටුමක්

Generic placeholder image

දශක කිහිපයකට පසු හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සහ ඉන්දීය හමුදා අතර ඇති වූ මාරාන්තික ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි හමුදාව ප්‍රකාශ කරනවා. දේශසීමා මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර තිබෙන ගැටුම් ඉකුත් දින කිහිපයේදී වැඩි වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් මෙලෙස ඉන්දීය සෙබළුන් 20 දෙනෙකුගේ ජිවිත අහිමි වී තිබෙනවා.


Jun
17

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද දිවයිනට එයි

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.


Jun
17

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළ අතර ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය […]


Jun
16

Facebook විසින් WhatsApp හි ඩිජිටල් ගෙවීම් සේවාවක් දියත් කරයි

Generic placeholder image

මෙම සේවාව මුලින්ම බ්‍රසීලයේ දියත් කර ඇති අතර මේ සඳහා නැගී එන වෙළඳපල වල පණිවිඩකරණ යෙදවුමේ (messaging apps) ඇති ජනප්‍රියතාව උපයෝගී කරගෙන තිබෙනවා. WhatsApp හි මවු සමාගම වන Facebook විසින් තම සමාජ මාධ්‍ය වේදිකාවන් (platforms) ඊ – වාණිජ්‍යකරණය (e-commerce) කිරීමට සැලසුම් කර මෙම දියත් කිරීම සිදුකර ඇත. මෙම සේවාව WhatsApp Pay යන නමින් දියත් කර […]


Jun
16

ඉරාන තානාපති අගමැති හමුවෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සිටින ඉරාන තානාපති හෂීම් අශ්ජසාඩේ (Hashem Ashjazadeh) මහතා අද(16) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. දෙරට අතර දිගු කලක් මුළුල්ලේ පවතින මිත්‍ර සබඳතා පිළිබඳව මෙම හමුවේ දී අවධානය යොමු වු අතර එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරිමට ගන්නා පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. දෙරට අතර සබදතා තව දුරටත් ප්‍රවර්ධනය කිරීම තම රට තව දුරටත් අපේක්ෂා කරන […]


Jun
16

උසස් පෙළ ගැන අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු

Generic placeholder image

2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දීම […]


Jun
16

පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කරයි

Generic placeholder image

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල් ගත කර තිබේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.


News Articles
Latest Videos
Most Popular Post