ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම අද සිට අරඹන බව රජයේ මුද්‍රණාලාදිපතිනිය ගංගානි ලියනගේ මහත්ම්ය සදහන් කරයි ඒ ම්ට සුළු මොහොතකට පෙර මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කිරිමෙන් අනතුරුවයි
මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කර තිබේ. ඒ, ජුනි 20 වැනි දා පාර්ලිමේන්තුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ […]
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම ඊයේ (1) දිනයේත් සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවේය. එහිදී සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සහරාන් හෂීම් ප්රමුඛ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට දේශපාලන රැකවරණය ලැබී ඇති බවට බුද්ධි අංශයෙන් තොරතුරු ලැබුණත් විමර්ශනයේ දී එවැනි දෙයක් අනාවරණය නොවුණු බවයි. ඉකුත් සිකුරාදා දිනයේ කොමිසම හමුවේ […]
එළඹෙන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින (02) තීරණය කර තිබෙනවා. අද දින පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විනි. එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ […]
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව ධවල මන්දිරය එදිරිපිට දැවැන්ත විරෝධතා රැළියක් පවැත්වෙන අතර තත්වය පාලනය කිරීමට එරට පොලිසිය ඉතා දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වෙනවා. මේ අතර ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ පිහිටි භූගත ආරක්ෂිත බංකරයකට රැගෙන යාමට ආරක්ෂක අංශ හට සිදුවු අතර කෙසේ වෙතත් මේ වන විට ජනපතිවරයා එම බංකරයෙන් එලියට පැමිණ […]
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලය තුල සිය බේකරි නිෂ්පාදන කටයුතු සැලකිය යුතු මට්ටමකින් බිද වැටි තිබීම හේතුවෙන් ඉදිරියේදීබේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහල දැමීමට සිදු වනු ඇති බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරනවා.
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලීසිය පැවසුවේ අන්තර්ජාල බැංකු ගනුදෙනු ඔස්සේ පෞද්ගලික ආයතනවල විද්‍යුත් ලිපින හරහා ව්‍යාජ පණිවුඩ යවමින් අදාළ පුද්ගලයින් තම බැංකු ගිණුම් වෙත මුදල් ලබාගෙන ඇති බවයි. මේ සඳහා ව්‍යාජ හැඳුනුම්පත් ද ඔවුන් භාවිත කර තිබේ. මේ වනවිට රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් මෙලෙස ලබා ගෙන ඇතැයි පොලීසිය […]
මාලිගාවත්තේ, මහල් නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.
මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් වැඩ භාර ගෙන ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා.
ආමේනියා අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත්කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් තමා හට කොරෝනා ආසාදනය වී ඇති බවට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අග්‍රාමාත්‍යවරයාට අමතරව ඔහුගේ පවුලේ ඥාතීන් හට දවෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ආමේනියාව තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 9282 ක් වාර්තා […]
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද නියෝග කළේය. ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැඟිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක […]
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාස දෙකක කාලය තුළ පෞද්ගලික අංශයේ සේවකයින්ට බලපෑ ගැටලු පිළිබඳ පැමිණිලි 15, 000 ට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ එම පැමිණිලි පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පසුගියදා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත භාරදුන් බවයි. සේවකයන් සේවයෙන් ඉවත් කිරීම, වැටුප් නොගෙවීම සහ වැටුපෙන් කොටසක් ගෙවීම […]