ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශී‍්‍රතව පවතින අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවේ. දිවයිනේ ඇතැම් […]
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බැවින් මේ වන විට දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන බව අප වාර්තා කරුවන් සදහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් […]
කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ දෙවන අවස්ථාවකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස ප්‍රතිචාර දැක්විමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් පවසා ඇත්තේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යළිත් වරක් වර්ධනය වී ඇති බවයි. සී.එන්.එන් රූපවාහිනය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් […]
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැලිසර ප්‍රදේශයේ කළ වැටලීමකින්, හොරොයින් කිලෝග්‍රෑම් 225 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් තොගය සමග මෝටර් රථ දෙකක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සහල් මලුවල ඇසුරුම් කර තිබියදී එම හොරොයින් තොගය සොයා ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 230 කට අධික බවයි
රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. වැවිලි හා […]
කොරෝනා පාලනයට එරට පැවති දැඩි නීති ලිහිල් කිරීමෙන් අනතුරුව මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය තම සමිපතයින් වෙනුවෙන් අවසන් ගෞරවය පුද කිරීම සදහා සුසාන භූමි වෙත යෑමට අවසර ලබා දී තිබෙනවා.
කොරෝනා මෙරටින් තව දුරටත් පාලනය කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන සේවා කළමනාකරණ කිරීම සදහා එනම් සියලුම පොදු ප්‍රවාහණ සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා. ඒ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්ය. කොවිඩ් 19 පොදු ප්රවාහණය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි මුලිකම […]
රට පුරා තිබෙන ව්‍යායම් මංතීරු භාවිතා කිරීමට මහ ජනයාට අවසර ලබා දී තිබෙන බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව අලුයම 05 සිට උදැසන 08 00 දක්වාත් යලි සවස 04.00 සිට රාත්‍රී 08 .00 දක්වාත් මෙම මංතීරු විවෘත කර තිබෙන බව වැඩි දුරටත් සදහන් වෙනවා.
ඉදිරි මැතිවරණය සෞඛ්‍යය ආරක්ෂිතව පවත්වන්නේ කෙසේද යන්න පිලිබදව මාර්ගෝපදේශ සැපයීමට රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.
කොරෝනා අසාධිතයින් හමුවීම හේතුවෙන් හුදකලා කෙරුණු බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ල යළි විවෘත කර තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබෙනවා. ආසාධිත ගණන ලක්ෂ 45 ක් ලෙස සදහන් වෙනවා. වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එය වාර්තා වන්නේ 86.900 ක් ලෙසයි
සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (14) දිනයේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින්. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටි