News Line| Off Air
Generic placeholder image

May
4

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ(03) රාත්‍රී 11.15 වන විට තවත් කො‍රෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගියේය. මේ වන විට පුද්ගලයින් 527 දෙනෙක් විවිධ රෝහල්වල […]


May
4

දිස්ත්‍රික්ක 4ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කෙරිණි. අද රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා […]


May
3

මැයි මස විශ්‍රාම වැටුප හා රුපියල් 5000 දීමනාව ගෙවීම හෙට සිට ඇරඹෙයි

Generic placeholder image

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහාද ගෙවීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. මැයි මස දීමනාව ගෙවීම හෙට(04) ඇරඹෙන අතර වෙසක් පුර පසළොස්වක පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබෙනවා. වැඩිහිටියන්, ආබාධ සහිත […]


May
3

ඇදිරි නීතිය පිලිබද නවතම නිවේදනය

Generic placeholder image

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිලවස්වලින් බැහැරව යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඇදිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැරව යාමට මෙය කිසිසේත් අදාල නොවන බව එම නිවේදනයේ […]


May
3

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 708 දක්වා ඉහළට – සුවය ලැබූවන් 184 ක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළගොස් තිබෙනවා. තවත් ආසාධිතයින් 12 දෙනෙක් අද දින සුවය ලබා නිවෙස් වෙත ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
3

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 706 දක්වා ඉහළ යයි

Generic placeholder image

නව කොරෝනා ආසාධිතයෙකු අද දිනයේදී වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම අද දින තවත් කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 182 ක්. දැනට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 517 ක්


May
3

පරිප්පු සහ සැමන් වලට පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කෙරේ

Generic placeholder image

මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. එහෙත් එම අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් […]


May
3

පළා යාමට උත්සාහ කළ මහර බන්ධනාගාරයේ රැඳවූවෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කිරිමේදී සිදු වූ අනතුරකින් රැදවියෙකු මියගොස් තිබෙනවා. මෙලෙස පලායාමට උත්සහ කළ තවත් රැදවියන් 06 දෙනෙකු බන්ධනගාර ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවා. අද අළුයම තුනට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ලණු හා ඇද ඇතිරිලි ආදියෙන් බන්ධනාගාර තාප්පයෙන් පැනයාමට උත්සහ […]


May
3

පුද්ගලයන් 17,48,028 දෙනෙකුට රු.5000 දීමනාව ගෙවා අවසන්

Generic placeholder image

පුද්ගලයන් දාහත්ලක්‍ෂ හතළිස් අට දහස් විසි දෙනෙකු සදහා රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ සදහා රුපියල් මිලියන 8015 කට අධික මුදලක් වැය කළ බව එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවා. සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභී පවුල් විසිපන් ලක්‍ෂයකට වැඩි පිරිසක් සදහා රුපියල් 5000 දීමනාව ලබාදීමට වැය කර ඇති මුදල […]


May
3

ලොවපුරා කොරෝනා මරණ දෙලක්ෂ හතළිස් හතරදහස ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් – 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන දෙලක්ෂ හතළිස් හතරදහස් හත්සියය ඉක්මවන අතර මුළු ආසාදිතයන් ගණන තිස් හතර ලක්ෂ අසූ තුන්දහස් තුන්සිය හතළිස් හතක් දක්වා ඉහළ ගොස් තිබේ. අදින් මාස තුනකට ආසන්න කාලයකට පෙර එනම්, පසුගිය ජනවාරි මස 12 වන දා වන විට කොවිඩ් 19 වෛරසය චීනයට පමණක් සීමා වුණි. […]


May
3

රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වෙයි

Generic placeholder image

රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වේ. මෙවර එහි තේමාව වී ඇත්තේ, ‘ආරෝග්‍යා පරමා ලාභා – සංතුෂ්ඨී පරමං ධනං’ යන්නයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරත වන්නැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.


May
3

දිස්ත්‍රික්ක 4ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට(04) අළුයම 05.00ට ඉවත් කෙරෙයි. එදිනම රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අළුයම […]


News Articles
Latest Videos
Most Popular Post