News Line| Off Air
Generic placeholder image

Apr
17

කොළඹ යාචකයින් 360 දෙනෙකු නිරෝධායනයට

Generic placeholder image

රටේ පවතින වත්මන් වාතාවරණය සැළකිල්ලට ගනිමින් කොළඹ නගරයේ යාචකයින් 360 දෙනෙකු තාවකාලික ස්ථානයක රඳවා තැබීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළා. ඒ අනුව අද (17) දිනයේ මෙම යාචකයින් කොළඹ, ගුණසිංහපුර ප්‍රදේශයට […]


Apr
17

ප‍්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මෙලොවින් සමුගනී

Generic placeholder image

ප‍්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අද අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට 76 වන වියේ පසු වූ ඔහු කලක සිට රෝහල්ගතව ප‍්‍රතිකාර කළ බව සදහන්. පළමුවෙන් 1969 වසරේ හන්තානේ කතාව චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සෙයිලම වැනි චිත‍්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිත රැුසකට දායකත්වය ලබාදුන්නා. දයා තෙන්නකෝන් ටෙලිනාට්‍ය […]


Apr
17

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මීට සුළු මොහොතකට පෙර තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
17

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 241 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් තුන්දෙනෙකු වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 241 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මොවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හදුනාගෙන ඇති අතර එම ආසාධිතයින් තිදෙනාම කාන්තාවන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළා.


Apr
17

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.


Apr
17

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට මිලි මීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් […]


Apr
17

කොළඹ සහ සුදුවැල්ලේ තවත් 40 දෙනෙකු නිරෝධායනය යොමු කෙරේ

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.


Apr
17

තැපෑලේ අභ්‍යන්තර කටයුතු ඇරඹීම අද සිට

Generic placeholder image

මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කෙසේවෙතත් අද දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමක් සිදුනොවන බව […]


Apr
17

දෛනික ජීවනෝපාය අහිමි වීමෙන් පීඩාවට පත් පුද්ගලයින් තෝරා ගැනීම අද සහ හෙට

Generic placeholder image

දෛනික ජීවනෝපාය අහිමි වීමෙන් පීඩාවට පත් පුද්ගලයින් තෝරා ගැනීම අද සහ හෙට සිදු කෙරේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ තෝරා ගන්නා පුද්ගලයින්ට ලබන 20 වැනිදා සිට රුපියල් 5000 දීමනාව ලබාදෙන බවයි. ඒ, සමාජ ප්‍රතිලාභ වැඩසටහන යටතේ ය. රජය ඊයේ නිවේදනය කළේ ලබන 20 වැනිදා සිට අදාළ පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව […]


Apr
17

ආර්ථික පුනරුද උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට

Generic placeholder image

ආර්ථික පුනරුද උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පනගැන්විමේ අරමුණින් මෙම උපාය මාර්ග සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ඒ අනුව මෙම උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත් කරන බව නිවේදනයක් නිකුත් […]


Apr
17

ගත වු පැය 24 තුල ‌මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වී නොමැත

Generic placeholder image

ගත වු පැය 24ක කාලය තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (16) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලබා පිටව ගිය මුළු සංඛ්‍යාව 68ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මෙරට […]


Apr
16

5000 දීමනාව බෙදීමේ රාජකාරිවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කරයි

Generic placeholder image

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදාදීමේ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් පවසනවා. තමන් අදාළ සේවයෙන් ඉවත් වන්නේ ප්‍රාදේශීය වශයෙන් එල්ලවන දේශපාලන බලපෑම් නිසා බව එම සංගම් පෙන්වා දී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දෛනික ආදායම් බිඳ වැටුණු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් සඳහා රුපියල් […]


News Articles
Latest Videos
Most Popular Post