News Line| Off Air
Generic placeholder image

Jan
8

නුවරඑළිය ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් 42ක් බඹර ප්‍රහාරයකින් රෝහලට

Generic placeholder image

නුවරඑළිය ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් 42 දෙනෙකු නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිසුවියන් මෙන්ම ගුරුවරුන් තුන්දෙනෙකු ද ඒ අතර වන බව අප වාර්තාකරු සඳහන් කළා. පාසල නිමවී සිසුන් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේ ඔවුන් ක්‍රීඩා කිරීමට යොදාගත් බෝලයක් බඹර කූඩුවක ගැටීමෙන් බඹරුන් ඇවිස්සී තිබෙනවා. බඹර දෂ්ඨණයෙන් තුවාල ලබා රෝහල් ගත […]


Jan
8

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් නිකුත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක්

Generic placeholder image

මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ සිසු සිසුවියන් එම ඉල්ලුම්පත්‍ර මාර්තු 31 වනදාට පෙර යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන […]


Jan
8

නියගය පාලනයට විසඳුමක් ලෙස ඔටුවන් 10,000 ක් ඝාතනය කිරීමට මෙහෙයුමක්

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ දකුණු දිග කලාපයට බලපා ඇති නියගය හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනයට විසඳුමක් ලෙස ඔටුවන් 10,000 ක් පමණ ඝාතනය කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. නියගය බලපා ඇති දකුණු දිග කලාපයේ වෙසෙන ඔටුවන් විශාල වශයෙන් ජලය පානය කරන බැවින් එය වැළැක්වීම සඳහා මෙලෙස එම සතුන් මරා දැමීමට බලධාරීන් තීරණය කර ඇති බව සදහන්. දකුණු දිග […]


Jan
8

ඇමෙරිකාව දිගුදුර බෝම්බ හෙළීමේ යානා 6ක් ඉන්දීය සාගරයේ ස්ථානගත කරයි

Generic placeholder image

අමෙරිකාව විසින් බී ෆිෆ්ටි ටූ වර්ගයේ දිගුදුර බෝම්බ හෙළීමේ ගුවන්යානා 6ක් , ඉන්දීය සාගරයේ දියාගෝ ගාෂියාහි පිහිටි සිය හමුදා කඳවුර වෙත යවා තිබෙන බව වාර්තා වෙන අතර මෙය ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා නියෝගයක් ලද සැණින් භාවිත කිරීමේ අරමුණින් එම ගුවන් යානා ඉන්දීය සාගරය වෙත යවා ඇති බවටයි වාර්තා පල වන්නේ. ඒ අනුව මෙම යානා ඉන්දීය […]


Jan
8

මැද පෙරදිග රටවල් කිහිපයකට ඉහලින් යෑම ඇමෙරිකාව තාවකාලිකව අත් හිටුවයි

Generic placeholder image

ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සදහන් කරන්නේ ඉරාකය, ඉරානය පර්සියානු හා ඕමාන් ගල්ෆ් කලාපයට ඉහලින් ගුවන් යානා පියාසර කරවීම් තාවකාලිකව අත් හිටුවා ඇති බවයි. ඊට හේතු වන්නේ විශේෂයෙන්ම මේ වන විටත් ඉරාකයේ ඇමෙරිකානු කදවුරු දෙකකට ඉරානය විසින් බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබීමයි.


Jan
8

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කර තිබෙනවා.


Jan
8

අපි පහර දුන්නේ ඇමෙරිකාවේ මුහුණට – ඒක තාම ඉවර නෑ – ඉරානයේ උත්තරීතර නායකයාගෙන් ප‍්‍රකාශයක්

Generic placeholder image

ඉරානයේ උත්තරීතර නායක අයිතුල්ලා අල් කමේනි ටෙහෙරාන් නුවරදී ජාතිය අමතමින් පවසා සිටියේ ඇමෙරිකානු යුධ හමුදා කදවුරු දෙකකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප‍්‍රහාරය තමා හදුන්වන්නේ ඇමෙරිකානුවන්ගේ මුහුණට පහරක් එල්ල කිරීමට සමාන කිරීමක් වශයෙන් බවයි. එම ප‍්‍රහාරය ප‍්‍රමාණවත් ප‍්‍රහාරයක් ලෙස නොසලකන බවත් ඔහු පවසා තිබුණා. තමන්ගේ යුධ ප‍්‍රධානී සුලෙයිමාන් ඝාතනය කිරීමට එරෙහිව තවත් ඇමෙරිකානු ඉලක්ක සීයයකට පහර […]


Jan
8

සුරක්ෂා සිසු රක්ෂණ දීමනාව අඛණ්ඩව

Generic placeholder image

රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන් ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන් පටු දේශපාලන අරමුණුවලින් බැහැර ව අගය කරන අතර, එහි ගැටළු, අක්‍රමිකතා ඇති තැන් වෙතොත් ඒවා ද නිවැරදි කර, ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට නොපැකිළ ව සූදානම් […]


Jan
8

සදුන් පෙරේරා ගොඩක් ආදරේ කාටද ?

Generic placeholder image

තනිවෙන්නෙපා, ඔබ සතුටින්, ආයෙත් වරක්, පූජා කරන්නම්, දුකක් දැනෙන්න එපා, වරද පිළිගන්නවා, ආදරය ආගමකි, හමුවී වෙන්වී ගෙවෙනා, වෙඩි වරුසා වැනි ගීත තුලින් රසික සිත් දිනාගත් නව පරපුරේ ජනප්‍රිය ගායක සදුන් පෙරේරාගේ නවතම ගීතයක් නුදුරේදී නිකුත් කිරීමට නියමිතයි. සියත 24 අපි මේ ගැන සදුන් පෙරේරාගෙන් විමසීමක් කලා.. සදුන් මොකක්ද මේ අලුත් වැඩේ..? මේක මගේ අලුත්ම සින්දුව. […]


Jan
8

දුරුතු පොහොය දා වසරේ පළමු චන්ද්‍රග්‍රහණය දිස්වේ

Generic placeholder image

මෙම වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන අතර සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමඟ මෙය සිදුවන බවයි පැවසෙන්නේ. මෙම ග්‍රහණය ඡායා […]


Jan
8

ශ්‍රී ලන්කන් ඉරාන හා ඉරාක ගුවන් සීමා මග හරිමින් පියාසර ක‍රයි

Generic placeholder image

කොළඹ- ලන්ඩන් ගුවන් ගමන් සිදුකිරීමේදී ඉරාක හා ඉරාන ගුවන් සීමා අත්හරිමින් පියාසර කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදු කර ඇති බව සඳහන්. ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස ගුවන් ගමන් මාර්ගය […]


Jan
8

” උදේ වෙනකන් ඉන්න මම මේ ගැන ප්‍රකාශයක් කරනවා ” – ඉරාන ප්‍රහාරය ගැන ට්‍රම්ප්ගෙන් පණිවිඩයක්

Generic placeholder image

ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමෙරිකානු කදවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ටිවිටර් පණිවිඩයකින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. එම පණිවිඩ අනුව ඔහු පවසා ඇත්තේ ” සියල්ල හොදින්. ඉරානය අපේ හමුදා කදවුරු දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි හානියේ තරම තවම තක්සේරු කරනවා. මේ වන තෙක් ගොඩක් හොදයි. අපිට ලෝකේ ඕනෑම තැනක් ක්‍රියාත්මක වෙන්න […]


News Articles
Latest Videos
Most Popular Post