News Line| Off Air
Generic placeholder image

Dec
31

වැට් බදු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මකයි

Generic placeholder image

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු සංශෝධන, මුදල් අමාත්‍යාංශ උපදෙස් පරිදි හෙට (01) සිට ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව අද (31) දිනට පෙර අවසන් වන ඕනෑම කාර්තුවක් සඳහා බද්දට යටත් සැපයුම රුපියල් මිලියන 75ක් නොඉක්ම වන තැනැත්තන්ගේ එකතු කළ අගය මත බද්ද සඳහා වන ලියාපදිංචිය හෙට සිට බලපැවැත්වෙන […]


Dec
31

ලොව සුන්දරම මුහුණ හිමි කාන්තාව මෙන්න

Generic placeholder image

තායිවාන ජාතික ගායිකාවක් වන ට්සුයු නමැති තරුණිය ලොව සුන්දරම මුහුණ හිමි කාන්තාව ලෙස නම් කර තිබෙනවා. මේ වන විට ඇය 20 වන වියෙහි පසුවන බවයි වාර්තා වන්නේ.


Dec
31

අනවසර සංක්‍රමණිකයින් පිරිසක් නාවික හමුදා බාරයට ගනී

Generic placeholder image

නාවික හමුදාව විසින් ඊයේ (30) දින ත්‍රීකුණාමළය පඩිකේයි ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලද අතර තවද, මෙහිදී එම පුද්ගලයින් විසින් ඒ සඳහා භාවිතා කරන ලද ට්‍රෝලර් යාත්‍රාව ඔකඳ කුණුකල, පානම වෙර‍ළ තීරයේදී නාවික හමුදාව විසින් සොයාගැනීමට […]


Dec
31

නව නිපැයුම්කරුවන්ට එළඹෙන වසරේ සහන රැසක්

Generic placeholder image

ලබන ජනවාරි මාසයේ මුල සිට නව නිපැයුම්කරුවන් සදහා රජය විසින් සහන රැසක් ලබා දෙමින් ඔවුන් දිරිමත් කිරීම සදහා වැඩ පිළිවෙලක් සිදු කිරීමට සුදානම් බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පවසනවා. විශේෂයෙන්ම එම වැඩ පිළිවෙලේ පළමු පියවර වශයෙන් නව නිපැයුම්කරුවන් හඳුනාගෙන ඔවුන් නිපැයුම් වලදී මුහුණ දෙන ගැටළු පිලිබදව අවබෝධයක් ලබාගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් […]


Dec
31

ඇමති අමරවීරගේ වැටුප අඩු ආදායම්ලාභී දරුවන්ට

Generic placeholder image

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ඇමති වැටුප අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා යෙදවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ මහතාගේ දෙසැම්බර් මාසයේ වැටුප පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ දී පාසල් දරුවන් පිරිසකට පාසල් උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා.


Dec
31

නවදිල්ලිය අගනුවර දැඩි ශීතලෙන් ඇලලෙයි

Generic placeholder image

වසර 119 පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දැඩි ශිත කාලගුණයක් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ අනුව නවදිල්ලි අගනුවරෙන් වාර්තා වූ උපරිම උෂ්ණත්වය සෙලිසියස් අංශක 9.4 ක් සටහන් වී තිබෙනවා. මෙවැනි අධික ශීත කාලගුණයක් ඇති වී තිබෙන්නේ 1901 වසරේ වන අතර ඒ වසර 119 කට පසු වීම විශේෂත්වයක්. මේ හේතුවෙන් අගනුවර දෛනික කටයුතු අඩාල වී තිබුණු […]


Dec
31

රූමි මොහොමඩ් CID අත්අඩංගුවට

Generic placeholder image

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (31) පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇති අතර සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබුණා.


Dec
31

පෙරහැරවල කරඬුව වැඩම කරන ඇත්තු ගණන පහකට සිමා වෙයි

Generic placeholder image

පෙරහැරවල කරඞුවක් වැඩම කරවිය හැකි ඇතුන් ප්‍රමාණය පස් දෙනෙකුට සීමා වී ඇති බව දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. මෙම තත්ත්වය හේතුවෙන් පෙරහැර කටයුතු සිදුකිරීම බරපතළ ගැටළුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙන අතර වැලිවේරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව කියා සිටියා.


Dec
31

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හෙට සිට ඉහළ යයි

Generic placeholder image

රාජ්‍ය සේවකන්ගේ මූලික වැටුප හෙට සිට ඉහල යන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් ඉහල යෑමක්.


Dec
31

අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයින පුරා අදත් වැසි රහිත කාලගුණ තත්වයක් ඇති වීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, නැගෙනහිර, උතුරු, උතුරු මැද, පළාත් වලත් උදැසන කාලයේ තද මිදුම් තත්වයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.


Dec
31

31 රෑ fun එක

Generic placeholder image

සියත වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත FM ඔස්සේ සංවිධානය කෙරෙන ගයන්ත විජේරත්න ප‍්‍රමුඛ G – team එක්ක සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 රියැලිටි තරගකරුවන් සමග අද දින රාත්‍රී 10 සිට පාන්දර වෙනකන්ම 31 රෑ Fun 1 සමග සියත Face book live සහ සියත FM 98.2/98.4 සමගින් ඔබත් එක්වන්න.


Dec
30

ඉන්දීය අගමැති මෝදීගේ නිවසේ ගින්නක්

Generic placeholder image

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නව දිල්ලි හි පිහිටි නිවසේ ගින්නක් හටගෙන තිබෙනවා. විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්න ඇතිවු බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළා. ගින්න ඇතිවීමත් සමග ගිනි නිවීමේ රථ 09ක් අගමැතිවරයාගේ නිල නිවෙස වෙත පිටත් කර හැරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනත් එම රථ වලට අගමැතිවරයාගේ නිවසට ඇතුල්වීමට ආරක්ෂක අංශ අවසර ලබාදී […]


News Articles
Latest Videos
Most Popular Post