News Line| Off Air
Generic placeholder image

Dec
30

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිංහයින් සිව්දෙනෙක්

Generic placeholder image

ඉන්දියාවේ සත්ව උද්‍යානයක් සඳහා ශ්‍රී ලංකාවෙන් සිංහයින් සිව්දෙනෙක් ලබා ගැනීමට අවසර හිමිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඉන්දියාවේ බුබුනේෂ්වර්හි පිහිටි නන්දකන්නන් සත්ව උද්‍යානය සඳහා මෙලෙස ශ්‍රී ලංකාවේ සිටින සිංහයින් සිව්දෙනෙක් නුදුරේදීම ගෙන්වා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජයන්තන් දාස් සඳහන් කළා. නන්දකන්නන් සත්ව උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මෙ සම්බන්ධයෙන් […]


Dec
30

බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසුව නව වසරට නව මුහුණුවරකින් නාදවෙයි

Generic placeholder image

ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දමා තිබූ බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසුව නව මුහුණුවරකින් හෙට මධ්‍යම රාත්‍රියේ නාද කිරීමට නියමිතයි. මෙම කුලුණ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා 2017 වසරේ සිට වසා දැමුණු අතර වැදගත් අවස්ථාවන්හිදී පමණක් සීනුව නාද කිරීමට පියවර ගෙන තිබෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන මිලියන 5.2 ක් වැය කරමින් සිදුකරන කුලූණේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වසරේ නිම කිරීමට නියමිත බව […]


Dec
30

සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට ගැනීමට ජනපතිගේ අවධානය

Generic placeholder image

ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍ර, ආගමන විගමන ලේඛණ, උප්පැන්න සහ මරණ ලියාපදිංචිය ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. එමගින් කාලය, ශ්‍රමය සහ අති විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ නිලධාරීන් සමග […]


Dec
30

මෙන්ඩිස් සහ තිසරට අවස්ථාව හිමි නොවන ඉන්දියාව සමග 20-20 තරගාවලයට එක්වන ශී‍්‍ර ලංකා සංචිතය

Generic placeholder image

ලබන ජනවාරි මස 03 වනදා ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 තරගාවලිය සදහා එක්වන ශී‍්‍ර ලංකා සංචිතය නම්කර තිබෙනවා. මෙම සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර කී‍්‍රඩකයින් 15 කින් සමන්විත සංචිතයේ උප නායකත්වය හිමිව තිබෙන්නේ නිරෝෂන් දික්වැල්ලටයි. කුසල් මෙන්ඩිස්ට සහ තුන්ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට මෙම සංචිතය සදහා අවස්ථාවක් නොලැබීම විශේෂත්වයක්. දනුෂ්ක ගුණතිලක, කුසල් […]


Dec
30

දළඳා කරඩුව වැඩමවීමට වරම් ලද නැඳුන්ගමුවේ රාජාගේ රූපය සහිත මුද්දරයක්

Generic placeholder image

දළඳා කරඩුව වැඩමවීමට වරම් ලද ඇතුන් අතරින් ජ්‍යෙෂ්ඨතම හස්ති රාජයා වන නැඳුන්ගමුවේ රාජාගේ රූපය සහිත මුද්දරයක් අද (30) නිකුත් කරනු ලැබුවා. නැඳුන්ගම ප්‍රදේශයේදී මෙම මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කෙරුණු අතර මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර, නැදුන්ගමුවේ රාජාගේ වත්මන් හිමිකාරීත්වය දරන වෛද්‍ය හර්ෂ ධර්මවිජය ඇතුළු ආරාධිතයින් […]


Dec
30

උතුරු පළාතටත් නව ආණ්ඩුකාරවරියක්

Generic placeholder image

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් අද ජනාධීපති ගෝඨාභය රාජකප්ෂ මහතා ඉදිරියේ දිවුම්රු දුන්නා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියෙකු වන ඇය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර වව්නියාව සහ මඩකලපු දිසාපතිවරිය ලෙස කටයුතු කර තිබෙනවා. පසුව, රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස […]


Dec
30

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව අද උදෑසන 10 ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. පැය 3 යි විනාඩි විස්සක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පස්වරු 1.20ට පමණ ඉන් පිටව ගොස් […]


Dec
30

ස්විස් නිලධාරිනි ගානියාට ඇප

Generic placeholder image

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිලිබදව අත් අඩංගුවට ගෙන රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මතයි.


Dec
30

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ මැණික් ගැරු 5ක් අල්ලයි

Generic placeholder image

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ඉතාමත් හොර රහසේ මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් පස් දෙනෙකු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ කිරිකැටිඔය ප්‍රදේශයේදි මෙම පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව වනෝද්‍යාන නිලධාරීන් කියයි. මෙම පිරිස වනෝද්‍යානය තුළට රහසිගතව ඇතුළුවි එහි වාඩියක් ඉඳි කොට පතල් සකසාගෙන මැණික් ගැරිමේ යෙදි […]


Dec
30

ඇමෙරිකාවේ ටෙක්සාස්හි පල්ලියක වෙඩි තැබීමක්

Generic placeholder image

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පල්ලියක නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඒම දේවස්ථානයේ උදෑසන දේව මෙහෙය අතරතුර වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මෙම වැඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 02 නෙකු මියගොස් ඇති අතර එම වෙඩි තැබීම සිදු කල පුද්ගලයාද එම අවස්ථාවේ සභාවේ සිටි පුද්ගලයෙකු සිදු කල වෙඩි තැබීමකින් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සදහන් කරනවා. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට […]


Dec
30

බිත්තර මිල ඉහලට

Generic placeholder image

දැනට රුපියල් 17කට අලෙවි වන බිත්තරයක තොග මිල සඳුදා සිට රුපියල් 1.50කින් ඉහළ යන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 18.50ක් දක්වා ඉහළ යන බව එම සංගමය පවසනවා. බඩ ඉරිඟු ඇට මිල රුපියල් පනස් අටේ සිට රුපියල් 85ක් දක්වා ඉහළ ගොස් තිබෙන නිසා ජනවාරි 06දා සිට බිත්තරයක […]


Dec
30

හිටපු අමාත්‍ය රාජිතට ඇප

Generic placeholder image

සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කලා. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවය නියෝග කළේ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙන ලෙසයි. එමෙන්ම ඔහුගේ […]


News Articles
Latest Videos
Most Popular Post