News Line| Off Air
Generic placeholder image

Dec
28

සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට

Generic placeholder image

රුසියානු හමුදා ත්‍රස්ත පාලනයේ පවතින අවසන් බලකොටු වෙත ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට හැරී තිබෙනවා. මේ හේතුවෙන් පීඩා විදින අසරණ සිවිල් වැසියන් තුර්කිය වෙත පලායමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා. සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ නගර කිහිපයක් තවමත් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින බව සදහන්. ත්‍රස්ත ග්‍රහණයේ පැවැති මරාත් අල් නූමන් නගරයෙන් පලා […]


Dec
28

ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීම Online ක්‍රමයට

Generic placeholder image

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලබා සිටින සියලු පාසල් සිසුන්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක් සකස් කර තිබෙනවා. එම දත්ත පද්ධතිය ඇසුරෙන් සෑම මසකම 10 වැනි දින වනවිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මාර්ගගත ක්‍රමයට (Online) මුදල් බැර කරනු ඇති. පහ ශ්‍රේණියේ […]


Dec
28

ළදරුවන්ගේ ඇදුම් වලට සෞඛ්‍ය ආරක්ෂිත සහතිකයක්

Generic placeholder image

ළදරුවන්ගේ ඇදුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කිරීම සදහා ‘හොද ඇදුමක්-සුව දිවියක්’ වැඩසටහනට අනුව ළදරු ඇදුම් සදහා ‘ජාතික සෞඛ්‍ය ආරක්ෂක සහතිකය” නමින් රජයෙන් සහතිකයක් ලබාදීමේ වැඩසටහන එළිදැක්වා තිබෙනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකදී මෙම එළිදැක්වීම සිදුවුණා. ඒ අනුව ඉදිරියේදී ළදරු ඇදුම් සදහා ශ්‍රී ලංකා පේෂකර්ම ඇගළුම් ආයතනයේ අනුමත සලකුණක් […]


Dec
28

ජනපතිගේ නිරීක්ෂණයෙන් පසු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම වෙයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමත් සමඟ එහි කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර සකස් කළ පසු අදාළ පුද්ගලයාට එය දැනුම්දීම සඳහා නව තාක්ෂණය උපයෝගී කරගන්නා බව එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර සඳහන් කළා. රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා ඉල්ලුම්කරු විසින් අයදුම්පත්‍රය භාරදුන් පසු එය සකස් කර ඇති […]


Dec
28

උසස් පෙළ ජයගත් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්

Generic placeholder image

මෙවර උසස් පෙළ විභාගයේ නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකා ශිෂ්‍යයායි. මේ අතර පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත් හිමිකරගෙන තිබෙනවා. එමෙන්ම නව නිර්දේශය යටතේ වානිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ බිෂොප් විද්‍යාලයේ ටෙෂානි නිම්හාරා […]


Dec
28

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන අද උදෑසන පාසල්වලට

Generic placeholder image

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා. ඒ අනුව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් තුන්ලක්ෂ 37,704 අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ එක්ලක්ෂ 81,126 ක් පමණයි. විෂයන් තුනක් සඳහා නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් එක්ලක්ෂ 87,167 ක්ද, පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 94,619 ක් උසස් පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටියා. […]


Dec
28

රන්ජන් රාමනායකගේ උසස් පෙළ ප්‍රතිඵල

Generic placeholder image

2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දිනයේ නිකුත් කරනු ලැබුවා. පසුගිය අගෝස්තු මස 08 වැනිදා ආරම්භ වූ විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් පෙනී සිටි අතර, පාර්ලමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා. ඔහු විසින්, ඔහුගේ ප්‍රතිඵල සටහන සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති අතර, ඒ අනුව ඔහු, දේශපාලන විද්‍යාව […]


Dec
27

දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත්, නුවරඑලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එමෙන්ම නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


Dec
27

රාජිත සේනාරත්න ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අතිරේක මහේස්ත්‍රාත්වරියක් මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් බව සදහන්.


Dec
27

වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 50කින් ඉහළට

Generic placeholder image

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 50කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 51,000 ක් වාර්තා වූ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළා. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000කට අධික වන බවද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් […]


Dec
27

2019 වසරේ අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ලබන ජනවාරි මාසයේදී

Generic placeholder image

2019 වසරේ අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්විමට නියමිතව තිබෙනවා. එහිදී වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානය සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක් නිර්දේශ වී ඇති අතර මෙවර වසරේ පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය සඳහා නිර්දෙශ වී සිටින්නේ සෙනගාල ක්‍රීඩක සාඩියෝ මැනේ, ඊජිප්තු ක්‍රීඩක මොහොමඩ් සාලා සහ ඇල්ජීරියා ක්‍රීඩක රියාද් මාහ්රේස්. සාඩියෝ මැනේ මෙවර චැම්පියන්ස් ලීග් කිරුළ […]


Dec
27

කල්අඩිය ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයෙකුට වන අලි ප්‍රහාරයක්

Generic placeholder image

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් ඉන්දීය ජාතිකයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. සිය ලැගුම්හල ආසන්නයේදී ඔහු ප්‍රහාරයට ලක්ව ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි ඉන්දියානු සමාගමකට අයත් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි පුද්ගලයෙක්. අලුයම 4 ට පමණ සිය ලැගුම්හල ආසන්යෙට පැමිණි වන අලියෙකු විසින් ප්‍රහාරය එල්ලකර තිබෙනවා. ඉන් බරපතල තුවාල […]


News Articles
Latest Videos
Most Popular Post