ශ්‍රී ලංකාවාසීන්ට අද ඉතාමත් දුර්ලභ වලයාකාර සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබී ඇති අතර ඒ අද පෙරවරු 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුලයි. ලංකාවේ උතුරු ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස දිස්වෙන බවත් ලංකාවේ දකුණු ප්‍රදේශයට මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් දිස්වෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සූර්යග්‍රහණය කිසිදු විටෙක පියවි ඇසින් හෝ අව් […]
පානදුර උතුර පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතා ටී 56 ගිනිඅවි දෙකක් අතුරුදන්වීමේ සිද්ධියක් හේතුවෙන් සේවය අත්හිටුවනු ලැබු අතර ඒ මහතාව නැවත සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ මීගමුව කොට්ඨාසයට අනියුක්තවයි. වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම සේවයේ පිහිටුවීම සිදුකර තිබෙනවා.
අදත් දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර තිබෙනවා. මේ හේතුවෙන් අද දින පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස […]
ආගම්වාදී ත්‍රස්තවාදය නැමති අඳුර දුරුකොට අපේ මාතෘ භූමියට ආරක්ෂාවත්, සාමයත් නැවත ගෙනදීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඇප කැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා. උදාවන නත්තල නිමිත්තෙන් කිතුණු බැතිමතුන්ට සිය සුභ පැතුම් එක්කරමින් අගමැතිවරයා මෙම අදහස් පැවසුවා. අගමැතිවරයා විසින් නිකුත්කළ එම සුභ පැතුම් පණිවිඩය පහතින්.
නත්තලේදී සිය ඥාතී හිතමිතුරන්ට ලබාදිය හැකි හොඳම ත්‍යාගය ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කිරීම බව ලොව පුරා සංචාරයේ නිරත නත්තල් සීයා පවසනවා. නත්තල වෙනුවෙන් ලෝ වැසියන්ට සුබපැතුම් එක්කරමින් ඔහු මේ බව සඳහන් කළා. නත්තල් සීයාගේ ගම්මානය වන ෆින්ලන්තයේ ලැප්ලෑන්ඩ්හි පිහිටි රුවන්යෙමි ගම්මානය මේ දිනවලදී අතිශයින් කාර්යබහුලයි. නත්තල ආශ්රිත ක්‍රියාකාරකම් රැසක් එහි දක්නට ලැබෙනවා. ලොව වටා ජනතාවට […]
මගී ප්‍රවාහන බස්රථවල වාදනය වන අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත හඳුන්වා දීම සඳහා කටයුතු කරන්නැයි ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට නියමිත බව […]
වාන් දමන ජලාශ සංඛ්‍යාව 32 දක්වා අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් සෝමාවතිය ප්‍රදේශයේ ගංවතුර අවධානම තවදුරටත් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇති බැවින් මැදිරිගිරිය, කහඹියාව, පඹුරාන, පල්ලිය ගොඩැල්ල යන ප්‍රදේශවල ජනතාව තවදුරටත් ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව […]
ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා ප්‍රාන්තයේ බස් රථයක් අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර ඉන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. බස් රථය මාර්ගයේ තිබූ කොන්ක්‍රීට් බාධකය බිඳ ප්‍රපාතයට පෙරළී ඇති බවත් එය නතර වී ඇත්තේ පහළ වූ […]
අසිරිමත් නත්තල අද (24) මැදියම් රැයෙන් උදා වීමට නියමිතයි. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීම සඳහා මේ වන විටත් සූදානම්ව සිටිනවා. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා. දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට […]
ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 04 දා කොළඹ නිදහස් චතුරස්රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමටද තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබුවා. […]
විදෙස් රටවලින් පැමිණෙන මඟ හැරුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වහා දැනුවත් කරන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 1700 යන අංකයට කෙටි පණිවුඩයක් මගින් අදාළ දුරකථන අංකය පිළිබදව දැනුවත් කරන ලෙස එම කොමිෂන් සභාව දැනුම් දුන්නා. පසුගිය දින කිහිපය තුළම ජංගම දුරකථනවලට විදෙස් රටවලින් පැමිණෙන මඟ හැරුණු දුරකථන අංක සම්බන්ධයෙන් තොරතුරු වාර්තා […]