News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

රුවන්වැලි මහා සෑ චූඩා මාණික්‍යය වන්දනා කිරීමට අදත් අවස්ථාව

Generic placeholder image

අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය වන්දනා කිරීමට අදත් (19) සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙයි. ඒ, කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. ලබන 21 වැනිදා රන් පාදම සහිත චූඩාමාණික්‍යය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතයි.


Nov
19

නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ චීන – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් පවසනවා. ඒ අනුව දෙරටේම ජනතාවට තවදුරටත් ප්‍රතිලාභ ලැබෙන පරිදි එම සබඳතා පවත්වාගෙන යාමට අපේකෂා කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. චීන ජනාධිපතිවරයා තමාගේ මෙන්ම […]


Nov
19

ශ්‍රීලනිපයේ සභාපති ධුරය යළි හිටපු ජනපති මෛත්‍රීට

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබුවා. ඒ අනුව යළිත් වරක් පක්ෂ සභාපති ධුරය හිටපු ජනාධිපතිවරයාට භාර දුන් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා […]


Nov
19

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

Generic placeholder image

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්ධූරයට ඕෂධ සේනානායක මහතා පත් කර තිබේ.


Nov
19

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙයි

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේද නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ග සමබන්ධයෙන් කතිකා කරගැනීමටයි. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.


Nov
19

මේජර් ජනරාල් කමල් ගුණරත්න ආරක්ෂ ලේකම් ධුරයට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම් සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.


Nov
19

කථානායකගෙන් නිවේදනයක්

Generic placeholder image

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද කථානායකවරයා සමඟ සාකච්ඡා කළ බව කථානායක මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව, බොහෝ දෙනාගේ මතය වූයේ රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බව ලෙසද එම නිවේදනයේ සඳහන් […]


Nov
19

හත්වැනි විධායක ජනපති වැඩ භාරගනී

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපති ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම සිදු කරනු ලැබුවා. ඒ මහා සගරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මැදයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ නව ජනපති වැඩ භාර ගැනීම සිදු කරනු ලැබුවා.


Nov
19

යුරෝපා සංගමයෙන් නව ජනපතිට සුබ පැතුම්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපතිවරයා ලෙස තේරීපත් වුණු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යුරෝපා සංගමයද සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. සංගමය වැඩි දුරටත් එම නිවේදනයේ සදහන් කරන්නේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.


Nov
19

හෙට එජාපෙ අවසන් තීරණය ප්‍රකාශ කරන ලකුණු

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරිය පිලිබදව ගන්නා තීරණය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට අනතුරුව හෙට එක්සත් ජාතික පෙරමුණ කැදවා අවසන් තීරණයකට පැමිණීමට නියමිතව බවයි වාර්තා වන්නේ.


Nov
19

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක්

Generic placeholder image

අද පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂයන්හි පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක් කැදවීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම හමුවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.


Nov
19

ජනපති ගෝඨාභය වැඩ බාර ගැනීම අද

Generic placeholder image

නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුර රුවන්වැලිසෑය අභිමුව ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post