Centrigratedz කණ්ඩායමෙන් අයින් වෙලා උදය ශ්‍රී වික්‍රමසිංහ තමන්ගේම ගමනක් යනවා. ඉතින් ඒ යන අතරමඟ උදය ශ්‍රී ට ගල්,මුල්, මල් මේ හැම දේකටම මුහුණ දෙන්නත් සිද්ධ වුනා. ඒ අතරේ උදය ශ්‍රී ට එයාගේ සංගීත ජිවිතයේ තවත් වැදගත් කඩඉමක් පහු කරන්න අවස්ථාවක් පහුගිය දවසක ලැබුනා. ඒ තමයි “සුහුඹුල් සෙනෙහේ” ගීතය ජනප්‍රිය ජාත්‍යන්තර ගුවන් විදුළි නාලිකාවක් වන BBC […]
අධ්‍යාපනය කියන්නෙ සෑම ළමයෙක්ගෙම අයිතිවාසිකමක්. එ්ක නැති කරන්න දෙමව්පියන්ටවත් බෑ. අනික අපේ රටේ නීතිය අනුව අවුරුදු 5 වැඩි හැමෝම පාසල් අධ්‍යාපනය ලබන්න ඕන. හැබැයි ගොඩක් ළමයි ඉස්කෝලේ යන්න කැමති නෑ. පුළුවන් තරම් පාසල් නොගිහින් ඉන්න තමයි බලන්නෙ. එහෙම රටක අපිට බොහොම සංවේදී පුවතක් අහන්න ලැබුණා. ඔබ කවද හරි දවසක අහලා තියෙනවද ඉස්කෝලේ යන්න ඕන කියලා […]
අද 2017 නොවැම්බර් මාසයේ 02 බ්‍රහස්පතින්දා රාහු කාලය ප.ව 01.23 සිට 02.52 සුභ දිශාව උතුර මරු සිටින දිශාව දකුණ මේෂ ලග්නය නුවණින් කරන කටයුතු වලින් තරමක් බාධා ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. උගත් උසස් පුද්ගලයන් ආශ්‍රය කිරීම වඩාත් වැදගත්. මුල්‍ය පරිපාලන කටයුතු වලදී පාඩු සහගත තත්ව ඇතිවිය හැකියි. වෘත්තිමය පරිපාලන කටයුතු වලින් හවුල් ව්‍යාපාර […]
ඉස්කෝලේ යන කාලයේ අපිට පදක්කමක් ලැබුණා කියන්නෙ ඉර හද ලැබුණා වගේ. පුදුම සතුටක් දැනෙන්නෙ. එ්ත් එ් පදක්කම නැතිවුනොත් අපිට කොච්චර දුක හිතෙනවද? පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට අධ්‍යාපන අංශයෙන් මෙච්චර කාලෙකට ලැබිලා තියෙන්නෙ පදක්කම් 2 ක් විතරයි. හැබැයි එ් පදක්කම් දෙකම ඊයේ රෑ හොරු වගයක් අරන් ගිහින්. ඉස්කෝලේ කාර්යාල ගොඩනැගිල්ලේ වහලින් බැහැපු මේ හොරු කබඩ් එක […]
නොවැම්බර් 15 වෙද්දී හිරු වැහෙනවා කියලා කතාවක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම පැතිරිලා. Facebook , YouTube, Twitter වගේ සමාජ ජාල වල මේ ගැන වැඩිපුර කතා වුනා. ඉතිං මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයාගන්න සියතෙ අරවින්දට පුළුවන් වෙලා තියෙනවා. ඒක ඔබත් දැනගන්න ඕන නිසා අරවින්ද අද උදේ සියතේ උදෑසන වැඩසටහන අතරේ විශේෂ ප්‍රකාශයක් කලා. මේ තියෙන්නෙ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගායකයෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. ඔව් ඔබ නොදන්නවා වුනාට එ්ක අැත්ත. ඊයේ තිබුන ඩයලොග් ක්‍රිකට් සම්මාන උළලේදී මේ ගායකයෝ ටික තමන්ගේ වැඩ පෙන්නුවා. තිලකරත්න ඩිල්ෂාන්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන සහ දුෂ්මන්ත චමීර තමයි මේ විදියට ගීත ගායනා කරේ. කට්ටියත් එක්ක සරාගයේ, අපි කවුද කවුරුද, නීල දෑසේ සහ පෙහෙලා […]
තම රටේ මහජන මුදල් ගසා කමින් විශාල ධනයක් තමා සතු කර ගත් ජනාධිපති පුතෙකුට ඔහු සතු යුරෝ කෝටි ගණනක දේපල රාජ සන්තක කරමින් තුන් වසරක සිර දඬුවම් ලැබිලා. ඒ අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනී රාජ්‍යයේ ජනාධිපති පුත්‍රයාට . අප්‍රිකානු කලාපයේ වැඩිම කාලයක් රටක් යටත් කරගෙන සිටින පාලකයා වන එනම් 1979 සිට ගිනී රාජ්‍යය පාලනය කරන වත්මන් […]
බොලිවුඩ් චිත්‍රපට වල රගපාන්නේ ඉන්දියාවේ නළු නිළියන්. එත් ඔබ දන්නවද බොලිවුඩ් වල ජනප්‍රිය ගොඩක් නළු නිළියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය නෑ කියලා. පුදුම වෙන්න දෙයක් නෑ. මේ අයට ඉන්දියානු සම්බවයක් තිබ්බට විදේශ රටවල තමයි ඉපදිලා තියෙන්නේ. බලන්නකෝ මේ අතරේ ඔබ ආදරය කරන බොලිවුඩ් නළු නිළියොත් ඉන්නවද කියලා. ආලියා බාත් : ආලියාට තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය. ඇයගේ අම්ම […]
අද 2017 නොවැම්බර් මාසයේ 01 බදාදා රාහු කාලය පෙ.ව 11.54 සිට 01.23 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා වලට ඉතාමත්ම යෝග්‍යයි. විවාහ ජීවිතය ඇතුලේ පුංචි හෝ බාධා කම්කටොලු තිබුණානම් ඒවා දුරු කරගත හැකියි. අලුත් ව්‍යාපාර කටයුතු අලුත් ආයෝජන මාර්ග පිලිබදව අවධානය යොමු වෙනවා. ප්‍රේමනීය සබදතා […]
තෙල්දෙණියේ ඉඳන් වව්නියාව දක්වා ගමන් ගන්නා බස් රථයකින් මගියෙකුට නිකුත් කරපු ටිකට් පතක් ගැන මේ වෙද්දි සමාජජාල වෙබ් අඩවි වල කතාබහට ලක්වෙනවා. දඹුල්ලෙන් බස් රථයට නැඟපු මේ මඟියාගේ ගමනාන්තය වුනේ කොහොඹිලිවැව කියන ප්‍රදේශය. මේ ගමනාන්තයට නියමිත ගාස්තුව වුනේ රුපියල් 40 ක මුදලක්. හැබැයි මඟියාට ලැබුන ටිකට් එකේ ගමනාන්තය විදියට සඳහන් වෙලා තිබුනෙ කොහොඹිලිවැව කියලනම් නෙවෙයි. […]
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නීසා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දවස් කිහිපයේදී තව දුරටත් පවතින අතර, ලංකාවේ බොහෝ පළාත් වල අහස වලාකුළු වලින් බරව පවතිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ලංකාවේ ගොඩක් පළාත්වල පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක […]