මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අද (03) රාත්‍රී 10.10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනට පමණක් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට දිවයිනෙන් තවත් කොරෝනා ආසාධිතයින් 04 ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට අද(03) දක්වා පුද්ගලයින් 11607 දෙනෙක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වාහන 2878 ක් ද පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා. මේ අතර අද උදෑසන 6 සිට අද සවස 6 දක්වා පමණක් පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වාහන ද 151 ක් […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 54, 207 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම ලොව පුරා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 30,324 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මෙලෙස ඔහුට ඇප ලබා දුන්නා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් රුසියානු හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගනු ලැබුවේ මිග් යානා ගණදෙනුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකටයි.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදය වෙනසකට ලක් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. රෝගීන් හමුවන ප්‍රදේශ අවට පිරිස් පරික්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද වෛද්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
මේ දිනවල රටේ පවත්නා කොරෝනා වසංගතය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. මේ හේතුවෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළා. තමන් විසින් සිදුකරනු ලබන නිවේදන හෝ […]
මද්දකට හසු වි තේ වත්තේ මිය ගොස් සිටි හොදින් වැඩුණු කොටියෙකුගේ සිරුරක් ඊයේ (02) දින පස්වරුවේ සොයගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලය පවසනවා. නාවලපිටිය පොලිස් වසමට අයත් බාකෙඩ් වතුයායේ බාකෙපල් කොටසේ මිය ගිය කොටියෙකුගේ සිරුර තිබෙන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරි දැනුවත් කිරීමෙන් පසු වතු පාලන අධිකාරි විසින් ඒ බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් […]
ලොව ආසාදිතයින් වාර්තාවීම අතින් අමෙරිකාව ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයින් 244,877 ද ඉතාලියෙන් ආසාදිතයන් 115,242 ක්, ස්පාඤ්ඤයෙන් 112,065 ක්, ජර්මනියෙන් 84,794 ක්, චීනයෙන් 81,589ක්, ඉරානයෙන් 50,468 ක්, ප්‍රංශයෙන් 59,105 ක් සහ එක්සත් රාජධානියෙන් 33,718 ක් හඳුනාගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසය අසාදිතවීමෙන් ඉතාලිය තුළ වාර්තාවු මරණ සංඛ්‍යාව මේ වන විට 13,915 ක් වන අතර ගතවු […]
කොරෝනා ආසාධනය වී මෙරට සිදුවූ සිව්වෙනි මරණයත් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළා. මියගොස් ඇත්තේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බව සදහන්. නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම රෝගීයා මියගොස් ඇති බව හෙළිව තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සදහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු දින සිට අද (02) දක්වා එය උල්ලංඝනය කළ පුද්ගලයින් 10039 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වාහන 2489 ක් ද අත්අඩංගුවට පත්වු බව පොලීසිය පවසනවා. ඒ අනුව අද මධ්‍යහන 12 සිට සවස 6 දක්වා වු ගත වු පැය 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 305 ක් අත්අඩංගුවට […]