පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සභාගත කළ හඬපට වල ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සහ අසත්‍ය කරුණු ඉවත් කිරීමෙන් පසු පමණක්, මන්ත්‍රීවරුන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අනුව අදාළ හඩපට දැනට මන්ත්‍රීවරුන් වෙත නිකුත් නොකිරීමට මෙහිදී තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වෙන්කර ඇති විරෝධතා සඳහා වෙන් කර තිබු ස්ථානයට පැමිණ එහි සිටි විරෝධතා කරුවන් පිරිසක් හමුවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්ධන ඒකකයේ සේවකයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල වෙන් කර තිබු විරෝධතා භුමියේ විරෝධතාවයේ යෙදී සිටියා. එම අවස්ථාවේදී ඒ ස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විරෝධතාකරුවන් […]
මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශයෙන් සුනඛයෙකු කළ වීරක්‍රියාවක් වාර්තා වුණා.ඒ හේතුවෙන් භයානක අපරාධයක් වැළකී ගොස් තිබෙනවා. මාර්ගයේ ගමන් කළ සුනඛයෙකු කිසියම් බෑගයක් කටින් සපාගෙන එන ආකාරය මාර්ගයේ ගමන් කළ පොලිස් නිළධාරියෙකු දැක තිබෙනවා. පසුව එම බෑගය පිළිබඳ සැක සිතූ පොලිස් නිළධාරියා එය පරික්ෂාවට ලක් කිරීමේදී ඒ තුල තිබී ගිණිඅවියක් සොයාගත් බව සදහන්. ඒ අනුව මේ සම්බන්ධයෙන් මිරිහාන […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් සිව් දින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වුණා. අග්‍රාමාත්‍යවරයා යූ.එල්. 195 දරණ ගුවන් යානයෙන් අද දහවල් 1.55 ට ඉන්දියාවේ – නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා. අග්‍රාමාත්‍යවරයා අද පස්වරු 5.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ළඟාවීමට නියමිතයි. ඔහු පිළිගැනීම සඳහා හෙට දිනයේ ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් හිදී විශේෂ […]
පොදු සමාකාලය ප්‍රකාශයට පත්කර ගෙවුනු දින දෙක තුල නාවික හමුදා සාමාජිකයන් 396 දෙනෙකු නාවික කඳවුරු වෙත භාරවී තිබෙනවා. 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත් කෙරුණා. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා හෝ නැවත සේවයට එක්වීමට මෙමගින් අවස්ථාව සලසා දී තිබෙනවා. ලබන […]
රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින (06) මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබෙනවා. උපාය දූතයන් යොදවා විවාහ උත්සවයකට ඇනවුම් කරන අයුරින් මෙම රට බීම බෝතල් අත්අඩංගුවට ගත් බව සදහන්. සැකකරුවන් අවුරුදු 57 හා 53 වන වයසේ පසුවනවා. රටබීම බෝතල් 12 බැගින් […]
පූර්ව දැනුම්දීමකින් තොරව පසුගිය 3 වනදා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශණයේ වාර්තාව ලබන අගහරුවාදාට පෙර දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබෙනවා. විදුලි කප්පාදුවක් කිරීමට හේතු වූ සියලුම කරුණු සහ එය වළක්වා ගැනීමට නොහැකිවූ හේතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් දෙන ලෙස විමර්ශණය සඳහා පත් කර ඇති […]
කොරෝනා වෛරසය හේතුවෙන් හුදෙකලා නගරයක් බවට පත්ව ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටින සුරතල් සතුන් මුදාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එම සතුන්ට ආහාර සහ ජලය ලබාදීමටත් මෙහිදී පියවර ගත් බව සදහන්. මාරාන්තික නව කොරෝනා වෛරසය පැතිර යන චීනයේ වූහාන් නගරය හුදෙකලා නගරයක් බවට පත්කර මේ වන විට දින ගණනාවක් ගතවී ඇති අතර පුද්ගලයන් බොහෝ පිරිසක් […]
කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා ජනපති අතර ඊයේ (06) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තේ තොගය පරිත්‍යාග කරනු ලැබුවා. දුෂ්කර අවස්ථාවේදි චීන රජයට හා ජනතාවට ශ්‍රි ලංකා […]
ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස පත්කර තිබෙනවා. උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදු කෙරුණා.
2008/2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට නඩුව අද කැඳවූ අවස්ථාවේදී 3 වන වරටත් සිතාසි නිකුත් කර තිබෙනවා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද කැඳවූ අතර හිටපු නාවික හමුදාපතිවරයා අද දිනයේදීත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. වත්මන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා හරහා […]
මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 3700 ක් සමග ජපානයේ රඳවා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නැමති නෞකාවෙන් තවත් කොරෝනා රෝගීන් 41 දෙනෙකු හමු වී තිබෙනවා. ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව ජපාන බලධාරීන් සඳහන් කළා. ඒ අනුව එම නෞකාවෙන් හමු වු නව කොරෝනා වෛරස ආසාධිතයින්ගේ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම නෞකාව ජපානයට පැමිණ ඇත්තේ […]