ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට හදිසි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. වසර දෙකකට පසු වාර්තා වන වැඩිම වර්ෂාපතනය එම ප්‍රදේශවලින් මේ වනවිට සටහන් වන බව විදෙස් මාධ්‍ය සදහන් කළා.
එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කසළ අඩංගු කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා. එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයට එම ඉල්ලීම නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා. අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය […]
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයෙන් ඉවත් කර තිබෙනවා. වැලමිටේ ආබාධය තවමත් සුව නොවීමයි ඊට හේතු වූ බව සදහන්. මෙම ආබාධය හමුවේ ඔහුට මාස කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්වී සිටීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වීම සඳහා එංගලන්ත කණ්ඩායම ලබන මස 3 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට […]
නව කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම හේතුවෙන් මනාල යුවල නොමැතිව පැවති මංගල උත්සවයක් පිලිබද සිංගප්පූරුවෙන් වාර්තා වනවා. අදාල මනාල යුවල තම විවාහ මංගල උත්සවයට පෙර චීනයේ සංචාරය කර ජනවාරි මස 24 වනදා යලි සිංගප්පූරුවට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් එම වෛරස පැතිර යා හැකි බවට බියෙන් කිසිදු අමුත්තෙකු ඔවුන්ගේ මංගල උත්සවයට සහභාගි වීමට කැමති වී නොමැති අතර […]
රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබෙනවා. රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලයට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීම මෙහි අරමුණ වනවා. රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019 වසරේ දෙසැම්බර් මස […]
කොරෝනා වෛරසය සුව කිරීමේ මෙහෙයුමේ නිරතව සිටි චීන වෛද්‍යවරයෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. වීනයේ හෙන්ෂැන්ග් පළාතේ ප‍්‍රාදේශීය සායනයක පසුගිය ජනවාරි මස 25 වනදා සිට අඛණ්ඩව දින 10 ක් පැය 24 පුරා සේවය කිරීමෙන් මෙම වෛද්‍යවරයා දැඩි ආතතියට පත්ව මෙලෙස හෘදයාබාධයකින් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කළා. ලොවපුරා පැතිර යන මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ […]
සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල් මගින් පහසුකම් ලබාදීමට රජය සැලසුම්කර තිබෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පමණක් සිදුකරන සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වෛද්‍ය පරීක්ෂණය ඒ අනුව තවත් රජයේ රෝහල් 150 ක දී සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සදහන්. ඒ අනුව එම සේවය මහරෝහල්, මුලික […]
නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ බවට සැකකෙරෙන රෝගීන් 16 දෙනෙකු මේ වන විටත් අයි.ඩී.එච් උණ රෝහල ඇතුලු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ඒ අනුව කොළඹ උණ රෝහලේ රෝගීන් 3ක්, ගාල්ල කරාපිටිය ශික්ෂණ […]
අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
මන්නාරම – තාරපුරම් ප‍්‍රදේශයේදී අමෙරිකානු ඩොලර් 70,600 ක මුදල් (රු. 12,827,977) සමග 19 හැවිරිදි තරුණයෙකු යුධ හමුදාව සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිසිය සහ යුධ හමුදා නිලධාරීන් විසින් සිදුකළ පරීක්‍ෂණයකදී මෙම මුදල් ඔහුගේ යතුරුපැදියේ ආසනය යට තිබී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. මෙම මුදල් ඔහුට ලැබුනු ආකාරය […]
ශ්‍රී ලංකාවට ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා. තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද මෙම පත්කිරීම සිදුකළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,කළාකරුවන් හා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් මෙම සමීක්ෂණ මණ්ඩලයට අයත් වනවා. පසුගිය කාලයේ ආනයනය කළ චිත්‍රපට හා ටෙටිනාට්‍ය නිසා සමාජය හා සංස්කෘතිය අපගමනයට හා […]