News Line| Off Air
Generic placeholder image

Jan
16

යාපනයේ අහස හැඩ කළ සරුංගල් සැණකෙළිය ( Photo )

Generic placeholder image

2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවරද යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී පැවැත්වුණා. යාපනය වැල්වැටිතුරෙයි හා කන්කසන්තුරෙයි මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙළිය නැරඹිමට මෙවර අතිවිශාල ජනතාවක් සහභාගී වුණ බව වාර්තා වෙනවා. වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභාව ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙළිය වෙනුවෙන් දිවයිනේ බොහෝ සරුංගල් නිර්මාණකරුවන් රැසක් සහභාගී වුණා.


Jan
16

රන්ජන්ව වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරයි

Generic placeholder image

අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ තුලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම හඬ පරීක්ෂාවක් සඳහා රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසත් නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණා.


Jan
16

පළතුරු මිල ඉහළ යයි

Generic placeholder image

එළවළු මිල පහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසන අතර නමුත් පවතින පළතුරු මිල ගණන් තවදුරටත් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Jan
16

ජනපතිගෙන් අඩු ආදායම්ලාභින්ට තවත් සහනයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා සෑම හිමිකම්ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩ්පතක් නිකුත් කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.ඒ අනුව සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථිර රැකියාවක් නොමැති හා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින් වැන්දඹු පවුල්, […]


Jan
16

අඩු ආදායම් ලාභීන් සඳහා රැකියා අයඳුම්පත් නිකුත් කිරීම ලබන 20වෙනිදාට පෙර

Generic placeholder image

අඩු ආදායම්ලාභී සහ නිපුනතා රහිත ශ්‍රමිකයින්ට රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනට අදාල බඳවා ගැනිමේ ක්‍රමවේදය සහ ඒ සඳහා අයදුම්පත් ප්‍රසිද්ධ කිරිම ලබන 20 වන දිනට පෙර සිදු කිරිමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ සැලසුම් මේ වන විට අවසන් අදියරට පැමිණ […]


Jan
16

සිම්බාබ්වේ තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Generic placeholder image

සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් ‌වෙයි. සිම්බාබ්වේ තරගාවලිය සඳහා අසිත ප්‍රනාන්දු වෙනුවට අත්දැකීම් බහුල වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් නම් කර ඇති අතර කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට […]


Jan
16

රන්ජන්ගේ හඬපට පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 10 ක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් පමණ පත්කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මක බවයි. අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨායේ අධ්‍යක්ෂවරයාට වැඩබලන පොලිස්පතිවරයා විසින් දැනුම් දී ඇතැයි ද පොලිස් […]


Jan
16

රජයේ පාසල්වලට පළමු ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම අද

Generic placeholder image

මේ වසර සදහා රජයේ පාසල්වලට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදු කෙරෙනවා. ඊට අදාල ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල, ධර්ම ප‍්‍රදීප ප‍්‍රාථමික පාසලේදී පැවැත්වෙන අතර රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට වාර්ෂිකව ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 40,000 කට අධික වෙනවා.


Jan
16

එජාප නායකත්ව පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද

Generic placeholder image

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 05.00ටයි. මෙහිදී පක්ෂ නායකත්වය පිලිබදව අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.


Jan
16

අදත් වැසි රහිත කාලගුණ තත්වයක්

Generic placeholder image

දිවයින පුරා අදත් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. නැගෙනහිර පළාතේ වැසි ස්වල්ප වශයෙන් ඇති විය හැකි බව ඒම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


Jan
15

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ලෙස යළිත් සෙනරත් දිසානායක පත් කෙරේ

Generic placeholder image

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා යළි පත් කර තිබෙනවා.


Jan
15

ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු අද

Generic placeholder image

ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභවප්ප‍්‍රාප්ත වන විට 71 වන වියෙහි පසුවුණා. ප්‍රවීණ වේදිකා නාට්‍ය රචකයෙකු, ප‍්‍රවීන රංගධරයෙකුද වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් අන්දරේලා, පුත‍්‍ර සමාගම, සඳගිර, ගුරුතරුව, වෙස්සන්තර, සොක‍්‍රටීස්, රතු හැට්ටකාරී, නරියා සහ කේජු, කනේරුමල්, සුදුරෙදි හොරු, බූරුවා […]


News Articles
Latest Videos
Most Popular Post