ජාතික විදුලි බල මණ්ඩලය යටතේ පාලනය වන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (04) වන විට පිටාර මට්ටමේ සිට අඩි 67 පහල බැස ඇති අතර , දැනට එහි ඉතිරිව තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබාගත […]
ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරාගේ නවතම ගීතය ”හිත මුලා කරලා” නිකුත් කර තිබෙනවා. මෙහි පද රචනය, තනු නිර්මාණය වගේම ගායනයත් විරාජ් පෙරේරා විසින් සිදු කිරීම විශේෂත්වයක්. සංගීතය සැපයීම දෙනුවන් විතානගේ. වීඩියෝ අධ්‍යක්ෂණය ඉසුරු වැලිවිටිගොඩ සහ තරිඳු කංකානම්.
මෙවර අයිපීඑල් තරඟාවලිය වෙනුවෙන් මාලිංග නියෝජනය කරනවා. එම තරඟයෙන් අනතුරුව පැවැත්වෙන අන්තර් පළාත් තරඟාවලිය නියෝජනය කිරීමට මාලිංග දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ පැවති තරඟාවලියේදී කඩුලු 3ක් දවාගන්න මාලිංග සමත් වුණා. අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරඟයක් අද (04) පැවැත්වෙනවා. ගාල්ල කණ්ඩායමේ නායකයා වන්නේ මාලිංගයි.
චුන්නාකම් ප්‍රදේශයේ ජනතාවට රුපියල් ලක්ෂ 200 ක වන්දියක් ගෙවන ලෙස චුන්නාකම් විදුලි බලාගාර පාලනාධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා. ඒ චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයට හානි වීමේ හේතුවෙනුයි. මෙම පෙත්සම ගොනු කර තිබුණේ පාරිසරික ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා. මෙම විදුලි බලාගාරය නිසා භූගත ජලයට තෙල් හා ග්‍රීස් මිශ්‍ර වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් 500 කට උපරිම රුපියල් […]
පෙර පැවති පොලිස් නිලධාරීන් සඳහා යතුරු පැදි ලබාදීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කරන ලෙස ජෝන් අමතුරංග මහතා අද පෙරවරුවේ තිබූ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරා.
අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් සියදිවි හානි කර ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ඔහු සිය දිවි හානි කර ගෙන ඇති බවයි. අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මෙම සෙබලා අද පෙරවරුවේ ආරක්ෂක කටයුතු වල නිරතව සිට තිබෙනවා. එහිදී ඔහු වෙඩි තබා ගෙන ඇති අතර ඉන් තුවාල […]
මේ දවස් වල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශනයක් තමයි විදුලිය විසන්දි කිරීම සහ ජල කප්පාදුව කියන එක. මේ හැම ගැටළුවකටම හේතුව ගස් වල තිබෙන හිඟය සහ වර්ෂාව අඩුකම කියන එක ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. එක එක්කෙනාට ඇඟිල්ල දික් කර කර ඉන්න වෙලේ ඒ වෙනුවෙන් තමන්ට හැකි දේ සිදු කිරීම නියම මනුෂ්‍යත්වය කියලා අපි හඳුන්වනවා. මිලදී ගන්නා […]
ඩුබායි සිට මෙරටට පිටුවහල් කරන ලද පුද්ගලයින් පස්දෙනෙක් අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා. ඔවුන් මෙරටට පැමිණියේ අළුයම 5.25 ට පමණ යූ.එල් – 266 නම් ගුවන් යානයෙන්. එහිදී වැඩිදුර පරීක්ෂණ සඳහා වොඋන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු ඒකක භාරයට ගෙන තිබෙනවා. එම පුද්ගලයින් පස්දෙනා පිළිබඳව විස්තර පහත දැක්වේ. 01. නම – රයන් ඇන්තනී ජෙරාඩ් වෑන් රූලියන් […]
සියලුම ඡායාරූප වල අයිතිය මුල් අයිතිකරු සතු වන බව කරුණාවෙන් සලකන්න.
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල පළමු පාසල් වාරය හෙටින් අවසන් වනවා. දෙවන පාසල් වාරය 22 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා පළමු වාරය අප්‍රේල් ලබන 11 වන දින අවසන් වනවා. දෙවන පාසල් වාරය සඳහා අප්‍රේල් මස 17 වන බදාදා නැවත පාසල් ආරම්භ වනු ඇතී. මේ අතර පාසල් වාරය […]
වැලිකඩ බන්ධනාගාරය වෙත සිරකරුවන් රැගෙන එමින් සිටියදී බීමත්ව සිටි බවට චෝදනාවකට පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඇප මත නිදහස් වූ නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් , සැරයන්වරයෙක් හා නියාමකවරයෙක්. බන්ධනාගාර බස් රථයක බීමතින් සිටි මෙම පිරිස පසුගිය 31 වනදා මින්නේරිය ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙනවා. සාකච්ඡාව කැදවා ඇත්තේ අයවැය අවසන් ජන්ද විමසීම සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා යි. අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේ දී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජන්දය දීමෙන් වැළකී සිටියා. ඒ […]