මරදානේ පිහිටි ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ලක සෝපානයක් සිරවීමෙන් ඊයේ රාති‍්‍රයේ අනතුරක් සිදුවී තිබෙනවා.කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පැවසුවේ සිය නිලධාරීන් ගොස් සෝපානයේ සිරවී සිටි පුද්ගලයෙකු බේරාගත් බවයි.ගොඩනැගිල්ලේ අලූත්වැඩියාවක් අතරවාරයේ මෙම අනතුර සිදුව තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ. මේ අතර කොම්පඤ්ඤවීදියේ පිහිටි ගොඩනැගිල්ලක සෝපානයක් කඩා වැටීමෙන් ඉකුත් 29 වැනිදා සිදුවූ අනතුරකින් රගර් කී‍්‍රඩකයෙකු මියගියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙසින් ඔවුන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවතින සබඳතාව අවසන් කළ යුතු බව ඔවුන් සඳහන් කළේය.එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳවද ඔවුහු […]
මෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අයවැය විසර්ජන පනත් කෙටුම්පතලබන 07 වැනිදා (සඳුදා)කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හා අනතුරුව එයපාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයක් අනුව මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර අද අරම්භ වූ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 371 ලබා ගන්න සමත් උනා. තරගයේ ලකුණු පුවරුව පහතින්..
පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාපවසනවා. අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේ කටයුතු සිදුවන බවත්, එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය නීති සකස් කරන බවත් ඔහු […]
ගරු නියෝජ්‍ය අැමති පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය දිනකදී හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට සරත් ෆොන්සේකා මහතා මෙලෙ ප්‍රතිචාර දැක්වුවා. – පිස්සන් කොටු නෙමෙයිනේ. ලණුව කඩා ගත්ත හරකෙක් වගේ අරයට අනින්න මෙයාට අනින්න පටන් ගත්තොත් අපිට සිද්ධ වෙනවා හරක මෙල්ල කරන්න. පහුගිය කාලේ ඔය පුද්ගලයා MSD එකේ එයාට දීල තිබුණු වාහනයක් අරගෙන ඒකට සයිලර් […]
නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට ආයතන බෙදාදීමට කටයුතු කළද, එම ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත් කිරීම දැඩි අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වෙනවා. රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා සහරාජ්‍ය ව්‍යවසායකයන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී කමිටුවක් පත්කර තීබීම ඊට හේතුවයි. පසුගිය කාලය තුළ බොහෝ විට අමාත්‍යවරුන්ට […]
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මීට පෙර අවස්ථෘවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඇතුළත් වි සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා. එමෙන්ම ,ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වෙනවා.
සාධාරණ හේතුවක් නොමැතිව වසර පහක් සිය වත්කම් බැරකම් පිළිබද වාර්ෂික ප‍්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) තීරණය කළා. කොළඹ හිටපු ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ මෙම නඩුව විභාග කිරීමේදී […]
පසුගිය කාලයේ පැවැති දින 51 මෛත්‍රී-මහින්ද රජයට එක්වන ලෙස තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්‍ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02දා) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එම දිනවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු තමන්ට කතා කළ සියලු දෙනාගේ […]
මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද 02 මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 2 නියෝග කළා. බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණු අතර සිද්ධියට සම්බන්ධ […]
රාජ්‍ය පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල සමග පෞද්ගලික පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල එක්කර වාර්තා සැකසීම ඉතිහාසයේ මෙතෙක් සිදුව නොමැති බවත් ඒ අනුව මෙවර උසස් පෙළ ප්‍රතිඵල එලෙස නිකුත් කිරීම අධ්‍යපානය පෞද්ගලීකරණය කිරීම සඳහා වන කුමන්ත්‍රණයක් ලෙස තමන් දක්නා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණු […]