ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කර තිබෙනවා. ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (31) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා. මේ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට […]
ප්‍රභල අකුණු හා තද වැසි අනතුරු ඇඟවිම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරතිබෙනවා. මධ්‍යම, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වලට අදාළව පස්වරු 4.00 සිට පස්වරු 10.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. travellemming.com වෙබ් අඩවිය මගින් ලොකයේ ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගේන සමන්විත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් ආසියාව තුළ ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිව තිබෙනවා. ලෝකයේ මහාද්වීප හයකින් 2019 වසරේ සංචාරය කිරිමට සුදුසුම රටවල් තෝරා ගැනීම වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වීය. සුප්‍රකට […]
කථානායක කරූ ජයසුරිය මහතා විසින් අද දිනයේදි තම අලුත් අවුරුදු පණිවුඩය ඉදිරිපත් කර තිබෙනවා. උත්සවශ්‍රීයෙන් යුක්තව සමරන නව වසරක උදාව අපගේ ජීවිත වලට මෙන්ම අප මාතෘභූමියට සුබවාදී නැවුම් ආරම්භයකට පදනම සකසයි විශේෂයෙන්ම 2019 නව වසර උදා වනුයේ අප දේශය ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ජාතික, ආගමික, දේශපාලන සංහිඳියාවෙන් කිසියම් අස්වැසිල්ලකින් යුක්තව නවගමනක් අරඹා […]
උසස් පෙළ ප්‍රතිඵල නිශ්චිත දිනයට නිකුත් කිරිමට නොහැක් තත්ත්වයක් උද්ගත වී තිබේ. සෑම වසරකම දෙසැම්බර් 28 දා උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරිමට නියමිතව ඇතත් එදිනට එය නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. කෙසේ වෙතත් වසර අවසානයට පෙර විභාග ප්‍රථිඵල නිකුත් කිරිමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබේ. මේ වන විට විභාග ප්‍රතිඵල ලේඛණ සකස් කිරීමේ […]
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රධානතම පාසල් දෙකක් වන කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර වාර්ෂික ක්‍රිකට් තරගය එම විදුහල් දෙකෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් ඇගයීමක් ලෙස ‘මහේල – සංගා අභියෝග කුසලාන’ ලෙස නම් කිරීමට පියවර ගෙන […]
මසක් ඇතුළත තමන්ට කැබිනට් ඇමතිධූරයක් නොලැබුණහොත් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර පවසනවා.ඔහු මේ බව පවසා සිටියේ ගම්පෙරලිය ව්‍යාපෘතිය යටතේ ආඩිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබා දිමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. “රංගේ බංඩාර තමා මේක හෙළි කළේ නියම මිනිහා, රංගේ බංඩාර තමා කෙළින් මිනිහා, නිර්භිත මිනිහා කියලා හැම තැනම කියනවා.ඒජාපයේ හැරවුම් ලක්ෂය […]
අද (26) මධ්‍යම රාත්රියේ සිට බස් ගාස්තු අඩු කෙරෙන ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මේ වනවිට ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව එම ගාස්තු අඩු කිරීම සිදු වන්නේ සියයට 4. 2කින්.ඒ අනුව සාමාන්‍ය බස් රථ ගාස්තු, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී සේවාවල මෙන්ම අධිවේගී මාර්ගවල ගාස්තු ද අඩු කෙරෙනු ඇති.
හදවත් රෝගයකින් පෙළෙන ඔස්ට්‍රේලියානු හත් හැවැරිදි ආකි ස්චිලර්ගේ සිහිනය අද යථාර්තයක් බවට පත්විය. ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේදී පැවැතිවෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙස ඔහු කටයුතු කරන නිසා. ආකිගේ සිහිනය වී තිබුණේ කෙදිනක හෝ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමයි. ඒ අනුව ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඔහුගේ සිහිනය […]
දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකියන්ට දිවි අහිමි කරමින් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ රැසකට දැඩි බලපෑමක් එල්ල කළ සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 14ක් සම්පූර්ණ වෙනවා. මේ මහා ව්‍යසනයෙන් දිවි අහිමිවූ ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් මෙවර ද සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් සහ ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත […]
අද ලොවපුර කිතුනු බැතිමතුන් නත්තල සමර දිනයයි. නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වෙනවා. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය චරිතක් . ඔහු […]
දුම්රිය ශ්‍රේණි විෂමතා කිහිපයක් මුල් කර ගනිමින් ලබන 26 වැනිදා මධ්‍යම රාත්රියේ සිට දින 02ක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමණාකාර සේවාවලට අයත් නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ […]