පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් විශේෂ ප්‍රකාශයක් මේ වනවිට සිදු කරමින් සිටි. “ වර්තමාන පාර්ලිමේන්තුව ගොඩනැගීමේදි නව රජයක් පත්කිරීමට මා දරූ ප්‍රයන්තයට ගෞරවයක් ඇති කියලා හිතනවා.අපි එක්සත් ජාතික පක්ෂයත් සමග එකතුවෙලා විශාල කැපවීමක් කළා. පහුගිය ආණ්ඩුව කොළඹ නගරය කැසිනෝ නගරයක් කරන්න ගියාම මම විරුද්ධ වුණා. අදත් මම මගේ හෘද සාක්ෂිය රට වෙනුවෙන් […]
තමන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිම ගැටලුවක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ වත්මන් ගැටලුව කථානායකවරයා හා ජනපතිවරයා සාකච්ඡාවෙන් විසඳා ගන්නා ලෙසයි. එයට පිළිතුරු දුන් කථානායක කරු ජයසූරිය ” ජනපතිතුමයා මායි අතර ගැටලුවක් නෑ. සාකච්ඡා කරන්න පුළුවන්. […]
තමන් දේශපාලනට එක්වෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.මෙම වාර්තා වන පුවත් සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වූ බවත් තමන්ට දේශපාලනයට එක්වීමට කිසිම අදහසක් නොමැති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. “ වගකිවයුතු පුරවැසියෙක් ලෙස මම මගේ උපරිමයෙන් සමාජීය කාර්යයන් සඳහා එක්වෙනවා. යමෙක් තවකෙකුගේ ජීවිතය දේශපාලන කටයුතු හරහා […]
කුරූණෑගල ගැටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසල පිහිටි වෙල්යායක අද අලුයම සිට ඉතා විශාල ප්‍රමාණයේ සුදු පැහැති පුථන් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් වැඩි තිබෙන ආකාරය දැක ගැනීමට හැකි උනා.වෙල්යායේ පීදෙන ගොයම මත සබන් පෙණවලට සමාන මෙම ආගන්තුක ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් දැකගත හැකි වු අතර මෙම අපූර්ව දර්ශනය දැක ගැනිමට විශාල ප්‍රමාණයක් පැමිණ සිටි අයුරුද දැක ගැනීමට […]
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ගෙන එන යෝනාව පාර්ලිිමෙන්තු මන්ත්‍රී රවී කරුණනායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.ඔහු එම යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ජනරජයේ කවර හෝ වියදමක් දැරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට අවස්ථාවක් නොමැති බවයි. බහුතරයක් සම්මත කළ අයවැයක් සුළුතර ආණ්ඩුවක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.
පක්ෂ නායක රැස්වීම අවසානයේදී එම ස්ථානයෙන් පිටතට වැඩම කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවසූවේ තමන් වහන්සේ ස්වාධීන මන්ත්‍රීවරයකු බවයි. තමන් වහන්සේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වන බවත් උන්වහන්සේ මාධ්‍යවේදීන් කළ විමසීමේදී සදහන්කර සිටියා.
අද දවසේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කලත් මේ වන විට උසස් අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ මේ වනවිට පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබෙනවා. මේ වන විට ඔහු සභාව අමතමින් සිටිනවා. වැඩි තොරතුරු බලාපොරොත්තුවන්න….
අදත් ආණ්ඩු පක්ෂය නැතුව පාර්ලිමේන්තුව ඇරඹේ කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව ආණ්ඩු පක්ෂය දන්වා සිටියා. ඒ අනුව මේ මොහොතේ ආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව රැස්වීම ආරම්භවී තිබෙනවා. පාර්ලිමේන්තුවේදී මාධ්‍ය අමතමින් මේ සම්බන්දව බන්දුල ගුණවර්ධන පල කල අදහස් පහතින්… “ඇමතිවරයෙකුට වුණත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේනන් පුළුවන් කැබිනට් […]
Youth Eco Community සහ තවත් සංවිධාන රැසක් එකතු වී සංවිධානය කරන ලංකාව වටා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 03 වෙනිදා මීගමුව වෙරළ තීරයේදී ආරම්භ වෙනවා. මෙය පුරා දින හතක් පුරා දිවයින වටා වෙරළ තීරයම ආවරණය කරමින් සිදු කරනවා. දෙසැම්බර් 03 – මීගමුව වෙරළ තීරය දෙසැම්බර් 04 – කල්පිටිය වෙරළ තීරය දෙසැම්බර් 05 – යාපනය වෙරළ තීරය […]
අද පැවති මාධ්‍යය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් හෙට දවසේ එක්සත් ජාතික පෙරමුණට බහුතරය පෙන්වීමේදී 125 ත් 130 ත් අතර ප්‍රමාණයකින් හැකියාව ලැබෙන බව පවසා සිටියා. එමෙන්ම මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සිටින 103 ක හෝ 102 ක පිරිස ශුද්ධවූ පිරිසක්ද යන්න ඔප්පු කර පෙන්වන ලෙසද මන්ත්‍රීවරයා ප්‍රකාශකර සිටියා. ඒ එක්සත් ජාතික පක්ශයට […]
පන්දුව පළුදු කිරීමේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් බංගලදේශ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබෙනවා.තරගාවලියේ දී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු තරග වැදීමට නියමිත බව වාර්තා වෙයි. මීට අමතරව තරග තහනමට ලක්වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු උප නායක ඩේවිඩ් වොනර් ද එම ක්‍රිකට් තරගාවලියට සහභාගී […]
ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා අද යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා ප්‍රකාශකර සිටියා.මල්ලාකම් අධිකරණය භාරවීමෙන් පසුව මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා විසින් අශෝක් කුමාර් නැමත්තා දෙසැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට සිටියා. අශෝක්කුමාර් නැමත්තාගේ පෞද්ගලික ලිපිනය වී ඇත්තේ යාපනය […]