News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

අද ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ජනපතිට ලිපියක්

Generic placeholder image

පසුගිය 26 වෙනිදා සිදුවුණ අගමැති මාරුවත් සමග රටේ ඇති වී තිබෙන අස්ථාවර භාවය ඉක්මණින්ම විසදා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකික කාන්තාවන් අද දවසේ ජනපති ලේකම් කාර්‍යාලයේදී ජනපතිට ලියුමක් භාර දීමට නියමිතයි. ඒ උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙතින් කෙරෙන ඉල්ලීමයි යන තේමාව යටතේයි. මෙම ලිපියට රටේ ජනප්‍රිය රංගන ශිල්පිණීන්, ගායන ශිල්පිණීන් මෙන්ම විවිධ […]


Nov
28

එජාපයෙන් පාද යාත්‍රාවක්

Generic placeholder image

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සඳහා සංවිධාන කෙරෙන ‘‘යුක්තියේ හඬ’’ පාද යාත‍්‍රාව මගින් රටම එකම බලයක් ලෙස පෙළ ගස්වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.ලබන මස පළමු වැනිදා මෙම පාද යාත‍්‍රාව කොළඹින් ආරම්භ කෙරෙන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන පවසා සිටියේ. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන… “කොළඹ නගර ශාලා පරිශ්‍රයෙන් ආරම්භ කෙරෙන පාද යාත්‍රාව […]


Nov
28

දේශපාලනය මහජන සේවාවක් බවට පත් කළ යුතුයි

Generic placeholder image

වර්තමානයේදි ආදයම් මාර්ගයක් බවට පත් කර ගෙන ඇති දේශපාලනය මහජන සේවාවක් බවට පත් කිරිම තම අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ මාතලේ දි පැවසුවා. වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක… අපේ රට දිගු කාලිනව ගොඩනැගිමට නම් අපි කළ යුතු කාර්යන් රාශියක් තියෙනවා.අපි පොදු සම්මුතියකට ආ යුතුයි.අවුරුදු 70ක් තිස්සේ මේ […]


Nov
27

පාර්ලිමේන්තුවට ආ පොලිස් නිලධාරින් ගැන විමල්ට සැකයක්

Generic placeholder image

කථානායකවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයට කැඳවනු ලැබූ පොලිස් නිළධාරින් පාර්ලිමේන්තුවේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරීන් නොවන බවට විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ගේ මාධ්‍ය සාකච්ජාවක් හමුවේ ඔහු මේ බව කියා සිටියා. ” සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාවට කැඳවන්නේ පාර්ලිමේන්තුවේ රාජකාරිවලට අනියුක්ත කරලා තියෙන පොලිස් නිළධාරින්, නමුත් පසුගියදා කථානායකවරයා සමග සභා ගර්භයට පැමිණියේ […]


Nov
27

වැරදිකරුවන් රටටම හෙළිකිරීමට සූදානම් බැඳුම්කර වාර්තාවේ සිංහල හා ‌‌‌‌‌දෙමළ පිටපත් ජනපති ඉල්ලයි

Generic placeholder image

පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකකින් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා. අද පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මේ බව ප්‍රකාශ කළ අතර ඒ අනුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ක්‍රියාමාර්ග […]


Nov
27

නව රුපියලේ කාසි අගමැතිට

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතෙන්ම නිකුත් කරන රුපියලේ කාසි අද දිනයේදී අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුුුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‌‌වෙත පිළිගන්වා තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙම කාසි අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීය.


Nov
27

පාර්ලිමේන්තුව කල් තැබේ

Generic placeholder image

පාර්ලිමේන්තුව ලබන 29 වනදා දක්වා අද කල් තැබුණා. අද පස්වරු 01ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී පාර්ලිමේන්තුව ලබන 29 වනදා පෙරවරු 10.30 දක්වා කල් තැබීමටයි තීරණය කෙරුණේ.


Nov
27

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ආහාරත් වර්ජනය කරයි

Generic placeholder image

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගැනීම ද වර්ජනය කිරීමට අද තීරණය කළා. ඒ, ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ අවස්ථාවේදීයි.පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ නම් එහි ආහාර ලබා නොගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු මෙහිදී තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර කියා සිටියේ.


Nov
27

සිරිසේන මහත්තයා හරි තීන්දුවක් ගත්තේ නැති නිසා රටම ඉවරයි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරි තීන්දුවක් නොගත් නිසා රටම විනාශ වී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. “අර්බුදය නම් කථාකරලා වැඩක් නෑ. සිරිසේන මහත්තයා ඉක්මනටම තීරණයක් ගන්න ඕන. සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕන.මගේ අදහස් මම […]


Nov
27

මම කවදාවත් අගමැති වෙන්න හිතලවත් නෑ

Generic placeholder image

තමන් කවදාවත් අගමැති වීම සඳහා අවධානය යොමුකර නොමැති බවත් ජනපතිවරයා තමා සම්බන්ධයෙන් කළ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් අද පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කතානායකවරයාට දන්වා සිටියා “ජනපතිතුමාව ඝතනය කිරීමට මම උත්සාහ කරන බව පවසනවා. මෙය බරපතල චෝදනාවක්. ඒ ගැන වහාම පරීකෂණයක් කළ යුතුයි. මම අගමැති කරන්නේ නෑ කියලයත් ජනපති කියලා තියෙනවා. මම කවදාවත් අගමැති වෙන්න […]


Nov
27

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තවත් පහළට

Generic placeholder image

එංගලන්ත කණ්ඩායම හමුවේ ලද ටෙස්ට් පරාජයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ එක් ස්ථානයක් පසුබැස තිබෙනවා. ඒ, අනුව තරගාවලිය ආරම්භවීමට පෙර 6 වන ස්ථානයේ පසුවූ ශී‍්‍ර ලංකා පිළට දැන් හිමිව ඇත්තේ එම සටහනේ 7 වන ස්ථානයයි.මෙම ටෙස්ට් තරගාවලිය 3/0ක් ලෙස ජයගත් එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා […]


Nov
27

පාර්ලිමේන්තුව ඇරඹේ ආණ්ඩු පක්ෂය අදත් සභාගර්භයට නොපැමිණේ

Generic placeholder image

මේ වන විට අද දිනයට නියමිත පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වී තිබෙනවා. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් තොරවයි. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සංකීරණයට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post