වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරන් හා මහේස්ත්‍රාත්වරුන් ඇතුළු 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා. ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ලබාදී තිබෙන්නේ.මෙම ස්ථානමාරුවීම් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇති අතර එම අභියාචනා දෙසැම්බර් 07 දා පෙර යොමුකළ යුතු වෙනවා.
ශ්රී ලංකා රේගුව විසින් ඉරාන ජාතිකයෙකු සන්තකයේ තිබූ රාජසන්තක කරන ලස ඩොලර් 53455ක මුදලක් නැවත ලබාදෙන ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයක් සහිත ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. පහතින් ඒ හුවමාරු වන ලිපිය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයද පැහැදිලි කිරිමක් නිකුත් කර තිබෙනවා. පහතින් එම ලිපිය
ලබන දෙසැම්බර් මස 04 වැනිදා විශේෂ සමුළුවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේ පැවැත්වෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා සිටියේ. විශේෂ සමුළුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමටත් […]
මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි පාසල් සැකකරුද අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.අද පෙරවරු 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.වයස අවුරුදු 17ක් වන මෙම සැකකරු ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති වල්ගම, මාතර […]
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස සිටීමට තිරණය කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් කතානායකවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ. වසන්ත සේනානායක වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ලබා ගත් අතර, ජාතික ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරනු ලැබුවා. ඔහු, සති කිහිපයක් තුළ අවස්ථා කිහිපයක්ම එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් සහයෝගය දක්වමින් […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලබා දී ඇත්තේ ජීවිත කාලයට නොවන බවත් ඔහුගේ නිල කාලය තවත් මාස 12කටත් වඩා අඩු කාලයකින් අවසන් වෙන බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා.එක්සත් ජාතික පක්ෂයේස සභාපති කබීර් හෂීම් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යහපාලන රජය සමයේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා සෙවීමට ජනපතිවරයා පත්කරීමට යන කොමිසම පිළිගන්නා බවයි. එසේම එම […]
වෛද්‍ය පාලිත අබේකෝන් වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසිනුයි මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ. මෙම පත්වීම වසර 05කට බලපැවැත්වෙන ලෙස සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක මශ්රෆි මෝටාසා බංග්ලාදේශයේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබෙනවා. බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර් 30 දා පැවැත්වීමට නියමිතය. 2019 වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවට මෝටාසා දැනටමත් ප්‍රකාශ කර තිබේ. සිය තීරණය පිළිබඳව ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වන මොටාසා පවසන්නේ “ මම […]
ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමින්. ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණයි. මෙම ටෙස්ට් […]
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාද වන ජාතික ඉතිරි කිරීමේ බැංකවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන ප්‍රදීප් කාරියවසම් මහතාට වසර පහකර සිර දඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය. එසේම චූදිතයාට රුපියල් ලක්ෂ 3ක දඬයක් නියම ළ අතර එය නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද පනවන ලදී. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ […]
තම ටිවිටර් ගිණුම යම්කිසි පාර්ශ්වයක් විසින් හැක් කළ බව හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් තම ගිණුම දැන් ආරක්ෂා සහිත බවත් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් තම සේවය අඛණ්ඩව කරන්න බවත් ඔහු පවසයි.
අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ කාලය තුළ අනුගමනය කළ යුතු නියෝග පිළිබඳව නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වෙයි.