News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

අනේ මටත් කෝටි 50 ක් දෙන්න – පින් සිදුවන්නේ අනේ ජනපතිතුමනි | සුනිල් පෙරේරා ප්‍රසිද්ධියේ ගායනා කළ ගීතයේ වීඩියෝව

Generic placeholder image

රාජකීය විද්‍යාලයේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් ගායන ශිල්පී සුනිල් පෙරේරා විසින් ”පින් සිදු වන්නේ අනේ බාල ලමුන්නේ” යන ප්‍රසිද්ධ ගීතයේ තාලයට වචන වෙනස් කරමින් ගීතයක් ගායනා කර තිබෙනවා. එය ආරම්භ වූවේ පින් සිදු වන්නේ අනේ ජනපතිතුමනි යනුවෙනි.ඊට වීඩියෝව පහතින් දැක ගත හැකියි. https://youtu.be/65Q-jpDnJv4


Nov
18

අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රකාශය වැරදියි

Generic placeholder image

අග්‍රාමාත්‍යවරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් යෝජනාවක් ගෙන ආ යුතු පියවර සඳහන් ලිපිය නිවැරදි නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.


Nov
18

කරුණු 05ක් එක්ක ජවිපෙ ජනපතිට ලිපියක් යවයි

Generic placeholder image

අද (18) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුවට සහභාගි නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවා. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ දැනුම් දී තිබෙන අතර ඊට හේතු වූ කරුණු 5 ක් ද එම ලිපියේ දක්වා තිබෙනවා.එම ලිපිය පහතින් දැක ගත හැකියි.  


Nov
18

මෑත ඉතිහාසයේ ඇල්ලූ විශාලම දුම්වැටි තොගය මෙන්න (PHOTO)

Generic placeholder image

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (18) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසනවා. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ මෑත ඉතිහාසයේ සිදු […]


Nov
18

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාරයක් නරඹා අවබෝධයක් ලබා ගන්නැයි යොවුන් පාර්ලිමෙන්තුවෙන් ආරාධනා

Generic placeholder image

මේ වන විට රටේ පවතින තත්ත්වය නිසා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාරයක් නරඹා අවබෝධයක් ලබා ගන්නා ලෙස යොවුන් පාර්ලිමෙන්තුව සඳහන් කරයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.


Nov
18

සර්ව පාක්ෂික සමුළුවට එන්නෙ නෑ | කථානායක

Generic placeholder image

අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක සමුළුවට එක්නොවන බව කථානයාක කරු ජයසූරිය මහතා සඳහන් කරනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම සඳහා අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණද අදාළ හමුව සඳහා එක්නොවන බව දන්වා තිබෙනවා.


Nov
18

රනිල් – මෛත්‍රි අද තනිව හමුවෙයි ?

Generic placeholder image

අද (18)එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර වෙනම හමුවක්  සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පවසනවා. අද පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුව පිළිබද අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා. “ගිය සතියේ එතුමාගේ උපදෙස් අනුව තමයි අපි සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කළේ. එතුමා පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව මත සිට […]


Nov
18

අබ්දුල් රහුමාන් මිලියන 25ක කුඩු සමග අත්අඩංගුවට

Generic placeholder image

අවුරුදු 33ක් වයසැති මොහොමඩ් මොහිදීන් අබ්දුල් රහුමාන් නැමැති සැකකරුවෙක් රුපියල් මිලියන 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (17දා) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සුඛෝපභොගී මෝටර් රථයකින් ගමන් කරන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Nov
18

එජාපය විශේෂ සාකච්ඡාවකට සැරසෙයි

Generic placeholder image

හෙට (19) දිනයේ පාර්ලිමේතුව රැස්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු 7 ට එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කරන්නේ. එසේම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුව රැස්වන ආකාරය පිළිබදව සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.


Nov
18

ෆේස්බුක් අක්‍රීය වෙයි

Generic placeholder image

ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය මීට සුළු මොහොතකට පෙර අක්‍රීය වී තිබුණා. ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ ඡායාරූප , පෝස්ට් ආදිය පෙන්වන නිව්ස් ෆීඩ් තීරුව තුළ මේ වන විට කිසිවක් දර්ශනය වන අතර Something went wrong යනුවෙන් එහි සටහනක් පල වී තිබුණා. කෙසේ වෙතත් මෙම තත්ත්වය නැවත යතා තත්ත්වයට පත් වී තිබෙනවා.


Nov
18

ජනපතිගේ කැඳවීමට ජවිපෙ බෑ කියයි

Generic placeholder image

ද පස්වරු 5ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනවා. පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට නියමිතව තිබෙනවා.


Nov
18

ශ්‍රී ලංකාව පරදවමින් එංගලන්තය ජය ගනී

Generic placeholder image

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය මේ වන විට එංගලන්ත කණ්ඩායමට හිමි වුණා. ඒ ලකුණු 57ක ජයක් ලෙසයි. අද (18) අවසන් දිනයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක් දැවී ලබා ගත්තේ ලකුණු 243ක් පමණයි


News Articles
Latest Videos
Most Popular Post