පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් දෙසැම්බර් මස 07 වෙනිදා දක්වා නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිනි. අඛණ්ඩව දින දෙකක් පෙත්සම් විභාග කිරිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ […]
ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අධිකරණ සංකීර්ණය තුළට කැඳවා තිබේ. පාර්ලිමේන්තු විසුරුවා හැරීමට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් හි තීන්දුව තවත් සුළු මොහෙතකින් ලබාදීමට නියමිතය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය. ඒ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කල් දමා තිබේ. ඒ අනුව පෙත්සම්කරුවන් සඳහන් කළ පරිදි මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදෙනවාද නැත්ද යන්න පිළිබඳව පස්වරු 5.00 ප්‍රකාශ වීමට නියමිතය.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබෙනවා. පසුගිය වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටී.10 ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ සිදුවීම් හේතුවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා ගොනුකර තිබෙනවා. තරග පාවාදීම් වෙනුවෙන් උත්සාහ කරන පාර්ශ්වයක කොටස්කරුවෙක් වීම, තරග පාවාදීම් හෙළි නොකිරීම හා ක්‍රීඩකයෙකුට […]
උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සෂිහරන් ඊයේ (12) සවස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායක එස්.තමිල් සෙල්වම්ගේ බිරිඳ හමුවී ඇයට දේශපාලනයේ නිරත වීමට ආරාධනය කොට තිබෙනවා. මෙම හමුව සිදුව ඇත්තේ කිළිනොච්චියේ අලුතින් ඉදිවන නිවාස සංකීර්ණයක කටයුතු සොයා බැලීම සදහා ආනන්දි සෂිහරන් ගිය අවස්ථාවේදීයි. තමන් විසින් දෙමළ ඊළාම් ස්වයං පාලන පක්ෂය නමින් පිහිටුවා ගෙන ඇති […]
ප්‍රජාතත්ත්‍රවාදි විරෝධි ලෙස පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තිරණයට විරෝධය පල කරමින් දකුණු පළාත් සභාවේ විපක්ෂනායක තෙන්නකොන් නිලමේ ඇතුළු එජාප මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ පළාත් සභාව ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වුහ. කළුපටි පැලද පැමිණි විපක්ෂනායකවරයා ඇතුළු එජාප මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දැඩි විරෝධය පලකරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හිස නමනු, ප්‍රජාතන්ත්‍රවාදය […]
මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි. ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතුව තිබුණ බව ඔහු සඳහන් කළේය. සිය […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මුස්ලිම් කොංග්‍රසය අතර සාකච්ඡාවක් අද (13) පැවැත්වීමට නියමිතයි. මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ සිටින සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු එක්වන අතර එහිදී ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙන බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මාධ්‍යය කළ විමසීමකදී කියා සිටියේ.