මෙවර මැතිවරණයේදී ප්‍රධාන සන්ධාන දෙකට එකතුවී උතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳවඑම පක්ෂවල අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් උතුරේ ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් අයිතිවාසිකම් දිනාගැනීම සිදුකළ නොහැකි වීම නිසා මෙලෙස ප්‍රධාන පක්ෂ දෙකට එකතුවීම පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමුකර තිබෙනවා. දැනටමත් ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස් දේවානන්දා මහතා මෛත්‍රී- […]
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. අද දිනයේදී ඔහු සිය ඉල්ලා අස්වීම් භාර දී තිබෙන බව වාර්තා වුණා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වූ මනෝ තිත්තවැල්ල මහතාද පසුගිය 30 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මාස 6කට ආසන්න කාලයක් […]
ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු මේ වන විට සුළු වේලාවක් සඳහා කල්තබා තිබෙනවා. ඒ අනුව විනාඩි 15ක් සඳහා මෙලෙස එහි කටයුතු කල් තැබුණු බවයි වාර්තා වුණේ. ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද (13) යළි විභාගය මෙහිදී සිදු වුණා.
යක්කල වික‍්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයීය සිසු, සිසුවියන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එක්ව එම ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයේ හා කැලණිය විශ්වවිද්‍යාලයේ අර්බුද ගණනාවක් මුල්කර ගනිමින් ඊයේ (12 දා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇති බව වාර්තාවෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් සඳහා නීතිපතිවරයාගේ මතය ප්‍රකාශ කරමින් ඔහු මේ බව සඳහන් කර කළේය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විදුරුවා හැරීමට […]
අගමැති මහින්ද රාජපක්ස මහතා හා සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (12දා) මෙම හමුව පත්වා ඇති අතර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද මෙම හමුවට එක්ව තිබේ. මෙහිදී මුස්ලිම් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්චා පැවැත්වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද (13) යළි දෙවන දින විභාගය ආරම්භ වී තිබෙනවා
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීරණයට සහය පළකරමින් මහාචාර්ය ජී එල් පීරිස්, ඇමති වාසුදේව ඇතුළු 5 දෙනෙකු අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ 29 වන ඉල්මහ විරු සමරුව අද කොළඹදී පැවැත්වෙනවා. මෙය පස්වරු 3.30 කොළඹ විහාර මහා දේවී එලිමහන් රංග පීඨයේදී එය ආරම්භ වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂය ලබාදෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මාධ්‍ය අමතමිනුයි ඔහු මේ බව සඳහන් කළේය. ”අපේ ප්‍රාර්ථනාව සර්ව සාධාරණත්වයක් ඉටුවෙයි කියලා. නීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නීත්‍යානුකූල මැතිවරණවලට අපි කිසිසේතම බය නෑ” මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබපු දවසේ ඉදලා මම ඕනම දේකට ලෑස්තියි. […]
ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අනාවරණයක් සිදුකල දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කල බවට තොරතුරු වාර්තා වනවා.කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදීම ඔහු තමන් මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහයෝගය දක්වන බවට ප්‍රකාශ නිකුත් කර තිබුණා.