පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම අද දවසෙදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිද්ද උනා. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කර තිබුණා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ මේ නඩුව හෙට උදෑසන 10 දක්වා කල්දමා ඇති බවයි සියත 24 අධිකරණ වාර්තාකරුවන් වාර්තාකර සිටියේ.
https://youtu.be/O92f0A1AHw0
ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ නීතිය මේ වනවිට දැඩි අස්ථාවරතත්වයට පත්වී ඇතැයි පවසමින් විරෝධතාවයක් අද (11) ලිබර්ටි වටරවුමේ දී පැවැත්විණි. “ලක්බිමේ දියණියෝ” කාන්තා සංවිධානයක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කෙරිණි.
මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රාගාමී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරුවේදී පේරාදෙණිය හංදියට ආසන්නයේදී තරුණිය දුම්රියට පැන දිවි නසාගැනිමට කටයුතු කළාය. මෘත ශරීරය එම දුම්රියෙන්ම පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයට රැගෙන ඒමට කටයුතු කළේය.
මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිරියන සමේ රොගයක් පවතින බවත් සමේ සුව නොවන තුවාලයක් පැවතුනහොත් සුදුසුකම් ලත්වෛද්‍ය වරයෙකුගෙන් ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය ජනතාව වෙත පවසයි. ලිෂ්මානියස් නමින් හදුන්වන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝවන අතර මෙම මැස්සා දෂ්ට කල පසු සමේ රතුපාට පැල්ලමක් මතුවි එම ස්ථානය කැසිමට ලක් […]
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කෙරිණි. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරිම අාරම්භ වී තිබේ.
පසුගිය සමයේ වී ගබඩාවක් ලෙස භාවිතා කළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය කරමින් නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් අරඹා තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණින් ශ්‍රී ලංකාව සතුවූ විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වී ගබඩා කර තැබීමට පසුගිය කාලයේ කටයුතු කර තිබුනා. මීට අමතරව මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණා දැමීමෙ […]
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නුදුරු දිනකදීම එළිදක්වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. පුළුල් ජාතික සන්ධානයක් ලෙස මෙම මැතිවරණයට තරග කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කොළඹ දී මීට නොබෝ වේලාවකට පෙර අවසන් වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බව වාර්තා වෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මේ බව සඳහන් කළා.
කුලියාපිටිය මීගහකොටුව ප‍්‍රදේශයේ ඊයේ (11) රාත‍්‍රියේ සිදු කළ වැටලීමක දී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්. හෙරොයින් ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් ළග තබාගෙන සිටි සැකකරුවන් තුන් දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැණුනා. එක් සැකකරුවෙකු පලා යාමට උත්සහ දරා ඇති අතර නිලධාරීන් වෙඩි තැබීම සිදු […]
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්, සම සංවිධායකවරුන් සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් විශේෂ රැස්වීමක් සඳහා කොළඹට කැඳවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම කැඳවීම සිදු කර ඇති බවයි. මෙම තීරණාත්මක අවස්ථාවේදී හිටපු ජනාධිපති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප‍්‍රබලයින් ගණනාවක් ශ‍්‍රී ලංකා […]
ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස, නම් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එහි සභාපති, හිටපු මන්ත‍්‍රී කබීර් හෂීම් පවසා සිටිනවා. කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ‘‘සජිත් අගමැති – රනිල් ජනපති’’ යන තේමාව යටතේ ඉදිරි මැතිවරණයට මුහුණ දීම සඳහා […]